අමදෝරු අමරජීව
මුතුර්, කිලිවෙඩ්ටි පාලම යටට විසිකර තිබියදි හමු වු ග්‍රේනේට් ලොන්චර් අවිවලට යොදන කුඩා බොම්බ 10ක් විශේෂ කාර්ය බළකාය මගින් නිෂ්ක්‍රීය කළ බව මුතුර් පොලිසිය කියයි.
අලුත්ම ඒවා වන මෙම කුඩා බෝම්බ මිලිමීටර් 40 වර්ගයේ ග්‍රේනේට් ලෝන්චර් වලට යොදන ඒවා බවත් කිලිවෙඩ්ටි පාලම අසල ඇති පොලිස් මුර කුටියේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින් දැක මේවා පාලම යටට විසිකරන්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම බෝම්බ දැක මේ පිළිබඳව මුතුර් පොලිසියට දැනුම් දීමෙන් පසු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නන්දලාල් පද්මනාථ මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කළේය.
මෙම බෝම්බ විසිකළ අය කවුරුන්ද යන්න පිළිබඳව මුතුර් සහකාර පොලිස් අධිකාරි බුද්ධක මනතුංග මහතාගේ මෙහෙයවීම මත මුතුර් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මුතුර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ලබාතගත් නියෝගයක් අනුව විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර දෙවැනි කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එන්.එච්.ඒ.එස්.බණ්ඩාර මහතාගේ මෙහෙයවිම යටතේ පැමිණි නිලධාරි කණ්ඩායමක් මෙම බෝම්බ නිෂ්ක්‍රීය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ හමුදාව ඇයින් නොකරන්න හේතු
හමුදාව සදාකාලිකවම තියන්න පුළුවන් නේද?
හමුදාව අයින් කරන්න කියන්නේ ඕකට තමයි. යහපාලනේට කියා කියා ජන්දෙ දීපු අයට ඉතින් මේවා පෙන්නෙ නෑනේ...
හමුදාව අයින් නොකරන්න නෙවෙයි අයින් කරන්න හේතු...