මුළු ශ්‍රී ලංකාවම අලුත් අවුරුදු අසිරියෙන් අසිරිමත්වන ලබන ඉරිදා රාත්‍රී හත හමාරට ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපළේ උතුරු ගුවන් පථයෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමට අයත් බොයින් 777-200 වර්ගයේ අති සුඛෝපභෝගී ගුවන්යානයක් හෝරා දොළහහමාරක දිගු ගමනක් සඳහා ගුවන් ගත කැරෙයි. බීඒ 2043 දරන මෙම ගුවන් යානයේමගීහූ280 දෙදෙනෙක් ද නියමුවෝ දෙදෙනෙක් ගුවන් සේවක සේවිකාවෝ12 දෙනෙක්ගමන් කරති. ඒ අතරේ ලොව විශාලතම ගුවන් සමාගමක් වන බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සභාපතිකීත් විලියම්ස් සමඟ ප්‍රධාන නිලධරයෝ පස්දෙනෙක් ද සිටිති.
අප්‍රේල් 15 වැනි සඳුදා දහවල් දොළහ හමාරට මෙම ඓතිහාසික ගුවන් ගමනෙහි අවසානය උත්සවාකාරයෙන් සමරයි. මඟුල් බෙර, ජයඝෝෂා මැද්දේ යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ගුවන් පථය වෙත ගොඩබානු ඇත.
අවුරුදු15ක දිගු නිහැඬියාවකින් පසුව ලන්ඩන් නුවරත් කොළඹත් ගුවනින් යාකරමින්බ්‍රිතාන්‍ය ගුවන්සේවය නැවත වතාවක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමසනිටුහන් කෙරෙන එම මංගල ගුවන් යානයේනියමුවා ගමන් පැදවීම පිලිබඳ අවූරුදු දහසයක දීර්ඝ මෙන්ම පරිණත පළපුරුද්දක් ලබා සිටින බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ජේෂ්ඨ ගුවන් නියමු කපිතාන් කිරන් ගලහිටියාව මැදිවක ය.
තමන් සේවය කරන ගුවන් සමාගමේ යානා පියාසරන ලෝක ගෝලයේ අස්සක් මුල්ලක් නෑර හැම දිග්බාගයකටම ගුවන්යානා පදවා ඇති නමුත් තමන්ගේම රටට ගුවන්යානයක් ගෙනඒමට ලැබීම දිගුකලක්තිස්සේ තම සිතේ තිබු සිහිනය සැබෑවීමක් බව කිරාන් මැදිවක පැවසීය. මේ පිළිබඳව තමන්ට ඇත්තේ "වචනයෙන් කියා නිමකළ නොහැකි සතුටක් සහ ආඩම්බරයක්" බවද ඔහු කියයි.
මනුවර කටුගස්තොට නිස්සංක මැදිවක සහ අයිරාංගනී මැදිවක යුවළගේ දෙවැනි දරුවා වන කිරන් මැදිවක ඉපදුනෙත් හැදී වැඩුණේත් ලන්ඩන් නුවරය. ඔහුගේ දෙමාපියන් ලන්ඩනයේ ස්ථිර පදිංචියට පැමිණියේ 1970 දීය.
ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික ආගමික සහ සංස්කෘතික වැඩ කටයුතු සඳහා මුලසිටම සහභාගීවෙමින් සුවිශේෂී සේවාවක් ඉටුකළ මැදිවක යුවළ කාගේත් සිත් දිනාගත් කාටත් උදව් උපකාර කිරීම සඳහා නිරායාශයෙන්ම ඉදිරිපත්වන ගුණ ගරුක ආදර්ශමත් අය වෙති.
ලන්ඩන් නුවර මුල්ම වතාවට සිංහල භාෂාව ඉගැන්වීමේ පංතියක් ආරම්භකරන ලද්දේද අයිරාංගනී මැදිවක ය.
තම මව්බිමෙන්බැහැර ජීවත් වුවද තමන් හදා වඩා දැඩි මහත්කල ශ්‍රී ලංකාව කිසිදිනෙක අමතකනොකළ මැදිවක යුවළ තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කිසිදාකත් අමතක කළ අයනොවෙති.
