බාහුවේ බුදු හිමියන්ගේ පච්චයක් කොටාගෙන ලංඩන් සිට පැමිණි බ්‍රිරිතාන්‍ය ජාතිකයකු කටුනායකදී ආපසු හරවා යැවිණි.
ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උපදෙස් අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධරයෝ මේ පියවර ගත්හ.
මෙම සංචාරකයාගේ බාහුවේ තිබූ පච්චය පිළිබඳ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහතා විසින් ඔහුගෙන් විමසූ විට බුද්ධාගමට නිග‍්‍රහ වන ලෙස ඔහු කතා කර ඇත.
රටට ඇතුළු වූ පසුවද එවැනි කතා මුවින් පිටවුවහොත් ඔහුට අනතුරක් විය හැකි බැවින් චූලානන්ද පෙරේරා මහතාට මේ බව දැන්වීමට පියවර ගෙන ඇත.
ශ‍්‍රී ලංකාව තුළ සියළු ආගමික නායකයින්ට සමානව ගෞරව කරන බැවික් බ‍්‍රිතාන්‍ය ජාතිකයාට රටට ඇතුළුවීම ප‍්‍රතික්ෂේප කොට ආපසු හරවා යැවූ බව චූලානන්ද පෙරේරා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිළධාරී මහත්වරුන්ට මාගේ ප්‍රණාමය! (නි)
චූලානන්ද මහතාට ජාතියේ ප්‍රණාමය.. (ස)
චතූ, ඒ හොංකොං. මේක ලංකාව. (නි)
මම ඹබට ආචාර කරමි. මම කතෝලික වුවත් ඔබ කළ දෙය අගය කරමි. අපේ රටෙහි සංස්කෘතිය අගය කරමි. ආඩම්බරයි.(නදී)
මේක හොඳ වැඩක්. ලංකාව යනු බුදුන්වහන්සේ තුන් වරක් වැඩම කරපු රටක්. ඒක අමතක කරන්න හොඳ නෑ අපි මොන ආගමේ සිටියත්. අපිත් හොඳ වැදගත් ඉතිහාසයක් තියෙන රටක් නිසා.. (ස)
මේක ඉතාම හොද වැඩක්. (නි)
මෙහි ඇතැම් අන්යාගමිකයන්ද සංඝයා වහන්සේලාට නිගා කිරීමේ අරමුණින් කොමෙන්ටු පළකරනා බැවින් ඔවුන්ගේ කොමෙන්ටු පල කිරීමේදී වඩා විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටිමි. උදා. පූජ්‍ය කේ හේමසිරි. මෙවැනි නම් සංඝයා වහන්සේලා භාවිතා නොකරයි.(නදී)
අපිට බැරිද මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න (දී)
එයා ඇත්තටම බෞද්ධ වීරෝධී වෙන්න ඇති. (නි)
ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට බොහෝම ස්තුතියි ගත් පියවර පිලිබදව.ඒ වගේම මෙවැනි අය අරාබි රටකට ඇවිත් ඔවුන්ගේ ආගමට නිග‍්‍රහ වන ලෙස හැසිරුනානම්...බලන්න තිබුණා..(නු)
මේ සුද්දට ආපහු යන්න වෙලා තියෙන්නෙ කට නිසා කියල දැක්කෙ නැද්ද?මෙහෙමෙ ආපු සුද්දියෙකුත් අහු උනා....ඒත් එයා ඒක පිලි ගත්තා. මේ සුද්දාගෙ අදහසත් බුදු දහමට අපහාස කිරීම නිසයි යන්න වෙලා තිබුණේ. මේක ලංකාවෙ ඉන්න කලු සුද්දන්ටත් පාඩමක්. (ස)
ඉතාමත් ප්‍රශංශනීය ක්‍රියාවක් තමයි නිළධාරී මහතා කරලා තියෙන්නේ. (නි)
ඔහුව හිරේ නොදැම්මේ ඇයි? (නි)
