
(චමින්ද වැවතැන්න සහ බණ්ඩාර ජයරත්න)
මාවනැල්ල නගර මධ්‍යයේ අමතර පංතියක බොක්සිං ක්‍රීඩාව ඉගනුම ලබමින් සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 27 දෙනෙක් ඇතුළු 30 දෙනෙකුට අද (16) වැනිදා සවස බඹර ප්‍රහාරයකට ලක්ව මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.
මාවනැල්ල නගර මධ්‍යයේ අතහැර දමා ඇති දස මහල් ගොඩනැගිල්ලක බඹර කූඩු කිහිපයක් ඇති අතර අවස්ථා කිහිපයක දී මෙම බඹර කූඩුවල සිටින බඹරු මාවනැල්ල නගරයට පැමිණි ජනයාට ප්‍රහාර එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් ජනයා අදාල බලධාරින් කීප අවස්ථාවක දීම දැනුවත් කර ඇති බවත් මෙතෙක් කිසිම බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැති බවත් ජනයා පැවසීය.
බඹරු කූඩ බැද ඇති ගොඩනැගිල්ල ආසන්නයේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් අමතර පංතියක් අද (16) වැනිදා පවත්වාගෙන ගොස් ඇති අතර එකවර බඹරු විශාල පිරිසක් පැමිණිමෙන් දරුවන් 27 දෙනෙකුට හා දරුවන් සමග පැමිණ සිටි මව්පියන් තිදෙනෙක් සමග 30 දෙනෙකුට බඹර ප්‍රහාරය එල්ල කර තිබේ.
පසුව දරුවන් හා මව්පියන් තිදෙනා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දැනට මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දරුවන් සියලු දෙනා වයස අවුරුදු 15 ට අඩු බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරු ගැන කියද්දී , මට මහා කාලකන්නි අදහසක් ආවා.ලොකු බඹර වදයක් , " දියවන්නාවේ මුසල සත්තුවත්තට " අරගෙන ගිහිල්ලා ,සත්තු 225 යි උන්ගේ ලොකු සතායි ඔක්කොමව ඇතුලට දාලා දොරවල් ලොක් කරලා ...බඹරුන්ව අවුස්සනවා...හොඳට තියෙයි නේද ? නිව්ස් එක රූපවාහිනියෙන් පෙන්නුවාම ...ජිවිත කාලයක්ම රැවටිලා...දුක් විඳින දුප්පත් අහිංසකයින්ගේ මුවට ,මොහොතකටවත් සතුටු සිනහවක් ආවොත් ..මට ඒ ඇති.