අසුවේදශකයේ සිට මේදක්වාම උතුරු පළාතේ වනගත පෙදෙස්වල අතිමහත් දුෂ්කරතා මැද්දේජීවත්වන සිංහල ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඔවුන් විසින් පවත්වාගෙනයනු ලබන 'බෞද්ධ ගම්මාන අරමුදල" ඔවුන්ගේ සමාජ සත්කාරය මෙයට හොඳම උදාහරණයකි.
උතුරුපළාතේ යුදමය වාතාවරණයක් පැවතී කාලයේ පවා නිතර දෙවේලේ එම පලාත්වල ඇති සිංහලගම්මානවලට යමින් එමින් එහි ජීවත්වන වැසියන්ගේ අවශ්‍යතා සපයාදීමටසහ ඇප උපකාරවීමට ඔවුන් විසින් නොකඩවාම කටයුතු කර ඇත.
මෙමකටයුතු වලදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙන්ම අත්තිඩියේ සහනෝදය පදනමේ හපුතලේ පඥාරාම හිමියන්ගෙන් සහ ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් විශාල උදව්උපකාර ලැබී ඇත.
නිශ්ශංක මැදිවක මහතා මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වුවද එම සුභසාධක කටයුතු මැදිවක මහත්මිය අඩුපාඩුවක්නොමැතිව පවත්වාගෙන යනු ලබයි.
මැදිවක යුවළගේ දරුවන් දෙදෙනා කිරාන් සහ රප්ති වෙති. කිරාන් මැදිවක බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යෙෂ්ඨ ගුවන් නියමුවෙකු වශයෙන්රැකියාව කරයි. ඔවුන්ගේ දියණිය රප්ති මැදිවක විශේෂඥ වෛද්‍යවරියකි.
කිරාන්කුඩාකල සිටම ගුවන් යානා පිළිබඳව ඉමහත් ඇල්මක් සහ උනන්දුවක් පෙන්වුබවත් ඒපිලිබඳ පොත්පත් සහ සඟරා ඉමහත් උනන්දුවකින් පරිශීලනය කළබවත් ඔහුගේ මවකියන්නීය.
ලන්ඩන් නුවර ඉහලම පෞද්ගලික පාසලක අධ්‍යාපනය හැදෑරු කිරාන් උසස්පෙළ සඳහා තාක්ෂණ විද්‍යාව විෂය යටතේ ඉදිරිපත්කළ නව සංකල්පයක් ඉතා ඉහළ ඇගයුමකට ලක්විය. එමගින් ඔහු හඳුන්වා දුන්නේ ගුවන්යානාවක ආසන නිර්මාණය කිරීම පිලිබඳ නව සංකල්පයකි. ඔහුගේ මෙම අදහස පිළිබඳවඑදා ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ ඡායාරුපයක්ද සමග විස්තර වාර්තාවක් පළවිය.
මෙම වාර්තාව දුටු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම වෙනත් ප්‍රබල සමාගම් කිහිපයකින්ම කිරන් වෙත උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කලද ඔහු එය භාරගැනීමට මැළි කළේය. ඔහුගේ බලාපොරොත්තුව වුයේ ගුවන්ගමන් තාක්ෂණය පිළිබඳව ඉහළටම හැදාරා ගුවන් නියමුවෙකු ලෙස සුදුසුකම් ලබාගනීමත්ය.
පාසල් අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළුවූ කිරන් ගුවන් ගමන් ඉංජීනේරු විද්‍යාව පිලිබඳ උපාධියක් ලබාගත්තේය. ඔහු ගුවන් යානා පැදවීම උගත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ඩෙල්ටා ගුවන් සමාගමේ විද්‍යා පීඨයෙනි.