මම අකමැති දෙයක් , ආසනැති දෙයක්, මගේ හිතට කිට්ටු නැති දෙයක් මම කවදාවත් පච්චයක් විදියට මගේ ඇගේ කොටාගනීද? කවදාවත් නැහැ නේද? (නි)
දැන් මේ වගේ දෙයක් අරාබියෙ වුණා නම් අත කපලා තමා යවන්නේ. එහෙම නැත්තම් බෙල්ල කපලා. (නි)
කළ කාර්යය විශිෂ්ටයි. (නි)
හොද ආදර්ශයක්. රටට අවශ්‍ය මෙවැනි නිළධාරීන්. හරිම ආඩම්බරයි. (නි)
ලංකාවේ තියෙන්නේ කවුරු හදපු නීතිද ? (ස)
පච්ච යනු කලාත්මක අංගයකි. ඉන් දහමකට නිගා කළ නොහැක. (නි)
දක්ෂ නිළධාරියෙක්. (නි)
මෙම ක්‍රියාව කළ එඩිතර නිළධාරීන්ට අපගේ ගෞරවය! (නි)
ඒ පච්චය වහාම ඉවත් කරවන්න (දී)
චූලානන්ද මහතානෙනි, මගේ හදබැති ප්‍රණාමය ඔබට! ඔබ වැනි නිළධාරින් තමා රටට අවශ්‍ය. මම ක්‍රිස්තු භක්තිකයෙක් වුණත් මට ඔබ ගැන ආඩම්බරයි. (නි)
කොහොමද ඒක බුදුරුවක පචචයක් කියලා ඔප්පු කළේ? (නි)
බුදු දහමට නිගා කරන්න එපා මනුස්සයෝ (දී)
ඔබතුමා ගත් තීරණය හරි.අපෙන් තුති. (නි)
මට නම් හිතා ගන්න බැහැ බුදු රුවක පච්චයක් මිනිහෙකුගේ අතේ තිබුණා කියලා ඒක බුදු දහමට නිග‍්‍රහ වෙන්නේ කොහොමද කියලා. සමහරු තමන්ගේ අම්මගේ රුපයක් පච්ච කොටගෙන ඉන්නවා. ඒක අම්මට නිගරුවක්ද? (නි)
ලුමිණි, ඔයාගේ ආගමේ නායකයාගේ පච්චයක් කොටාගෙන හිටියොත් ඔබට රිදෙන්නේ නැද්ද? (අ)
හොද වැඩේ පිටමං කළ එක නම්. (නි)
හිතන්න ඇති එන්ගලන්තයේ නිසා අපි බයවෙයි කියලා. (නි)
කොල්ලෝ ටිකක් දම්මලා මතක හිටින පාඩමක් උගන්වන්නයි තිබුණේ. (නි)
පෙරේරා මහත්තයාට ස්තූතියි. ලුම්බිණි ගැන නම් කතා කරලා වැඩක් නැහැ. (නි)
බොදු බල සේනාවට අහවුණා නම්?? (නි)
සමන්, බුදු රුව හදුනන්නෙ නැති ලාංකිකයෙක් ඉන්න පුලුවන්ද? (නි)
හිතා ගන්න බැරි විදිහේ දඩයක් ගහන්න , ගෙවා ගන්න බැරි උනාම හිරේ දාන්න (දී)
අති විශිෂ්ටයි චූලානන්ද මහත්මයාණනි. මෙය ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක් අනිත් ලාංකිකයන්ටත්. ඩොලර් හෝ පවුම් හෝ විදේශීය විණිමය යන වචන වලට වහල් වන අයට හොඳ කනේ පාරක්. අපට කොච්චර ධනය, වස්තුව ලැබුනත් වැඩක් නැත. අප යනකොට රැගෙන යන්නේ තමන් කළ යහපත් දේවල් වල ආනිසංසය... (නි)
ලුම්බිණි, පච්ච ඇගේ කොටා ගත්තු අයට චරිත සහතික දෙන්න ඔයාටවත්, ඔයාගේ අල්ලාටවත් බැහැ. (නි)
සමහර රටවල නම් ආගමන විමන වෙබ් අඩවියේ මෙන්ම විසා ඉල්ලුම් කිරීමේදී ඒ රටේදී කළ හැකි නොකළ හැකි දේ ගැන දැනුවත් කරනවා. එහෙම මුලින් දැනුවත් කිරීමක් කළ යුතුයි. එතකොට ඒ රටට ඇතුළත් වන අය එහිදී හැසිරෙන විදිහ සුදුසු නුසුදුසු දේ දැනගෙන එන්නේ. මොකද මිනිසුන් හැමෝම එක විදිහට හිතන්නේ නැහැනේ. එයාලා වරදක් නොවේ කියලා හිතලා කරන දේ, අපේ රටේ හැටියට වරදක් වෙන්න පුළුවන්නේ. (නි)
