ගනේවත්ත ආඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් මව සහ දියණියන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ වේරගල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකි. මියගිය වැඩිමහල් දියණිය අවුරුදු පහක් වන අතර බාල දියණිය දෙවැනි වියෙහි පසු වෙති.
ඉල්ලීම් කිපයක් සම්බන්ධයෙන් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවෝ අද වැඩවර්ජනයක නියැලී සිටිති.
COMMENTS
මෙම අනතුරට වග කිව යුත්තේ දුම්රිය ගේට්ටු මුරකරු. මේ සිදු කල අපරාධයට දඬුවම් දිය යුතුයි. (ම)
ගේට්ටු මුරකරුවෝ වර්ජනය මේකට අදාල නෑ. මම ඕන තරම් දැකල තියනවා ගේට්ටු වහල තියන වෙලාවටත් මෝටර් සයිකල් රේල් පාර හරහා දානවා. වහලා නැති වෙලාවට කොහොමත් දෙපාරක් බලන්න ඕනේ අපි. ගොඩක් වෙලාවට පාරේ යන්නේ කල්පනාවෙන් නෙවෙයි එකයි ගොඩක් වෙලාවට හේතුව. අපරාදේ වටිනා ජීවිත තුනක්. නිවන් සැප පතනවා.! (ර)
තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න ඕනි කියල හිටපු නායකයෙක් කිව්වා. (අ)
නිසි පුහුණුවක් නැතිව ගොඩක් කාන්තාවෝ මෝටර් සයිකල් පදවනවා ඔවුනට නිසි පුහුණුවක් ලබා දෙන්න (ම)
චන්ද්‍රසිරි ඔබගේ අදසට මම එකගයි (බ)
වෛද්‍යවරු හෝ වේවා අනිකුත් අංශයේ හෝ වේවා, කරන වැඩවර්ජනවලින් පීඩා විදින්නේ අහිංසක මිනිස්සු. වැඩවර්ජන, උද්ඝෝෂණවලට යම් සීමා හා නීති රීති පෙන්විය යුතුයි. (බ)
නිසි පුහුණුව කෙසේ වතත් ගේට්ටුව වසා තිබුන නම් මේ අපරාදේ වෙන්නේ නැනේ..අර කලින් හොරා කාපු සල්ලි දැන් ඉතුරුනේ..ඒවායින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම දීල තව ජිවිත් වැනසෙන එක නතර කරන්න බලධාරීන්ගේ ඇස ඇරේවා. මිය ගිය අයට නිවන් සුව පතමි..(බ)
නිසි පුහුණුව කෙසේ වෙතත් ගේට්ටුව වසා තිබුන නම් මේ අපරාදේ වෙන්නේ නැනේ..අර කලින් හොරා කාපු සල්ලි දැන් ඉතුරුනේ..ඒවායින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම දීල තව ජිවිත් වැනසෙන එක නතර කරන්න බලධාරීන්ගේ ඇස ඇරේවා. මිය ගිය අයට නිවන් සුව පතමි..(බ)