එහිදී මුලිකපුහුණුවීම් ඉහළින්ම සමත්වීමට කිරන්ට හැකිවිය. පසුව ඔහු ඇමෙරිකානු ගුවන්සමාගමක ගුවන් නියමුවකු ලෙස පුහුණුවීම් සිදුකරමින් අවශ්‍ය ගුවන් ගමන්කාලයන් පරිපුර්ණ කරගත්තේය. මේ සියල්ලගෙන්ම ලද පන්නරය උපයෝගීකර ගනිමින් ඔහු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ පුර්ණ කාලීන නියමුවෙකු ලෙසට සේවයට බැඳුණේය.
තමසිහිනය සැබෑකරගැනීම සඳහා තම දෙමව්පියන්ගෙන් ලද සහයෝගය ඉතාමත් කෘතඥතාවයෙන්යුතුව සිහිපත් කරන කිරන් ඔවුන් ලබාදුන් නිදහස සහ ගුරුහරුකම් නොලැබෙන්නටතමන්ට මෙවන් රැකියාවක් ලබාගැනීමට අවස්තාවක් නොලැබෙන්නට ඉඩතිබු බවද පවසයි.
ලන්ඩන් නුවර ඉපැදී හැදී වැඩුනද කිරන් මැදිවක හදවතින් මුළුමනින්ම සිංහලයෙකි. හොඳින් සිංහල කතාබහ කළහැකි මස්කෑමෙන්, දුම් පානයෙන් හෝ මත්පැනෙන් සම්පුර්ණයෙන්ම තොර භක්තිමත් බෞද්ධයෙකු වන ඔහු තවමත් භාවිතා කරන්නේ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයකි.
හැම වසරකම ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු එම කාලය වැඩිවශයෙන්ම ගතකරන්නේ තම මවගේ සුබසාදන කටයුතු සඳහා උදව් වෙමිනි. ඒ හැමවිටම විනෝදකාමීව කාලය නාස්ති නොකරන ඔහු තම මව සමඟ උතුරුකරයේ වනගත සිංහල ගම්මානවල ඇවිද යමින් එහි වාසය කරන අයගේ දුක සැප සොයා බලමින් අවශ්‍ය ඇප උපකාර ලබා දෙමින් කටයුතු කිරීම පුරුද්දක් කරගෙන ඇත.
බ්‍රිතාන්‍යගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීම නැවත ආරම්භ කිරීමත් එම ගුවන්යානාපැදවීම සඳහා තමන් තෝරා ගැනීමත් තමන්ට ලැබුණු ආශීර්වාදයක් බව කියන කිරන්මින්පසු ශ්‍රී ලංකාවේදී "බෞද්ධ ගම්මාන අරමුදලේ" සමාජ සත්කාර වැඩකටයුතු සඳහාපහසුවෙන් සහ නිරන්තරයෙන් සහභාගීවිය හැකි බවද කියයි.
ගුවන් නියමුවෙකු වශයෙන් වැඩකිරීම ඉතාම විනෝද ජනක මෙන්ම ප්‍රිය ජනක රැකියාවක් බව කියන ඔහු එහි ඇති අතිවිශාල වගකීම පිළිබඳවද විශේෂයෙන් සිහිපත්කරයි. මෙවන් රැකියාවක් සඳහා උනන්දුවක් දක්වන සියලුම දෙනාටම ඔහු දෙන අවවාදයවන්නේ ඒ සඳහා විශාල කැපවීමක් සහ ආත්ම විශ්වාසයක් තිබිය යුතු බවයි. හැකිඋපරිමයෙන් හා ධෛර්යයෙන් යුතුව තමන්ගේ ඉගෙනීමේ කටයුතු කිරීමත් පසුබෑම්සිදුවුවිට නොසැළී සිටීමත් ඉතාම වැදගත් බව ඔහු කියයි.එලෙසම තමන්ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳවද වෙනත් අයට වඩා සලකිලිමත්විමද වැදගත් බව ඔහුගේ අදහසයි.