පච්චය මැකෙන්න මුළු අතේම කළු කොටුවක් අදින්න ඕනේ (දී)
මමත් ලුම්බිණිගේ අදහසට එකගයි. (නි)
ෂරියා නීතිය තමා දෙන්න ඕනෑ. (නි)
හොද වැඩක්. හැබැයි මෙම ප්‍රතිපත්තිය සෑම ආගම් වලටම පොදුවිය යුතුයි. (නි)
අනේ! එයා තලෙයිබාන් කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
එතුමා ගත් තීරණය ගොඩක් හොදයි.(නදී)
මේක නම් එච්චර නුවණක්කාර වැඩක් නෙමෙයි. (නි)
ඔවුන් ඒ දේවල් කරන්නේ ඒ ශාස්තෘවරුන්ට ඇති ගෞරවය නිසයි. (නි)
ශ්රී ලංකාවේ දේශපාලනයට සුදුසු වන්නේ චූලානන්ද මහත්මයා වැනි අභිමානවත්,එඩිතර අයයි. කොන්ද පණ ඇති නිළධාරීන් අප රටේ සිටීම ගැන ඇත්තටම සතුටුයි. චූලානන්ද මහතා ඇතුළු නිළධාරී මහත්වරුන්ට මාගේ ප්‍රණාමය. (නි)
ආදර්ශවත් නිළධාරියෙක්. (නි)
මේ පුවතට මොනව කියන්නද කියල දෙයියො තාමා දන්නෙ. මොනව උනත් අන්තිමෙ ලෝකෙට ප්‍රචාරෙ යන්නෙ අතේ පච්චයක් කොටාගෙන හිටිය කියල මිනිහෙක්ව රටින් පිටුවහල් කරපු මහ පසුගාමි රටක් විදිහට තාමා. ඔච්චර තදින් නීතිය ක්‍රියාත්මක වෙන රටක් නම් ඉතිං ගහල පන්නන ඕන අය කීදෙනෙක් නම ඉන්නවද. විහිළුවක් තමයි . (ස)
මේවා බුදු දහමට නිගා වෙන වැඩ (දී)
කරපු වැඩේ හරියටම හරි. (නි)
චූලානන්ද මහත්මයා... අපි ඔබ ගත් තීරණයට ආචාර කරනවා... ! (ස)
සෝම හිමිගේ කතාවට මම 100%ක්ම එකගයි. (නි)
ලොකු විනාශයකින් රට ජාතිය බේරගෙන. මේක අහල කුඩු ගේන ලොකු ලොක්කෝ, මුදලාලිලත් සෑහෙන්න බය බිරාන්ත වෙලාලු (ස)
රකිතවත් අන්න ඒ විදියටම රටින් පිටුවහල් කරන්න වටින කෙනෙක්. (නි)
පච්චයකින් මිනිහෙක් මනින එක නම් වැරදියි. (නි)
චූලානන්ද මහත්මයාටත් ලංකාදීපයටත් බොහොමත්ම ස්තූතියි. බොහොම එඩිතර වැඩක් (ස)
මෙන්න චූලා කන්ඩායමට අපේ ආචාරය. කොන්ද කෙලින්. තිතට වැඩ. ආඩම්බරයි! අභිමානයි.(නදී)
සුද්දා මේ වගේ වැඩ පටන්ගනිද්දී ලුම්බිණිලා වගේ අය තමයි ඒවා අනුගමනය කරන්නේ. (නි)
බුද්ධාගමට විනකරන්න බලාගෙන ඉන්න දේශපාලකයොත් අපි අතරම ඉන්නවා. (නි)
ඇත්ත හොඳ තීරණයක් , (ස)
මේ බ්‍රිතාන්‍ය ජාතිකයා කල වැරැද්ද මොනවද ? හොන්කොන් වල ඉන්න හැමෝම වගේ බුදු රුව පච්ච කොටලය් තියෙන්නේ. (අ)
බුදු දහමට නිගාව දැන්නම් අඩුයි (දී)
කටුනායකින් ගියාට මත්තලින් එයිද දන්නේ නෑ (අ)
මෙවැනි නිළධාරීන්ට මහජන උත්තමාචාරය! (නි)
නැවත පච්ච ගහන්න බැරි වෙන්න මොකාක් හරි දඩුවමක් දෙන්න (දී)
