සිංහල අවුරුදුදාට පසුවදාට කොළඹට ගොඩබැසීමට නියමිත බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සමාරම්භක ගුවන් යානාවේ නියමුවා ශ්‍රී ලාංකිකයකු බව වාර්තාවෙයි. ලොව විශාලතම ගුවන් සමාගමක් වන බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නියමු කපිතාන් කිරන්මැදිවක මේ නියමුවායි. අප්‍රේල් 15වැනිදාට කොළඹට පැමිණෙන එම ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සභාපති කීත් විලියම්ස් සමඟ එම සමාගමේ විධායක නිලධරයන් පස් දෙනකු ද බ්‍රිතාන්‍ය සංචාරක මාධ්‍යවේදීන් 30 දෙනෙක් ද එතියි කියති. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් හට සතියක සංචාරයක් ද ශ්‍රී ලංකාවෙන් සංවිධානය කරයි.
එම ගුවන් යානය ලංකාවට එන්නේ දස වසරකට පසුය.
ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සභාපති මේ චාරිකාවට එක්වීමෙන් ශ්‍රී ලංකාවට පියාසර කිරීම සඳහා අවස්ථාවක් ලැබීම බ්‍රිතාන්‍ය ගුවන් සමාගම කොතරම් වැදගත් ලෙස සලකනු ලබනවාදැයි පෙනී යන බව මේ පිළිබඳව පළවී ඇති බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කියයි.
බ්‍රිතාන්‍ය ගුවන් සේවය මෙලෙසින් ශ්‍රී ලංකාවට යළිත් වරක් සිය ගුවන් ගමන් ආරම්භ කරනුයේ දිගු නිහැඬියාවකින් පසුවය. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවතී යුදමය වාතාවරණය නිසා ලන්ඩන් නුවර සිට කොළඹ දක්වා කලින් පවත්වාගෙන ගිය ගුවන්ගමන් සියල්ල නවතාදැමීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවයට සිදුවිය. අලුතින් ආරම්භ කෙරෙන කාල සටහනට අනුව සතියකට තුන්දිනක් මෙම ගුවන් ගමන් වාර ලන්ඩන් නුවර ගැට්වික් ගුවන් තොටුපළේසිට මාලදිවයිනේ මාලේ නුවර හරහා කොළඹට ගමන්කරනු ඇත.
මේ සඳහා නවීන බෝයින් 777 වර්ගයේ අධිසුකොපභෝගී ගුවන් යානාවක් යොදා ගැනේ. දුර ගමන් සඳහා නිමවා ඇති එම යානයේ පළමු පන්තියේ මගීන් සඳහා සකස්කර ඇති ආසනය සැප පහසු අන්දමට නිදාගත හැකි ඇඳක් ලෙසද සකස්කරගැනීමේ හැකියාවෙන් යුක්තය.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් අතරින් බ්‍රිතාන්‍ය දෙවැනි තැනට පත්වී සිටී. මේ නිසා එවන් වැදගත් වෙළඳ පොළකට නැවතත් ඇතුළුවී ගුවන් මගීන් සඳහාඉහලම පහසුකම් සමඟ තරඟකාරී සැපයුමක් ලබාදීම තමන්ගේ අභිප්‍රාය බව බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ කළමණාකාර අධ්‍යාක්ෂ සිලා මයිසෙයි පවසන්නීය.
ශ්‍රී ලංකාවෙන් අලුතෙන් විවෘත කෙරෙන මත්තල ගුවන් තොටුපළට තම ගුවන් යානා ගෙනයන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට ඇය කියා ඇත්තේ ඒ ගැන තවමත් තීරණයක් ගත නොහැකි බවයි. මත්තල ගුවන් තොටුපළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූ පසුව මේ ගැන සළකා බැලිය හැකිබව ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි. (නි)
ආශ්චර්යවත් ආරම්භයක්! (නි)
සුභපැතුම් (අ)
මාල දිවයින හරහා නේද එන්නේ, සංචාරකයින්ට එකේ බහින්න දෙන්න එපා(නු)
මගෙනුත් සුභ පැතුම්! හරිම ආඩම්බරයි.. ඔබ ගැනයි අපේ රට ගැනයි.....!(නු)
ආඩම්බරයි මහත්මයාණෙනි..!(නු)
ඉතාමත්ම සතුටුදායක ආරංචියක්. (නු)
