(සමන් පාලිත නානායක්කාර)

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල  ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල්  බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු   ජාතික පිරිමි පුද්ගලයෙකු සහ ශ්‍රී ලාංකික ජාතික ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර  සඳහා ඇල්ල දෙමෝදර ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි.

 ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්න ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම තිදෙනාට බඹර  ප්‍රහාරය එල්ල වී තිබේ .

ඉකුත් සතියේදීද  ආරුක්කු නමය පාලම ආසන්නයේදී සංචාරකයින් පිරිසකට බඹරු ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රදේශවාසීහු පවසති.