මෙයාව එලවල තියෙන්නේ පච්චේ නිසා නොවේ. ඔහුගෙන් ඒ ගැන අසු විට පිටවූ වදන් නිසාවෙනි. ඒ වගේ දෙයක් රට ඇතුලේ කිව්වා නම් ඔහුට පහර වදින්න තිබුණා. සමහර විට මැරෙන්න තිබුනා. එහෙම වුණා නම් මොකද වෙන්නේ ? බුදු රුවේ පච්ච කොට ගත් තායි, බුරුම හමුදුරුවරු , ගිහියෝ ඕන තරම් ඉන්නවා. (ස)
අපේ ආචාරය සර්! (නි)
මමත් දැකලා තියෙනවා විවිධ ආගමික නායකයින්ගේ පච්ච කෙටූ පුද්ගලයින්. ඔවුන් එහෙම කරන්නේ අගෞරවයකට නෙමෙයි. (නි)
චූඩාමාණ්‍ය ගළවපු අයත් නිදැල්ලේ සිටියදී මෙහෙම දේවල් විතරක් කරලා මදි. (නි)
නියමයි. සුද්දට වුණත් ඕනෑවට වැඩිය යාප්පු වෙන්න හොද නැහැ. (නි)
මේක ලොකු වරදක්ද? (නි)
චූලානන්ද මහතාට ජාතියේ ප්‍රණාමය! (නි)
දැන්වත් මේ රටේ මිනිස්සු තමුන්ගේ ආගමට ආදරේ කරන එක ගැන සතුටු වෙනවා (නි)
ඔබට මල් මිටක්! (නි)
මට නම් සුද්දා ගැන දුකයි. (නි)
අදාළ නිළධාරී මහතා ගැන ඉතාම සතුටුයි. (නි)
බොදු අයිතිය රැකගැනීම සදහා මීට වැඩි පියවරක් වුණත් ගැනීමට අපි පසුුබට නොවිය යුතුයි. (නි)
හරවලා යවපු එක හොඳයි (ස)
මේ මොන අපාරධයක්ද (දී)
ජර්මනියේ ඉන්න ගැහැණු ළමයිනුත් මේ වැඩේ කරනවා. හැබැයි එයාලගේ එම පච්ච කොටපු ස්ථාන පරීක්ෂාව නම් ටිකක් අමාරුයි. (නි)
බුදු දහමට කල නිගාවක් (දී)
ලංකාව සෞදි අරාබියට තව ටිකදුරයි. (ස)
ඉතාම හොද පියවරක්. (නි)
නියම වැඩක් කොන්ද කෙලින් තියෙන නිලධාරීන් .රටක් උනහම ඒවගේ ඒවගේ තමයි තමුන්ගේ තත්වය තියාගන්න ඕන (නු)
නිවැරදි තීරණයක් ස්තුතියි..!(නු)
මොනවාද මේ වැඩ (දී)
එඩිතර තීරණයක්. (නි)
කොහෙදිද කොටලා තියෙන්නේ (දී)
සංචාරකයොයි කියලා අපි අපේ ආගම, ජාතිය විකුණන්න අවශ්‍ය නැහැ. (නි)
ආගම් වලට නිගා කරන එක නවත්වන්න (දී)
මට තියෙන කේන්තියක් (දී)
නීතියක් ගෙන්න ඕනේ ආගම් වලට නිගා කරන අය ජීවිතාන්තය දක්වා සිරගෙට යවන (දී)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියල්ලන්ටම අපගේ ප්‍රණාමය! (නි)
මෙන්න මේවට නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ අකුරටම (දී)
සුද්දට යන්න වුණේ පච්චය නිසාද? කට නිසාද? (නි)
මකන්න බැරිද (දී)
අර්ථය නොදත් නාමිකව බෞද්ධයන් කියාගන්නා වු පිරිස දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට පටහැනි වු සහ අසම සමකල නොහැකි ශාරීරීක ලක්ෂණ විනාශ කරමින් නිර්මාණය වී ඇති බුදුරුව යයි සලකන්නා රූපයන් නිර්මාණ වීමේ ප්‍රථිපලයක් වශයෙන් විදේශිකයන් පවා ශරීරයට සලකුණු නොහොත් පච්ච ලකුණු යොදාගැනීමට මන්පැහැදු අය වෙන කවුරුවත් නොව බෞද්ධ යැයි කියාගන්නා පිරිසගේ නිර්මාණ ඔවුන්ටම පාරාවලල්ලක් ලෙස දැකීමට සිදුවී ඇත.දැන්වත් සත්‍යය වටහාගෙන ක්‍රියා කරන්නේ නම් මැනවි. (නි)
