කොළඹ හා අවට පෙදෙස්හි බැංකුවලට ව්‍යාජ රන්වළලු උකස් කළ තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කොටහේන බැංකුවකට වළලු හතරක් උකස් කිරීමට ආ කාන්තාවක ගැන සැක ඉපදවූ බැංකු නිලධාරියකුගේ සෝදිසිය නිසා තවත් ව්‍යාජ රන් වළලු දහයක් සමග කතක හා ත්‍රීරෝද රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මොවුන් මෙතෙක් කොටහේන, බත්තරමුල්ල වැනි පෙදෙස්වල බැංකුවලට ව්‍යාජ වළලු උකස් කර රුපියල් ලක්ෂ 12ක් පමණ ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බැංකුවේ ඉන්නේ මුකුත් නොදන්නා අයද?අහිංසකයෙක් බඩුවක් උගස් තියන්න ගියොත් තමයි බැංකුවේ ඝනකම බලන්න ඕනෑ. හොරුන්ව පෙනෙන්නෙ නැති හැටි? (නි)
හොදයි. මෙයාලා හොරු කියමුකෝ. එතකොට බැංකුවේ උගස් නිලධාරීන් අන්ධයෝද? (නි)
ආකිමිඩිස් වත් අපේ අය අන්දයි.(ස)
ලංකාවේ හදුනන කෙනක් හිටියොත් මොනවා කරන්න බැරිද? වරුණ කිවුවා වගේ නියම ගෝල්ඩ් අරගෙන දුප්පත් කෙනක් ගියොත්.......? දෙවියන්ගේම පිහිට තමා. (නි)
බලන්න හසන්ත මහත්තයෝ.. අපේ මිනිස්සුන්ගේ හැකියාවන්ට අපි අත දෙන්න ඕන.(ස)
වරුණ, ඔබ හරියටම හරි. (නි)