(නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න)

 බඹර  ප්‍රහාරයකට ලක්වූ   බණ්ඩාරවෙල විදුහලක  දරුවන් 10 දෙනෙකු අද (27)  ප්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

රෝහල් ගත කර ඇත්තේ එම  විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ දරුවන් පිරිසකි.

 ඔවුන් අද (27) උදෑසන ක්‍රීඩා කරමින් සිටියදී පාසැල් වත්තට කඩා වැදුණු බඹර රංචුවක් විසින් ප්‍රහාර එල්ල කර ඇත.