බුද්ධගයාවේ කිසිම කලබලකාරී තත්වයක් මේ වෙනතෙක් මතුවී නැති බවත්, ඉස්ලාමීය අන්තවාදී පිරිසක් බෝමිබ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමිව සිටින බවට ඉන්දීය මාධ්‍ය මෙන්ම මෙරට මාධ්‍ය මගින්ද පුළුල් ලෙස ප්‍රචාරය වී ඇතත් බුද්ධගයාව වැඳ පුදා ගැනීමට යන බෞද්ධ ජනතාව ඊට බියක් ඇති කර ගත යුතු නැති බව බුද්ධගයාවේ සිට අද (21) මෙරටට වැඩම කළ අලුත්වැවේ සෝමතිලක හිමියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ලංකාදීපයට පැවසූහ.
බුද්ධගයාවේ වන්දනාවේ යන බෞද්ධ වන්දනාකරුවන්ට විවිධ හිරිහැර සිදුවෙතැයිද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතැයිද පළවූ ආරංචිවල කිසිම ඇත්තක් නැතැයි ඒ හිමියෝ කියති.
අලුත්වැව සෝමතිලක හිමියන් ඇතුළු බුද්ධගයාව වන්දනා මාන කිරීමට ගොස් සිටි බෞද්ධ වන්දනා නඩයක් ඊයේ සවස මිහින්ලංකා ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ආපසු දිවයිනට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාම පැවසූවේ සුපුරුදු සෝදිසි කිරීමි හැරුණු විට වෙනත් සිද්ධියක් දැනගන්නට නොලැබුන බවත් තමන් සිත්තේ වන්දනාමාන කරගෙන ආපසු පැමිණි බවත්ය.
සෝමතිලක හිමියෝ මෙසේද පැවසූහ.
මම නාලන්දා විශ්ව විද්‍යාලයේ මාස දෙකක් පමණ හිටියා. මීට ටික දිනකට පෙර ඉන්දියාවේ ‘ප්‍රභාත් කබර්‘ කියන පුවත්පතේ මුස්ලීමි අන්තවාදී කණ්ඩායමක් බුද්ධගයාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමිව සිටින බවට පුවතක් ඵල වුනා. ඉන්පසු පසුගිය 19 වෙනිදා ඒ සමිබන්ධයෙන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලත් පුවතක් ඵල වුනා.
නමුත් අපිට කිසිම කරදරයක් මෙි වන තුරු නමි සිදුවෙලා නැහැ. ලංකාවෙි ඉදල නමි කිහිප දෙනෙක් කතාකරල මෙි පිළිබඳව ඇහුවා. බිහාර් ප්‍රාන්ත බලධාරීන් බුද්ධගයාවේ ආරක්ෂක ත්තවය වැඩිකර ඇති බව දැනගන්නට තියෙනවා. ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කර තියෙනවා. ඒ නිසා බුද්ධගයාව වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ට බිය විය යුතු කාරණයක් මෙතෙක් බුද්ධගයාවේ සිදුවී නැති බව මගේ විශ්වාසයයි.
බුද්ධගයාන වැඳ පුදාගෙන පැමිණි නුගේගොඩ කණිෂ්ක ලෙවන්ගම(35) මහතා මෙසේ කීය.
ලෝකෙ පුරා සිටින බෞද්ධයෝ ලක්ෂ ගනනක් බුද්ධගයාව වැඳ පුදාගන්න එනවා. ශ්‍රී ලංකාවෙනුත් වසරකට ලක්ෂයකට වඩා බැතිමතුන් පිරිසක් බුද්ධ ගයාව වඳින්න යනවා.
මම විසි වතාවක් පමණ බුද්ධගයාව වැඳපුදා ගැනීමට ගොස් තිඛෙනවා. එහෙම යන්නේ මගේ අමිමට වන්දනාමාන කිරීමට අවශ්‍ය නිසා. අමිමට වයස අවුරුදු 86 ක් වෙනවා. අමිමා රෝද පුටුවෙ ඉන්නේ.
අපිට මාධ්‍ය මගින් ලැබුණු ආරංචි විතරයි තියෙන්නේ. වෙනත් කිසිම සිද්ධියක් අත්දුටුවෙ නැහැ. බෝමිබ ප්‍රහාර එල්ල කරනවා යැයි කියූ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් දිල්ලියේදී අල්ල ගත්තා කියලා දැනගත්තා. ඒකත් මාධ්‍ය මගින් දැනගත්තේ.
ලංකාවේ අය වරින්වර දුරකතන ඇමතුමි දීලා අහනවා කරදරයක් නැද්ද හොඳින් ඉන්නවද කියලා. ආරක්ෂක තත්වයත් හොඳයි. හින්දු ආගමිකයින්ගේ පූජාවකට ප්‍රහාර එල්ලකරනවා කියලයි අපි දැනගත්තේ. ඒ පූජාව ඉවරයි. දැන් ඉතින් බයවෙන්න දෙයක් නැහැ. බෞද්ධ ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැහැ.
