(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්රහණය කර තේරී පත්වූ සභිකයන් 7 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව දන්වා සිටියේ ඔවුන් සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
නාගරික සභික ධුර ප්රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.
ගම්පහ බඩල්ගම ප්රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන , දිලන්ති කුසුම්සිරි , බෝඹුවිල දේවගේ ජොසපින් , චමිඳු ලක්ෂාන් රණසිංහ , ධම්මිකා නිශාන්ති , ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.


වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මම කීප වතාවක්ම කිව්වා ගැණු අයට පිරිමි කරන කරන හැම දේම කරන්න බෑ කියලා.
හොදම වැඩේ.
ගම්පහ අයට මහරගම නගර සභාවට ඡන්දය ඉල්ලුව හැකිද?
හොඳ වැඩේ දහන් ගැට ගහන්න හදනවට.
පොහොට්ටුවේ ලණුව කාපු මහරගම ප්රගතිශීලී ජනතාව කිසිවක් සොයන්නේ නැතිව බයිසිකලයට ඡන්දෙ දුන්නා. දැන් ඉතින් බඩල්ගම කට්ටිය මහරගමත් බඩල්ගමක් කරන කල් බලාගෙන ඉන්නයි තියෙන්නෙ.
මම කැට තියල කියන්නම් මෙයාලගෙ ඩීල් එක කෝටියකට වැඩි ඇති. මුදල් ලැබුණ ගමන් යසට ඉල්ලා අස්වේවි.
බලන්නකෝ එකෙත් හැටි. මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට ඇවිත් තියෙන දුර. අකරන්ගහ තියෙන්නේ ගිරිඋල්ල හන්දියෙන් පස්යාල පැත්තට 1කිමි විතර දුරින්. නගර සභාවේ සිට 65කිමි දුරින්. ජනතා සේවය කෙසේ වෙතත් අපේ බදු මුදල් වලින් ගමන් ගාස්තු නම් ගෙවන්න වෙයි.
දැන් අහන්න තියෙන්නේ පොල්ලෙළි වලට ඡන්දය දීලා සැපද කියලා විතරයි.
මහරගම චන්දදායකයෝ හරි බුද්ධිමත්ය. තමන්ගේ ප්රදේශයේ පදිංචි අපේක්ෂකයන්ගෙන් සේවයක් ඉටු නොවන නිසා, ඉම්පෝර්ට් කරපු පිරිසකට චන්දය දීමට ඔවුන් තීරණය කර ඇති බව පෙනේ. මහා මැතිවරණයේදී අපටත් චන්දය දීම සඳහා ඉතියෝපියාවෙන්වත් අපේක්ෂකයන් පිරිසක් ගෙන්වා ගත්තොත් නරකද?