
‘ජී7’ සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් සමූහ ඡායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අන්දමන්ද වී කැමරා කරුවන්ගෙන් ඉවතට සිටි අතර, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වහා ඔහු යළි කැමරාව දෙසට හරවාගෙන ඡායාරූපයට එක් කරගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙවර ‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ, ඉතාලියේය.
සමුළුවේ සත්කාරකරු වන්නේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝජියා මොලෝනීය.
ජෝ බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා වන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයාය. 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ද බයිඩන් යළි ඉදිරිපත් වෙයි.
‘ජී7’ නායකයෝ එම සමූහ ඡායාරූපයට පෙනී සිටියේ, සවෙලේට්‍රි නගරයේ ඩොමෙනිකෝ ගොල්ෆ් පිටියේ ඉදිකර තිබුණු වේදිකාවේ සිටය. ඡායාරූප ගැනීමට පෙර, ගොල්ෆ් පිටියට ඉහළ අහසේ ඉතාලි හමුදා සෙබළුන්ගේ ගුවන් කරණම් සංදර්ශනයක් ද පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපෙත් ඉන්නේ මේ වගේම අන්ද මන්ද වෙච්චි නාකි ජනපතිලා සැට් එකක්!
මේ යකාගේ අන්දමන්ද වීම මුළු ලෝකයම සාමයට බාධාවක්
මෙයා 80 පැනපු අන්දමන්ද වෙච්චි කෙනෙක්.. ලංකාවේ ඉන්නේ 70 පැනපු අන්දභූත වෙච්චි සෙට් එකක්...!
මේක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගෙවල් වල ඉන්න ඕන නාකි මල ඉලව් රටේ පාලන බලයට ඇවිල්ලා වැරදි තීරණ අරගෙන රට ආපස්සට අරගෙන යනවා. බලාගෙන යනකොට ලෝකට හෙන ගහලා