තමන්කුඩා කාලයේදී මෑණියන් විසින් නිතර දෙවේලේ කියාදුන් පැරණි කතාවක් සිහිපත්කරන කිරන් ඒ මගින් ගුවන් නියමුවෙකු වීම සඳහා ඔහු තුළ තිබු ආශාව වැඩි වුබවදකියයි. ඉන්දියා මහා කාව්‍යයක් වන රාමායනයේ ඇති ශ්‍රී ලංකාවේ රාවණා රජුසතුව තිබූ අහසින් ගමන්කළ හැකි යානාවක් පිළිබඳව තම මෑණියන් කියාදුන්ඒ සුන්දර කතාව ඔහුට තවමත් මතකය. එදා මේ සුන්දර දිවයින පාලනය කල රාවනා රජුමෙන් අද නවීන ජෙට් ගුවන් යානාවක නැගී ශ්‍රී ලංකා ගුවන්තලය සිසාරාපියාසර කිරීමට ලැබීම තම හදවතේ සැඟවී තිබු ඒ සිහිනය තවදුරටත් සිහිනයක් පමණක් නොවන බවට පත්වී ඇති සුන්දර යතාර්ථයක් බව කිරන් මැදිවක කියන්නේ නිරහංකාර නිහතමානී ආඩම්බරයකිනි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආඩම්බරයක් ...! (ස)
ජයවේවා...! (ස)
ප්‍රවේසම් වෙන්න ලංකාවේ ඉන්න අනෙකුත් ගුවන් නියමුවන් ඉරිසියා වෙන්න පුළුවන්.(නදී)
මව් බිමට ආඩම්බරයක්.අදර්ශමත් ජිවිතයක් තෙරුවන් සරණයි. සුබගමන්.! (ස)
ඔව් ඔව් අපි මත්තලත් යමු (ස)
අනේ මත්තලටත් එන්නකෝ.(ස)
හොඳ ආඩම්බරයක් ලංකාවට.. (ස)
මෙවන් පුතුන් ලද දෙමාපියන් ලොවක් දිනූවන්ය, ඔබ කෙදිනක හෝ මත්තලටත් එන්න ඔබට සුභාසිරි පතමු ,,යාන්තම් ඉංගිරිසිය කටගාගත් කලුසුද්දන්ට වඩා ඔබ රටක් වටී (අ)
ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික පුත්‍රරත්නයක් , ඔබව මගේ රටට බිහි කල දෙමාපියන්ට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ....!(ස)
රත්තරන් පුතේ, ඔබ වැනි දක්ෂයන් රටට හදුන්වා දීම පිළිබදව පළමුවෙන්ම ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය! දෙවනුව ඔබ වැනි දක්ෂයකු මෙලොවට බිහිකිරීම පිළිබදව ඔබ දෙමාපියන්ට හිස නමා ආචාරය කරමි. ඔබ දෙපලට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. තෙවනුව ඔබවැනි මහත්මා ගුණ ඇති පුතෙකුගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! සියලු අබියෝග ජය ගැනිමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)
ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකික පුත්‍රරත්නයක් , ඔබව මගේ රටට බිහි කල දෙමාපියන්ට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය .(නදී)