තථාගත වහන්ෙස්ට දෙතිස්මහ පුරැෂලක්ෂණ ඇතිබව පත පොතේ සදහන්ව තිබුබව අප දනිමු.ඒයට අපි ගෞරව කරන්නෙමු..ඒ ගෞරවය රදා පවතින්නේ එතුමාගේ දේශිත දේශනා අප ජීවිතයට උකහාගත්තොත් පමණකි.. මන්ද ආනන්ද තෙරුණුවන් වහන්සේ තතාගතයන් වහන්සේ පිරිණිවන් පෑමට ප්‍රථමයෙන් මෙසේ ප්‍රශ්ණ කරන ලදී.. තතාගතයන් වහන්ස ඔබ අපෙන් සමුගත් පසු අප කුමක් කරන්නේදැයි කියමින් ශෝක බරව හැඩු සේක.. එවිට තථාගතයන් වහන්සේ දුන් පිළිතුර වූයේ මාගේ ධර්මය ඔබගේ ඇදුරැතුමෙක් කරගන්න.. මේ වදන් පෙළ තුල ගැබ්වී ඇති අර්ථය නොදත් නාමික බෞද්ධයන් නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට පටහැනිවූ අසම ශාරීරික ලක්ෂණ විනාශ කරමින් නිර්මාණය වී ඇති බුදුරුව යැයි කියාගන්නා රෑපයක් නිසා නිර්මාණ්‍ය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් විදේශිකයන් පවා ශරීරයට සළකුණු නොහොත් පච්ච යොදා ගැනීමට මන්පැහැදූ අය වෙන කවුරුත්ම නොව බෞද්ධ යැයි කියාගන්නා පිරිසගේම නිර්මාණය ඔවුන්ටම පාරා වලල්ලක් ලෙස දැකීමට සිදුවී ඇත. දැන්වත් සත්‍යය වටහා ගෙන ක්‍රියා කරන්නේ නම් මැනවි..!(නු)
හිතේ ඇති හරි ලොකු දෙයක් කියලා (දී)
මමනම් කියන්නේ කුඩු කරන්න (දී)
සල්ලි වලට වැඩියෙන් වටින්නේ ආත්ම ගෞරවයයි. (නි)
චූලානන්ද මහතාට උපහාරයයි(නු)
බුදු දහමට කල නිගාවක් (දී)
ආපහු යවලා තියෙන්නේ බුදුදහමට අගෞරව වෙයි කියන එකට වඩා අපි මෙයාට අල්ලං ගහයි කියලා.. (නු)
යුරෝපා ජාතීන් සම්පූර්ණ නිදහසේ ජීවත් වන කොටසක්. අපට වුනත් තේරෙනවා නිදහස මොකක් ද කියලා. (ස)
මේ වගේ තමයි ඉන්න ඕන එන්න දෙන්න එපා.!(නු)
නිතිය තමයි තියෙන්නේ මේවට ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)
එන්න දෙන්න එපා අපේ රටට..!(නු)
ලෝකෙන් පච්ච නැති කරන්න ඕනේ (දී)
බොහොම හොඳයි (ස)
දෙයියෝ සක්කි, මොන අපාරධයක්ද ඒ (දී)
කොන්ද පණ ඇති නිළධාරීන් අප රටේ සිටීම ගැන ඇත්තටම සතුටුයි. (නි)
සෝම හිමි නමින් ලියන අයගේ ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේට එතුමා යනුවෙන් සඳහන් කර ඇත. මෙයින් තේරෙන්නේ මොහු බෞද්ධයෙක් නොවන බවයි . (නි)
එන්ගලන්තයේ තියෙන්නේ එයාලම හදාගත්ත නීති. (නි)
අගය කළයුතු තීරණයක්. (නි)
අපිට ලොකු ශක්තියක්, සිංහල බෞද්ධයන්ට ඇත්තෙන්ම සතුටක් (ස)
මේවාට නීතියෙන් වැඩ කටයුතු කරන්න ඕනේ (දී)
මේක අනෙක් සංචාරකයින්ටත් හොද පාඩමක්. (නි)
අන්තෝනි මොකද්ද ඔයාගේ කතාව (ස)