පැරීසියේ ශ්‍රී ලාංකික විවිධ කිතුනු සංවිධාන හා වෙනත් සංවිධාන නත්තල බොහෝ ඉහළින් සැමරීය. ඒ අතරින් පැරීසියේ මීගමු සංවිධානය වාර්ෂිකව පවත්වන නත්තල් උත්සවය විශේෂ වුයේය. එදින නත්තල් ශාලාව ජනයාගෙන් පිරී ඉතිරී තිබුණේය. සියල්ලෝ කති බොති නටති. සතුටු වෙති. නත්තල් බැති ගී, ළමා ගී, යුග ගී, නැටුම්, ගැයුම්, වැයුම්, ඔපෙරා සැදෑව වර්ණවත් කළේය. මෙවර නත්තල් සැඳෑවට විශේෂ අමුත්තෙක් පැමිණියේය. ඇඹිලිපිටියේ එම්. ජී. ධනුෂ්ක නොහොත් දෙරණ සුපර් ස්ටාර් ජය ගත් තරුණ රසිකයන් අතර ජනප‍්‍රිය එම්.ජී නත්තල් වේදිකාව හා ශාලාව නර්තන ශාලාවක් බවට පත් කළේය.
එදා ශ්‍රී ලංකාවේ බයිලා චක‍්‍රවර්ති විරුදාවලිය ලත් එම්.එස් ප‍්‍රනාන්දු අද ජීවතුන් අතර නොසිටියත් කලකට පසු ඔහුගේ කට හඬ හා ඔහුගේ පැරණි ගීත රසවිඳීමට ලැබීමත් ඔහු සිහිපත් කිරීමට හැකි විය.
එබැවින් එදින නත්තල අර්ථවත් වුයේය. බයිලා ලොවේ තවත් චක‍්‍රවර්ති නමින් ඇමතූ දැනට සැඳෑ සමයෙන් පසුවෙන ඇන්ටන් ජෝන්ස්ගේ බාල පුත් පැරීසියේ වෙසෙන රොෂාන් ජෝන්ස්ද එදින සැඳෑවට එක්වුයේය. ඇන්ටන් ජෝන්ස් කට හඬත් එම ගීත කිහිපයක් රොෂාන් විසින් ගායනා කැරිණි. සිරි ප‍්‍රනාන්දු හා රොෂාන් ජෝන්ස් විසින් රචනා කොට තිලක් ඩයස්ගේ සංගීතයෙන් ඔප කළ රොෂාන් ගැයූ ”දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකයි ” යන ගීතය කාගෙත් සිත් ගත්තේය.
එදින නත්තල් සැඳෑව චක‍්‍රවර්ති බයිලා හඬින් වේදිකාව ෙදාාංකාරය වුයේය. සැඳෑව ඇම්.ඇස්, ඇන්ටන් ජෝන්ස් රාත‍්‍රියක්ම වුයේය. ඔවුන් සිහි ගැන්වීම එදින නත්තල් සැඳෑවේ විශේෂ වුයේය. ජගත් වික‍්‍රමආරච්චි මහතා වේදිකා කථනයට එක්වූ අතර පැරීසියේ ‘එවර් ෂයින්‘ සංගීත කණ්ඩායම සංගීතය සැපයීය. නත්තල් සැඳෑව සාර්ථක කර ගැනීමට සහය වූ හා සහභාගීවු පැරීසියේ සියලූ දෙනාටමත් ලංකාදීප පුවත්පතටත් ස්තුතිය පුද කරන බව පැරීසියේ මීගමු සංවිධානයේ ප‍්‍රධානින් වූ ජයලත් ප‍්‍රනාන්දු, රංýත් ප‍්‍රනාන්දු, ජෝ ප‍්‍රනාන්දු, ලක්මාල් යන මහත්වරු පැවසූහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම් එස් ප්‍රනාන්දු ,ඇන්ටන් ජෝන්ස් සිහිකිරීම උතුම් ක්‍රියාවක් .ඒවගේම පිංකමක් .ඈත අතීතයේ ශ්‍රී ලංකා රසිකයන් පිනවූ ඔවුන් සදා අමරණීයයි .ඔවුන් සිහිපත් කිරීම අපේ යුතුකමක් .එය සිදු කළ මීගමු සංවිධානයට අපේ ප්‍රණාමය (බ)
මේවා නම් නියම වැඩ අපි හරි අාසයි.(හේ)