අපිට ඔබ ගැන වචනයෙන් කිව නොහැකි තරම් ආඩම්බරයි . ඔබට දළදාසමිදු පිහිටයි! දෙවාශිවාදයෙන් සාර්ථකව මඋබිම කරා පියාසර කිරීමට ශක්තිය දහිර්ය ලැබේව...!!!!! (ස)
චායාරුප අoක 5 යටිවාවල. එම ප්‍රදේශයේ අපිට ආඩම්බරයක්. (ස)
ඔබ කවදාක හෝ ලංකාවට පැමිණ ඔබේ දැනුම ලංකාවේ දරුවන්ට ලබා දෙන්න. අවුරුදු 16කට පසු ලංකාවට එන බ්‍රිතාන්‍ය ගුවන් වනයට ත්‍රිවිද රත්නයේ පිහිට ලැබේවා. ඔබට වාසනාවන්ත අනාගතයක් සහ සුබ නව වසරක් වේවා ! (ස)
ඔබ ගෙන ආඩම්බරෛ කිරාන් ඔබට දෙවි පිහිටයි! අපේ රටේ පිපුණු සුවඳ මලක් ඔබ..(ස)
ඔබලාගේ පවුල අපේ මවුබිමට වාසනාවකි. ශ්‍රී ලාංකීක අපට ආඩම්බරයකි. ඔබලාට තෙරුවන් සරණයි! (නදී)
මේ ලිපිය හොදින් කියවන කෙනෙකුට ආදර්ශයට ගත හෙකි බොහොදෙවල් තියෙනවා.සියලු කටයුතු සාර්ථක වේවා කියා සුබ පතනවා.! (ස)
ලංකාවේ ඉන්න කළු සුධ්ධන්ට ඔබ හෝධ අර්ධර්ශයක්. ඔර්බගේ අනාගතය වාසනාවන්ත වේවි කියා පතනවා ! (ස)
නියමයි..! (ස)
චිරන් ජයතු, ඔබ ලංකාවේ අපට මහත්ම වූ අභිමානයකි. මව්බිම බෞද්ධකම තමන්ගේ ජාතිය සංස්කෘතිය රැකගත් නියම සිංහල මහත්මයෙක් . ඔබට තෙරුවන් සරණ ලැබේවා.. !!! (ස)
ඔබේ දෙමාපියන් ඇත්තවශයෙන්ම ආදර්ශමත් ජීවිත ගතකල අය බව පෙනීයයි. ඔබේ දියුණුවේ රහසද ඔබ පවුල තුල ඇති ඒ අසිරිමත් එකමුතුවම විය යුතුය. කිසිදිනෙක තම රට අමතක නොවන්නේද එහෙයින් විය යුතුය. ඔබ සියලුදෙනාටම දීර්ඝායු වේවා....!!!! (ස)
තෙරුවන් සරණයි! (නි)
ඔබ අපේ රටට විශාල ආඩම්බරයක් ,ඔබට සුබ පැතුම් . (ස)
තව තවත් එදිරියටම යන්න. අවන්කවම ආඩම්බර වෙනවා. ඔබට තෙරුවන් සරණ ලැබේවා ! (ස)
හොඳ මව්පියන්ගේ හොඳ දරුවෙක්. අපිට ඔබ ආඩම්බරයක්....(ස)
බොදුමග යන උතුම් ශ්‍රී ලාංකික මහත්මයෙක්. ඔබ බිහිකළ මවත් දිරිය දුන් පියත් ඔබ නිසා ලබන සතුට මගේ හදවතටද දැනෙනවා. ඔබට දිගාසිරි! (නි)
ඔබ ගැන අපිට ආඩම්බරයි තෙරුවන් සරණයි ! (ස)
ඔබ රටටටම අභිමානයක් .ඔබගේ සියලු පැතුම් ඉටුවේවා, ජයෙන් ජයම ලැබේවා(ස)
නියමයි මුළු රටටම ආඩම්බරයක්.....ඔබට සැමද ජය පතමි... නුවර මිනිසුන් කොහොමත් සාමකාමීය.ඔබ මුළු නුවරටද ආඩම්බරයකි!! මගේ එකම සිහිනයත් ඔබ වැනි නිහතමානි ගුවන් නියමුවෙකු වීමයි...........(ස)
අපේ රටේ කෙනෙක් මෙහෙම තැනක ඉන්න එකත් අපිට ආඩම්බරයක් (දී)
පුතාගේ දක්ෂකම ගැන කියලා නිමකරන්න බැරි සතුටක් දැනෙන්නේ. ගුවන් යානය පමණක් නෙමෙයි, කාර්ය බහුල සභාපතිතුමාවත් ගමනට සහභාගී කරගැනීම ලොකුම දක්ෂකමක්! (නි)