නුගේගොඩ කේ. සිල්වා මහත්මිය පැවසූවෙි දුර්ගා පූජාව 29 වෙනිදා තියෙනවා. ඒකට ප්‍රහාර එල්ලවෙනවා කියලයි ප්‍රචාරය යන්නේ. අපිට නමි කිසිම කරදරයක් වුනේ නැහැ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ මිනිස්සුන්ට ඕනෑ කරන්නේ? (නි)
තායි, කොරියන්, වියට්නාම්, බුරුම පිරිස් මේ දිනවල බුද්ධගයාවට ආවත් මේ සිද්ධිය නිසා ලංකාවේ අය එන්නේ අඩුවෙන්. (නි)
පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන ලංකාවේ ඉන්න එක ඇගට ගුණයි වගේ. (නි)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදු හාමුදුරුවනේ (ස)
බය නැතිව ගිහිල්ලා එන්න (ස)
සමන් වගේ අනවබෝධයෙන් අදහස් දාන අයත් ඉන්නවා (නි)
නාලක, බොහොම කණගාටුයි. ඉන්දියාවට යන්නේ කාලා බීලා විනෝද වෙන්න නෙමෙයි (නි)
සමන් ඔයා ඇත්තටම සිංහලද ?? (ස)
මෙතන ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කියල සදහන් කල එක වැරදියි. හැම ජාතියකම මෙවැනි පිරිසක් ඉන්නවා. අපේ රටේ ත්‍රස්තවාදීන්ට ඇයි හින්දු ත්‍රස්තවාදීන් කියල ඇමතුවේ නැත්තේ. එතකොට යුරෝපයේ සිටින ක්‍රිස්තු ත්‍රස්ත කණ්ඩායම් වලට ත්‍රස්ත වාදීන් කියල ඇමතුවා මිස එහි ආගමක් සදහන් කළේ නැහැ. මෙතන තියෙන්නේ මුළු ලෝකයේම තියන මාධ්‍ය හරහා මුස්ලිම් වරුන්ට එරහිව ඇමරිකානුවන් ගෙනයන කුමන්ත්‍රණයක්. එබැවින් අපි අද යම් දෙයක් ගැන විශ්ලේෂණය කරනවිට අපේ බුද්ධියේ විමසුමට ලක්කිරීම මැනවි. (ස)
ජනිත්, කිහිප දෙනෙක් නිසා සමස්ත මුස්ලිම් වර්ගයාම දෙස මෙහෙම බලන එක වැරදියි (නි)
මිනිසුන් අතර සාමයක් ඇතිවීමට බුද්ධගයාව ඉවහල් වුණා (නි)
ඈත්තටම මෙ මුස්ලිම් අය ගහන්න අවෙ බෞද්ධයන්ටද? හින්දුන්ටද? එක එක අය එක එක කතා කියනවා.බෞද්ධයන්ට ගහන්න ආවනම් ඉන්දියාවෙ අනෙක් බෞද්ධ සිද්ධස්ථාන වලටත් ආරක්ශාවක් දෙන්න ඔනෙ. (ස)
ඕව් ඉතින් රට අරන්යන කට්ටියට ප්‍රශ්නයක් නෑ තමයි...දැන් මේකත් ජාවාරමක් වෙලා. දඹදිව යන අම්මලා තාත්තලා හොඳට හොයලා බලලා යන්න (ස)
සාධු... සාධු... සාධු...! (නි)
චාරිකා සංවිධායකවරුනි, රට ගැන සිතන්න. (නි)
මුස්ලිම් ජාතිකයො කොතනද එතන ත්‍රස්තවාදය.... (නි)
ඉන්දියාව බලන්නේ කොහොම හරි ලංකාවත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්න. දන්නවනේ පහුගිය කාලේ වෙච්ච දේවල් (ස)
මොන එහෙකට ඔය ඉන්දියාවට යනවද? එයාලට අපිව එපා නම්, අපිට ගහනවා නම්, අපි යමු තායිලන්තේ වගේ සාමකාමී පිරිසිදු රටකට. පාරේ මළපහ කරන ඉන්දියාවේ ගිහින් බඩේ අමාරු හදාගන්නවාට ගුටි කනවාට වඩා කොයි තරම් හොඳද තායිලන්තේ? බුද්ධාගමේ අය 95% කම ඉන්න රටක් නේ. (නි)
බුද්ධගයාවට ගෙනියන අයට අහුවෙන්න එපා. (නි)
සිංහලවුණි නැවත යමු පෙළපාළි විරෝධය ප්‍රකාශ කරමු (අ)
ත්‍රස්තවාදියෝ කිය කියා නොවේ පහර දෙන්නේ (අ)
ලෝකයම උඩු යටිකුරු වෙලා තියෙන එකේ පරෙස්සම කෝකටත් හොදයි. (නි)
බුද්ධගයා ගියාට අපි කොහොමද වේලක්කන්නි පල්ලි යන්නේ? (නි)