අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එකසිය විසි ගණනක් තමා සමග යැයි හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා කළ ප්‍රකාශය නිවැරැදි නොවේ යැයි ඔහු කියන පරිදි මහා ඇමැතිකම ඔහුට නොලැබුණහොත් ශ්‍රී ලනිපයේ කිසිම බෙදීමක් ඇති නොවන්නේ යැයි ද හිටපු වනජීවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුරයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවැසිය. තම සහෝදරයා වන එස්.එම්. රංජිත් ලබන සඳුදා මහා ඇමැති පදවියේ දිවුරුම් දෙනු ඇතැයි ද විශ්වාසය පළ කෙළේය. තමා ඇමැතිකම්න් අස් වූයේ එකම පවුලේ දෙදෙනකු ඇමැතිකම් දැරීම නොසුදුසු බව තමාට හැඟි ගිය නිසා යැයි ද ඔහු පැවැසීය. අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 25ක් 30ක් පමණ චන්ද්‍රසේන මහතා සමග වේදිකාවේ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
125 දෙනාගේ කැමැත්ත නෙමෙයි, එක්ලක්‍ෂ විසිපස් දෙනාගේ කැමැත්තට ඉඩ දෙන්න.(ස)
ලෝක ධර්මය අනුව සියල්ල නැසෙන සුලුයි. ජය පරාජය සමව විද ගැනීමට සියලු දෙනා පුරුදු විය යුතුයි. (නි)
ඒ වුණාට ඡන්ද දායකයින් ලක්ෂයක්ම මෙයාට ඉන්නවනේ.
බර්ටිට අනුරාධපුරය වෙනුවෙන් වැඩ කරනවා නම් කරන්න උපරිම කාලයක් තිබුණා. කළේ නැහැනේ. ඒ නිසයි ජනතාව වෙන කෙනක්ව තෝරල තියෙන්නේ. රංජිත්ට මහ ඇමතිකම දීලා සතියකින් අර කියපු 125 න් අහලා බලන්න කාටද මනාප කියලා. කරුණාකර බර්ටි ගැන නොව උතුරු මැද ජනතාවට යම් හෝ සහනයක් ගැන සිතන්න . ජනතා මනාපයට ඉඩ දෙන්න. (නි)
කොහොමත් පළපුරුදු මහ ඇමතිම අපිට හොදයි වගේ. (නි)
පරණ කෙනා යවලා අළුත් කෙනෙක් පත්කරන්න. (නි)
තවත් කෙනෙකු වෙනුවෙන් එක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් කවදාවත් ඉල්ලා අස්වෙන්නේ නැහැ. මේක ශ්‍රී ලංකාවේ දේශපලනයයි. (නි)
රාජ්‍ය නායකයා රටේ නැති වෙලාවක් අල්ලලා සිංහනාද කිරීම සමහරුන්ගේ සිරිතක්. බලමු මෙයාලගේ සද්ද ලබන සතියෙත් තියේවිද කියලා. (ස)
අයියෝ රජරට පින් බිමට බැලුවහම පත්වෙලා තියෙන්නේ පොර කුකුල්ලුනේ. (නි)
බොහොම සන්තෝෂයි. (නි)
නඩුත් බඩුත් දෙකම එකම කට්ටියගේ වගෙයි පේන්නේ. මොනවා වුණත්, ජය වේවා! (නි)
ඔය කවුරු ආවත් අපිට වැඩක් නැහැ. (නි)
බර්ටි මහත්තයෝ, මහ ඇමතිකම කියන්නේ පෞද්ගලික දේපළක් වගේ එකක් නෙමෙයි. (නි)
මහජනයාට සේවය කරන්න තියෙන ආසාව..!(නු)
එස්.එම්.ට නොලැබුණොත් එක්ලක්ෂ ගාණක්ම අයින් වෙනවා. ඉතිං 125ද ලොකු එතකොට? (නි)
මට දෙන්නට ප්‍රතිචාරයක් නැත. (නි)
අපිට නම් දෙන්නම එකයි (නි)
කවුරු මොනවා කිවුවත් අපේ මහඇමති බර්ටිම තමයි. (නි)
බර්ටි මහතාණෙනි, ඔබගේ සමු ගැනීම වෙනුවෙන් කාලය පැමිණ ඇත. (නි)
බලන්නකෝ දිවුරුම් දෙන දවසට වහින්නෙ නැද්ද කියලා (නි)
මෙන්න කතාව...නියමයි චන්ද්‍රෙස්න මහත්තයෝ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් තේරී පත්වෙලා තියෙන්නේ මහජන ඡන්දයෙන් කියන එක බර්ටි මහත්තයට අමතක වෙලා.....බල ලෝභීත්වය මොනවට පැහැදිලි වෙනවා මේ වගේ දේකින්.ජනාධිපති තුමා මහජන මතයට ගරු කරන නායකයෙක් හින්දනේ ඡන්දයක් පැවැත්වූවේ. දැන් මහජන මතය ප්‍රකාශ වී තිබෙනවා....ඒකට ඉඩ දෙන්න..නැත්නම් මොනවයින් මොනව වෙයිද දන්නේ නැහැනේ. එස්.එම්.රංජිත් මහතාටත්,යහපාලනය දත් චන්ද්‍රෙස්න මහතාටත් අපගේ උපහාරය....(ස)
සුදුස්සා තමයි බර්ටි (නි)
මේ ගොල්ලෝ මෙතරම් ගහ ගන්නේ මහජන සේවයට නේද ?????? (ස)
මොනවා වුණත් තමන්ගේ රස්සාව බේරගන්න ඕනෑ (නි)
ඔය කියන 125 කීයටවත් අයින් වෙන්නෙ නැහැ (නි)
අලුත් අයට අවස්ථාව දෙන එක තමයි හොද (නි)
ඒක තමයි මම කලිනුත් කිව්වේ (නි)
නව මහ ඇමතිතුමාට ජය වේවා ! (ස)
රස දැනුනු කෙනෙක් ලෙහෙසියෙන් අතාරින්නේ නැහැ. (නි)
දාලා යන්න හිත දෙන්නේම නැහැ වගෙයි නේද? (නි)
කවුරු ආවත් හැමදාම රැවටෙන්නේ අපි තමයි. (නි)
අපි කවුරුත් මහජන මතයට හිස නැමිය යුතුයි (නි)
මට කේන්ති ගියොත් මම ඔය දෙන්නටම නොදී වෙන කෙනෙකුට දෙනවා. (නි)
දෙන්නටම ජයවේවා! අපි දෙන්නටම මනාපයි. (නි)
ඔවුද? නැද්ද? (නි)