සංචාරක වීසා ඇති ඉන්දියානුවෝ පිරිසක් රක්වානේ ලැගුම්හල් කුළියට ගෙන අතබලා සාස්තර කීමත්, යාගහෝම පැවැත්වීමත් ව්‍යාපාර මට්ටමින් කරගෙන යතියි නගර වැසියෝ කියති.
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට එන කිසිවකුටත් මුදල් ඉපැයීමේ ව්‍යාපාරවල නිරතවීම වරදක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි. පොලිසිය පවසනුයේ මෙවැනි දෙයක් ගැන තමන්ට පැමිණිලි ලැබී නැති බවයි.
අපල දුරු කරගැනීමේ ශාන්ති කර්මවලට අමතරව දරුඵල ලබාදීමට ද හැකි බව ඉන්දියා සාස්තරකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනාධිපතිතුමාගේ ජනපතිකමත් නැතිකළේ සාත්තර කාරයෙක්නේ .ඉතින් ඒ මිනිහට විරුද්ධව මුකුත්ම චෝදනාවක් නගලා නැහැනේ. ඔන්න ඔහේ මේ මිනිස්සුන්ටත් කීයක් හරි හොයාගන්නයි ,දරු ඵල නැති ගැහැනුන්ට දරුඵල ලබා දෙන්නයි අවස්තාවක් දෙමු. අල්ලපු රටේ අයනේ (බ)
කෙලින්ම ගාල්ලට දැක්කුවා නම් හරි. සුමනදාසට අත් උදව් කාරයන් ඕන කියලා ආරංචියි. (ම)
මේවා ඕනෑ තරම් වැල්ලවත්ත, බම්බලපිටිය, කොටහේන, මෝදර යන පැති වල රහසේ කරගෙන යන්නේ අද ඊයේ නෙවෙයි (නදී)
බමුණෝ නිසා ලංකාවේ මොනතරම් අපරාධ අතීතේ සිදු වෙලා තියනවද. (බ)
මේවට රැවටෙන කොන්ඩේ බැඳපු අයත් ඉන්නවනේ ? (බ)
ඉන්දීය ව්‍යාපාරික ආයෝජනයක් (නි)