
( රංජිත් රාජපක්ෂ )
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල ඇතුලත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ ඉහළ කොටසේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹර වදය උකුස්සෙකු පහර දී කඩාගෙන යැමෙන් පසු එම බඹර කුඩුවේ ඇවිස්සුණු බව කියයි. බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවන් එම වතුයායේ ගිලන් රථයෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd