IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බොරු ලෙඩ පෙන්වා ලටෙක් ලොක්කා ඇප අරන්

වංචා චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටියදී රෝගී බව කියමින් අධිකරණය නොමග යවා කෝටිපති ව්‍යාපාරික ලටෙක් සමාගමේ සභාපති රවී වෙත්තසිංහ ඇප ලබාගැනීම පිළිබඳ වහා පරීක්ෂණයක් පවත්වන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය අද (30) නියෝග කළාය.

2005 වසරේදී නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ නිවසක් මිලදී ගැනීමට ඇන්ටනි රොහාන් මල්ලවආරච්චි නමැත්තකු පොළඹවා රුපියල් කෝටියක් ලබාගෙන වංචාවක් සිදු කළැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර අධිකරණ නිවාඩු සමය තුළදී රාජකාරී ආවරණය කළ විනිසුරුවරයකු ලවා දැඩි රෝගාතුර බව කියමින් ඔහු ඇප ලබාගෙන තිබිණි.

ඔහුට ඇප තැබීමට ඉදිරිපත්වූ හතර දෙනාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිණි. ඇපකරුවන්ට විදේශ ගතවීම තහනම් කළ අතර නඩු විභාගයට ගන්නා සෑම දිනකම අධිකරණයේ පෙනී සිටින ලෙසත් ඔවුන්ට නියම කළාය. පද්මිණී රණවක ගුණතිලක විනිසුරුවරිය හමුවේ යළි නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප ලබාගැනීමට විත්තිකරු ඉදිරිපත් කළ කරුණු කෙරෙහි ඇතිවූ සැකයක් මත විත්තිකරුගේ රෝගී තත්ත්වය පරික්ෂා කරන ලෙස අධිකරණ වෛද්‍යවරයාට නියම කර ඇත.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කළ පරික්ෂාවකදී විත්තිකරු පවසන තරම් රෝගී තත්ත්වයක් නැති බව හෙළිවී ඇත.

අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව කී විනිසුරුවරිය විත්තිකරු ලබන මැයි 22 තෙක් රිමාන්ඩ් කළේය.



අදහස් (0)

බොරු ලෙඩ පෙන්වා ලටෙක් ලොක්කා ඇප අරන්

මාගලී ෆොන්සේකා Thursday, 30 April 2015 11:38 AM

ඔය සේරම දේශපාලකයෝ ඇත්ත කියලද වංචා චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටියදී රෝගී බව කියමින් රොහලේ ඉන්නේ? අනේද කියන්නේ? (නි)

:       0       0

ඉදුනිල් Thursday, 30 April 2015 01:19 PM

හොරකමත් ලෙඩක් තමා එලොව මෙලොව පිරිහෙන (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 April 2015 02:17 PM

ඔන්න අදහන්න ඕන විනිසුරුවෝ ! අහවලාවත් අල්ලලා දාමුද අධිකරණ වෛද්‍යවරයා ළඟට ? අධිකරණයට ජයවේවා , අවංක විනිසුරුවෝ දිනේවා, රට සහ රටේ ජනතාවගේ ලේ රිරිමාංස උරා බොන පල් හොරු බංඟ වේවා !(බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 30 April 2015 02:19 PM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු (බ)

:       0       0

චන්න බුවනක Thursday, 30 April 2015 03:17 PM

රවී වෙත්තසිංහ ලංගමයට කළ දේ මතකද? (බ)

:       0       0

අෑන් Thursday, 30 April 2015 03:50 PM

ඔය වෙත්තසිංහ පවුලම හොරු. මොන ආණ්ඩුව ආවත් ඒ පවුලට දේශපාලුවන්ගේ සහයෝගය තියෙනවා. මෙයාට එංගලන්තයේ ප්‍රයිවෙට් ප්ලේන් එකක් තියෙනවා. පවුලේ අනිත් කට්ටිය කෝටි ගණන් බදු නොගෙවා අවුරුදු ගානකට කලින් නවසීලන්තයට පැනලා ඉන්නවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site