අනාරක්ෂිත දුම්රිය ගේට්ටු (බම්බු ගේට්ටු) මුරකරුවෝ ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් අද(31) පෙරවරු 6 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරඹූහ.
ශ‍්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක‍්‍රියාකරවන්නන්ගේ සාමාජිකත්ව එකමුතුවේ සංවිධායක ආර්.බි.අශෝක බංඩාර මහතා කියා සිටියේ තමන්ට මාසිකව ලබාදෙන රුපියල් 7500 ප‍්‍රමාණවත් නොවන බැවින් එම මුදල අවම වශයෙන් රුපියල් 12,500 දක්වා වැඩිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එය මෙතෙක් ඉටු නොවීම නිසා වැඩ වර්ජනයක් ඇරඹූ බවයි.
මෙරට අනාරක්ෂිත ගේට්ටු සංඛ්‍යාව 687 ක් වන අතර එහි මුරකරුවන් 2061 ක් සේවයේ නිරතව සිටිති.
ඡායාරූප - නිමල් ජයරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය පාරවල් හරහා දමා ඇති පාරවල් වල ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම ප්‍රාදේශීය සභාව සතුයි. හැමතැනකම පාරවල් දමා ඇත්තේ ප්‍රාදේශීය පාලනයෙන් නේද? සුදුසු කටයුතු කිරීම ප්‍රාදේශීය සභාව විසින් කළයුතුයි. මෙය සියලුදෙනාම තේරුම් ගතයුතුයි. ස්වයංක්‍රිය ගේට්ටු හෝ ගේට්ටුකරුවන් පිළිබඳ වගකීම ඔවුන් බාරගත යුතුයි (නි)