යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති එම විශ්ව විද්‍යාලයයේ සිසුන්ගෙන් ඉල්ලා සිටියි.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති, ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් පිරිසක් අද ජනාධිපති කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
පසුගියදා විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ එහි දී සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අධ්‍යාපනය ලබාගන්නත් ආරක්ෂාව දෙන්න වෙලා (නි)
බය නැතුව විශ්ව විද්‍යාලයට යන අයට ගැහුවොත් ගුටිකාලා තමයි ඉතින් අාපහු එන්න වෙන්නේ. එච්චරයි මට කියන්න තියෙන්නේ (නි)
දැන් ඉගෙනගන්නත් බයවෙන්න සිද්ධවෙලා (නි)
පිටබැද්දර ජයාගේ අදහස් දෙස බලනවිට (පහුගිය අදහස් දැක්වීම්ද සමඟින්) මට පෙනෙන්නේ ඔහු දේශපාලනික වශයෙන් මනෝ ව්‍යාකූලභාවයට පත්වූ අයෙක් බවයි. (නි)
මේ ටික වෙන බවත් කලින් කිවුවා නේද? මහින්ද හදපු සාමය නැති කළා. දැන්වත් රජය බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. උතුරෙන් හමුදාව ඉවත් කරන්න එපා. බුද්ධි අංශයේ නිලධාරින්ට හිරිහැර කරන්න එපා. තත්වය තවත් භයානක වේවි. (නි)
යෙනුර හරියට හරි. ඔය ජයාගේ නම දැක්කත් මම එයා ලියන දේවල් දැන් බලන්නෙත් නැහැ. (නි)
මේ අනවශ්‍ය ප්‍රශ්න දුරදිග ගෙනියන්න එපා (නි)
අනේ මන්දා මොනවා සිද්ධවෙන්න යනවද කියලා (නි)
ප්‍රශ්නය වෙලා තියෙන්නේ සිංහල අයට මිසක් අසිංහල අයට නොවෙයිනේ. ඉතින් ඔය කියන්නේ මොන අයටද? සිදුවෙලා තියන බරපතල දේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව කොහොමද ඔය කියන කතාව ඒ දෙමවුපියෝ පිළිගන්නේ? "උණහපුලුවාට උගේ පැටවු මැණිකක්ලු“. අර රෝහල්ගත දරුවා වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය ගැන ජනතාව දැඩි සේ බලාසිටින බව අමතක කරන්නත් එපා. (නි)
පිටබැද්දර ජයා, තමාගේ දරුවාගේ ඔලුවත් යාපනේදී පැලුවා නම් තමා ඕක හිතයි නේද සුළු දෙයක් කියලා. (නි)
මේවගේ දේවල් හොඳ පිටබැද්දර ජයාට, චතුරි වගේ අයට තමයි. යහපාලනේ කට්ටක්වත් හප හපා ඉන්න හම්බවෙලා ඇති. (නි)
පිටබැද්දර ජයා, නීතිය ක්‍රියාත්මක වුණේ නැති එකනේ ප්‍රශ්නය. ඕක දකුණේ කැම්පස් එකක වුණා නම්... ? හිරේ දාලා. ඇපත් නැතුව, ජිනීවාත් ගිහින්. හුසේන් කුමාරයත් අපිට පාර්ට් දාලා. මොන ජංජාලයක් වෙන්න තිබුනද? ජයෝ, මේ රටේ සිංහල මිනිසුන්ට වෙන අසාධාරණය ගැන නුඹට කිසිම අවබෝධයක් නැහැ. (නි)
ලංකාවේ විශ්ව විද්‍යාලවල මීට වඩා ඉතා දරුණු ගැටුම් ඇතිවෙලා තියෙනවා ... (ම)
ඔව් නාමල් වෙලා තියෙනවා තමයි. නමුත් ජාතීන් දෙකක් අතර මේ වගේ ඒවා නෙමෙයි (නි)
නාමල් කතා කරන්නේ නිව්යෝර්ක් ඉඳලානේ. ඒක ඇත්ත. ඇමෙරිකාවේ නම් එහෙම නැහැ තමා. මම දන්නා තරමින් නම් යාපනෙන් පිට තියෙන විශ්ව විද්‍යාලයක නම් ඔය වගේ ගැටුමක් මෙතෙක් වෙලා නැහැ. දන්නවා නම් කියන්න කාටත් දැනගන්නත් එක්ක. (නි)
කැලණියේ නවක වද දුන් සිසුන් මාස 2 වැඩිය හිරේ දැම්මා. මෙතරම් දරුණු දෙයක් වෙලත් රජය නීතිය ක්‍රියාත්මක කළේ නැත්තේ ඇයි? (නි)
අපොයි ඔව් බය නැතුව යන්න. (නි)
අර ඔලුවේ මැහුම දැක්කාම ආපයු යන්න බයයි සර්. (රේ)
අයියණ්ඩියේ බිය නොවන්න ! මැරෙන හැටි මම පෙන්වමි !(රේ)
කයිය විතරයි! (රේ)
යන්න යන්න ගිහිල්ල ගුටිකාලා හරි මේගොල්ලන්ගේ සහජීවනේ අගේ පෙන්වන්න ළමයිනේ!(රේ)
එහෙනම් ඉතින් ඕකේ අනිත් පැත්ත වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. (නි)
සිංහල අයට නෙමෙයි, මම හිතන්නේ අනෙක් අයට වෙන්න ඇති මෙහෙම කියන්නේ (නි)
එකම රටක් තුළ මොනවද මේ සිදුවෙන දේවල්? (නි)
එහෙනම් ඉතින් මොකට බය වෙනවද? විශ්වාස කරලා යන්නයි තියෙන්නේ. (නි)
ඒකත් හරියට ජනාධිපතිවරණයට කලින් අර කිව්ව, උදෙන්ම ඡන්ද පොලට ගිහින් කතිරේ ගහන්න කියන කතාව වගේමයි මට නම්. (නි)
මගේ හිතට නම් පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)
ඕක කොහොමද දකුණේ වුණා නම්? අම්මෝ කට්ටිය මැරෙන්න හදයි ජාතිවාදය අැවිස්සුවා කියලා. (නි)
කටින් බතල කොල හිටවලා නම් අපිට වැඩක් නැහැ (නි)
100% ක් ආරක්ෂාව සහතික වියහැකිද? දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන්න එපා (නි)
මදැයි රටේ අධ්‍යාපනයට ගිය කලක්! (නි)
අයියෝ! මේක මේ ලංකාවේ සිද්ධවුණ පළමු ගැටීම නෙමෙයිනේ විශ්ව විද්‍යාලයක් තුළ? වෙනස දෙමළ සිංහල කොල්ලෝ ටිකක් ගහගත් එකයි. මේක දිහා ජාතිවාදීව බලන්න එපා. රටේ නීතියට ඉඩදෙමු (නි)