ඔබ වෙනි ශ්‍රී ලාංකික පුතුන් රටම ආඩම්බරයක්. ඔබ වැනි දරුවන් හැදූ ඔබේ දෙමාපියන්ටත් අපේ ප්‍රණාමය! (නි)
ඒ ගුවන් නියමුවා ලංකාවට ආඩම්බරයක් (දී)
අපිට ඔබ ගැන ආඩම්බරයි.. (ස)
මත්තලට එන්නෙ නැද්ද? (නි)
ඔබ ගැන හරිම ආඩම්බරයි. සුබ අනාගතයක් ! (ස)
ඔබ ගැන හරිම ආඩම්බරයි සුබ අනාගතයක් ! (ස)
ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ! (ස)
නියම කොල්ලෙක්.ඔබ අපේ රටට විශාල ආඩම්බරයක් ,ඔබට සුබ පැතුම්!! (ස)
ඇයි මත්තලට ආවේ නැත්තේ? (නි)
ලංකාවේ තියෙන වටිනා කම අපි ලෝකෙටම පෙන්නමු (දී)
වාසනාවන්ත පවුලක්. සුබ පැතුම්...(ස)
හරිම ආඩම්බරයි. බුදු සරණයි! (නි)
අපිට ඔබ ගැන වචනයෙන් කිව නොහැකි තරම් ආඩම්බරයි . ඔබට දළදාසමිදු පිහිටයි! දෙවර්ශීවාදයෙන් සාර්ථකව මව්බිම කරා පියාසර කිරීමට ශක්තිය ලැබේවා. මේ පුතු ලද මවද,පියාද වාසනාවන්තය. (ස)
ලංකාවේ ඉන්න කළු සුද්දන්ට ආදර්ශයට ගත හැකි පුද්ගලයෙක්. තෙරුවන් සරණයි. ජයවේවා.! (ස)
ඔබ වැනි පුතුන් අප රටට මහත් අඩම්බරයක්. සමහරුනට විදේශ ගත වී ටික දිනකින් තම හැදූ වැදූ මවි පියන්ද ,මව් දෙරණද, සිහල බසද අමතක වන මේ අරුම පුදුම කාලේ ඔඹ වැන්නන් පිදිය යුතුය. ඔබට තෙරුවණ් සරණයි...! (නදී)
මුළු රටටම ඔබ මහත් ආඩම්බරයක් පුතුනුවනි! ඔබ විසින් ඔබගේ මවු බිමට රැගෙන එන පළමු මංගල ගුවන් යානයට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව හා ශ්‍රී ලාංකික අපගේ උත්තමාචාරය! ජයවේවා! (නි)
සන්තෝසයි (දී)
නියමායි කිරන් අපි රාවනා පරපුරේ අය තමයි ! (ස)
ඔබට තෙරුවන්ගේම සරණයි! (නි)
අති විශිෂ්ට ශ්‍රී ලාංකියකෙක් ඇමරිකාවේ , කැනඩා වල පරිප්පු කමින් මාසේ ආදායමවත් හොයාගන්ඩ බැරිව තමන් ඉපදුන රට අමතක උන සමහර මෝඩ සිංහ කළු සුන්දන්ට ඔබ ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි.(නදී)
මව්බිමට ආඩම්බරයක්.ඔබට තෙරුවන් සරණයි.. ! (ස)
රට ගියාම හැදූ අම්මා තාත්තා අමතක වෙන ලංකාවේ මෙන්න නියම මිනිසෙක්. මෙයාව බලලා හරි හැදෙමු අපි.. (ස)
අපේ පුංචි ලංකාවට ඔබ වැනි දරුවන් ඉපදීම සුභ වාසනාවත්. තුරුණුවන් සරණයි ඔබට සහ ඔබ පවුලට.(නදී)
අපේ පුංචි ලංකාවට ඔබ වැනි දරුවන් ඉපදීම සුභ වාසනාවක්. (නදී)