ඉතාමත්ම සතුටුදායක ආරංචියක්. යුද්දය පැවති කාලෙත් බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් විශාල පිරිසක් වෙන ගුවන් යානා මගින් ලංකාවට අවා. ඔවුහු කවුරුත් සාමාන්‍ය පුරවැසියෝ. එල්ටීටිය ත්‍රස්තයන් පවා එය දැනගෙන හිටියා. යම් ලෙසකින් ඊට බාධා කළානම්, එයට බ්‍රිතාන්‍යය තුළ ඔවුනට ප්‍රතිචාර ලැබෙන බව ඔවුන් දැනගෙන හිටියා. එම නිසා සංචාරකයන්ට ඔවුන් පවා බාධා කලේ නැහැ. යුද්දයෙන් පසු වකවානුවේ තංගල්ලේ කළ වින්නැහිය(බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා මරා දැමීම) මොනතරම් රටට කළ අවමානයක්ද? මෙවන් දේ සිදුවන්නට ඉඩ තබන්න එපා. (නු)
සුභ පැතුම්... ලාංකිකයන්ට ආඩම්බරයක්....!(නු)
අපෙන් ආචාරය..... සුභපැතුම්....(නු)
සන්තෝසයි (දී)
අපි කැමතියි සාදරයෙන් පිළිගන්නවා (අ)
ශ්රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බරයි. (නි)
සතුටුයි (දී)
හැබැයි අපේ ශ්‍රී ලංකන් ගුවන් යානා කෙළින්ම ලන්ඩන් යනවනේ. (නි)
ලෝක ප්‍රසිද්ධ ගුවන යානා කොළඹටත් ආවොත් නම් නියමයි. (නි)
ප්‍රවෘත්තිය හොදයි. නමුත් ඒ ගුවන් යානා එතරම් සැපපහසු නැහැ වගේ නේද? (නි)
සාදරයෙන් පිලි ගන්නවා, අපේ රටට (දී)
රටවල් දෙක අතර සමගිය වැඩි වෙන්න කාරනාවක් (දී)
ලාංකික දෙරණට ඔබ ආඩම්බරයක්! (නි)
කොළඹට විතරක් ආවොත් මදෑ. (නි)
මත්තලට ආවා නම් හොදයි. (නි)
අපි එකට අවුරුදු කමු (දී)
බ්‍රිතාන්‍ය ගුවන් සේවය සාදරයෙන් පිළිගනිමු. (නි)
හරිම සතුටුයි. එයාලට ලංකාව නැතුව ඉන්නම බැහැ වගේ. මොනවා වුණත් අපි සාදරයෙන් පිළිගන්නවා. (නි)
පැහැදිලි සිංහලෙන් ලියලා තියෙද්දීත් කපිතාන් ලාංකිකයෙක් කියලා නීලා මොනවා අහනවද ආයෙත්. (නි)
නියමයි. ඊළග පාර මම ලංකාවට එන්නේ මේකේ තමයි. (නි)
අනන් මනන් වැඩක් නැහැනේ. අපේ සුභ පැතුම්! (නි)
කපිතාන් කෙනෙකුට ස්ට්‍ර්යිප් හතරක් තියෙනවා. මෙයට තියෙන්නේ පටි තුනයි. (දී)
සුභ පැතුම්! (නි)
ලංකාවට ඔබව ආදරයෙන් පිලි ගන්නවා (දී)
ලක් පුතුනි, ඔබට දෙවි පිහිටයි! (නි)
නියමයි. හොද වැඩක්. (නි)
ලංකාවේ 99.9%ක් ඉන්නේ හොද මිනිස්සු. මොනවා වුණත් ලංකාව කියන්නේ ලෝකයේ කොහේ ගියත් නවතින්න හොදම තැන.ඒ අතින් අපි වාසනාවන්තයි. (නි)
ලංකාවට බ්‍රිතාන්‍යයෙන් මල් වැස්සක්. (නි)
අපි එකට අවුරුදු කමු (දී)
මේ රටේ අය ඔය මිනිස්සුන්ටත් හිරහැර කරලා රටට අවනම්බු කරයිද දන්නෙ නැහැ. (නි)
නියමයි. තරගය නිසා හොද සේවයක් ලබාදෙන්න පුලුවන් වෙයි. (නි)
මේ නියමුවා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නේද?(නු)
වාසනාවන... මංගල ගමනය සිංහයෙක් නියමුවා වීම වාසනාවක්... ලංකා මාතාව ලෝකයේ ඉහලින්ම දිලේවා...!(නු)
ගොඩාක් ආඩම්බරයි (අ)
බ්‍රිතාන්‍ය ගුවන් සෙවාව සාදරයෙන් පිළිගනිමු ... (දී)
ආඩම්බරයි ලක් පුතුනි... ඔබට බුදුසරණයි... බ්‍රිතාන්‍ය ගුවන නැවත සාදරයෙන් පිළිගනිමු...!(නු)
දෙරට අතර සහයෝගය වර්දනය කර ගන්න පුළුවන් (දී)
සුද්දොත් අවිත් කිඹුල් බනිස් කයිද දන්නේ නෑහැ. (අ)
බොහොම ස්තූතියි. (නි)
කුමන්ත්‍රණකාරයෝ ආපහු මොන එකකට ගන්නවාද දන්නේ නෑ (අ)
ලාංකිකයෙක් වීම මොන තරම් ආඩම්බරද (අ)
තෙරුවන් සරණේ පිහිටෙන් ඔබටත් ඔබ සැමටත් අපේ රටේදි ඔබ ව්‍යපාරය දියුණු කර ගැනිමට හැකියාව ලැබේවා..!(නු)
අපිට ගොඩක් සතුටුයි... ලංකාවෙ කෙනෙක් උසස් තැනක ඉනනවාට දෙවි පිහිටයි..!(නු)
මීට වඩා හොඳ නැද්ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩන් ගමන් වාර වැඩි කරලා එන සංචාරකයො ඒ හරහා ගෙන්න ගත්තා නම්. (නි)
ලංකාව දියුණුවෙන් දියුණුවට පත් වේවා! (නි)