මිනිසත් බව ගුවනින් යා කරන ලෝකයටම අයිති විශ්ව දරුවෙක්.(නදී)
ඔබ වැනි පුතකු ලද දෙමාපියන් හරිම වාසනාවන්තයි.ඔබගේ අනාගතය සාර්ථක වේවා! සිතුම් පැතුම් ඉටු වේවා! (ස)
ඔබ රටට ආඩම්බරයක්, ඔබට ජය! (නි)
ශ්රී ලංකාවට ඉමහත් අභිමානයක් ! (නි)
එහෙම තමයි නියම සිංහලයෝ. එත් අපේ කියල යානාවක් මේ හදන්නත් අපේ අයට මොලේ ලැබේවා.. ! (ස)
ලංකාවේ තියෙන චාරිත්‍ර විධි ටිකකුත් බලා ගෙන යන්න පුළුවන් (දී)
අති විශිෂ්ඨයි...සුබ අනාගතයක්....වැඩි වැඩි යෙන් පිනට දහමට නැඹුරුවිමට සිත් ඇති වේවා..! (ස)
සාදරයෙන් පිලි ගන්නවා
නුඹ වැනි පුතුන් මගේ රටට වාසනාවන්........ජයවේවා.. ! (ස)
ආදර්ශමත් පුතෙක් අපිට ලොකු ආඩම්බරයක් ඔබ වැනි අය බුදු සරණයි.. ! (ස)
අයිරා මැදිවක මහත්මියගේ දරුවන් ගැන සතුටුයි. කළු සුද්දෝ නොවී ලංකාවට ආදරයෙන් කටයුතු කරන අපේ දෙවෙනි පරපුරේ දරුවන් ගැන ආඩම්බරයි. බෞද්ධ ගම්මාන දියුණු කිරීමෙ වැඩසටහනට දිගටම උදව් කරන්න. ජයවේවා! (ස)
බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලංකාවේ ඒජන්තවරුන් හැටියට කටයුතුකලේ හේලීස් සමාගමයි. ඒ ඇත්තෝ කරන යමක් හරියට කරන උදවිය. මෙදා පාර නියෝජිතයා කව්ද කියා දැන ගන්න කැමතියි.(නදී)
ඔබ ලොවට සිංහල කම ගෙන යන උදාර පුත්‍ර රත්නයක් වචනයෙන් කියන්න බැරි සතුටක් මට දෙනෙනවා, උතුම් මිනිසුන් ඔබගේ දෙමාපියනට බුදුසරණ හා දේව රැකවරණය ලැබේවා..! (ස)
අපේ සමහර අයට අවුරුද්දක් මැදපෙරදිග ගියත් සිංහල මතක නෑ. මෙන්න මිනිස්සු. (නදී)
ඉතාමත් ලස්සන තරුණයෙක්, ඔස්ට්‍රේලියාවේ සහ ඈමරිකාවේ සිට ලොකුකම් ලංකාවට පෙන්නන මෝඩ ක්‍ළු සුද්දන්ට ඔබ ආදර්ශයක් වේවා! (ස)
සුබ අනාගතයක් (ස)
ප්‍රවේශම් වෙන්න. ලංකාවේ ගුවන් නියමුවෝ ඔක්කොම වගේ පන්දම්කාරයෝ සහ කාරියෝ. එයාලට ඉරිසියා හිතෙයි. (නි)
අප සැමට ආදර්ශයට ගත හැකි උඩරට සිංහල බෞද්ධ දරුවෙක්.., ඔබට දළදා සමිඳු සරණයි!!! (ස)
ඔබ නියම ශ්‍රී ලංකිකයෙක් අට්ටටම හරි ආඩම්බරෛ ඔබට හා සිය පවුල සමටට් බුදු සරණයි!!! (ස)
හොද ශ්‍රී ලාංකිකයෙක් . සුබ පැතුම් ! (ස)
තිස්තුන් කෝටියක් දෙවියන් විසින් ඔබ ආරක්ෂා කරාවි! (නි)
ඔබ වැනි පුතුන් ලොවටම ආදර්ශයක්. ඔබට වාසනාවන්ත අනාගතයකට ආසිරි පැතුම්! තෙරුවන් සරණ හා දෙවි රැකවරණ ලැබේවා!(නදී)
උපන් රටට ආදරය කරන එක තරම් ගුණයක් තවත් යහපත් ගුණයක් කොඉන්ද. දෙමාපියෝ ඒ යුතුකම කියල දීල තියෙන එකම නිවන් දකින්න තරම් පින්. (ස)
ඔබට බුදු සරණයි! (නි)
අපෙන් සුභ පැතුම්...! (ස)
නුබ වැනි පුතුන් අපේ රටට වාසනාවක්,සුබ අනාගතයක්,ඔබට ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා. (ස)
අනේ අයි මේ ගුවන් යානය එක මත්තලට ගෙන්නනේ නැත්තේ .......(ස)
ගොඩක් ආඩම්බරයි ඔයා ගැන. (ස)
අල්ලා දෙවියන්ගේ පිහිටයි..! (ස)
අපේ දක්ෂ දරුවෝ සේවය කරන්නේ පිටරට ,මෙහෙ හිටියනම් මෙචර දුරට ඉගෙන ගන්න අමාරුයි. කමක් නැහැ පුතා ඔබල අපේ රටට කරුපු සේවය ගැන මම ආඩම්බරයි , සුභ අනාගතයක් ! (ස)
ඔබ අපිට ආඩම්බරයක්! (නි)
ඇත්තටම ඔබ සුපිරි වැඩකාරයෙක්. ඔබ ගොඩක් වාසනාවන්ත වුණා ඔය වගේ දෙමව්පියන් ගාව ඉපදෙන්න සහ ඔය වගේ රැකියාවක් කරන්න. (නි)
ගොඩක් රටවල සිටින 'කළු සුද්දන්ට' සහ ඉතාලියේ සිටින 'චෙන් සහ බ්‍රේස්ලට්' පොරවාපු 'රත්තරන් මෝඩයන්ට මොහු හොද ආදර්ශයකි.(ස)
අප මව්බිම බබළන්නේ ඔබ වැනි දිරිය පුතුන්ගෙන්ය. තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!! (නි)
ආසියාවේ ආසචර්ය කියලා මමනම් කියන්නේ මෙන්න මේවට (ස)
බ්‍රිතාන්‍යයේ දෙවැනි පරපුරේ ලාංකීය දරුවන් හරි හපනුන් බව නොරහසක්. එමෙන්ම ඔබ අපට අනර්ඝ වස්තුවක්. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රකිමින් ඔබේ හෙට දවස සාර්ථක එකක් වේවා යි පතමු. (නි)
විස්තර බැලීමෙන් නෙතට කඳුලක් ඉනුවා ඔබට ජය !(ස)
ඔබේ වැනි පුතෙකු ලද මව නිවුණා වේ. පියාද නිවුණා වේ. රත්රන් පුතා, ඔබ ලක්මෑනියන්ට පුරහදක්ම වේවා! ඔබට තෙරුවන් සරණයි. (නි)
නියම කොල්ලෙක් මේ වගේ අය හරි අඩුයි. සුබ පැතුම්.(නදී)
අපිට ලොකු ආඩම්බරයක් ඔබ, බුදු සරණ වේවා...!!!(ස)
බ්‍රිතාන්‍ය ගුවන් සේවය ශ්‍රී ලංකාවට එන එකනම් හොදයි. එත් එහි ගුවන් ගමන් ගාස්තුව නම් වැඩිවෙන්න පුළුවන්. අපේ ගුවන් සේව්‍ය හා සංසන්දනය කරාම බ්‍රිතාන්‍ය ගුවන් සේවය පසු ගිය කාලයේ ගොඩක් ගුවන් ගමනාන්ත නැවත්තුවා. ඒ නිසා මේක කොච්චර කල් තියෙයිද දන්නේ නැහැ.(නදී)
කිරාන් පුතා, අපිට හරි ආඩම්බරයි ඔබ ගැන. (නි)
මෙය අපට ගොඩාක් ආඩම්බර අවස්තවකවත්, අපට මේ මැදිවක පවුල අපෙ රටට උතුම් නිදානයක් කියලයි මගේ අදහස.(ස)
මුලුමහත් ශ්‍රී ලංකාවටම ඔබ ආඩම්බරයක්.(නදී)
එය අතිවිශිෂ්ඨයි.. ! (ස)