බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට පැය 24ක් පුරා ක්‍රියාත්මක අඛණ්ඩ මෙහෙයුම් රටපුරා ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවැසීය. රියදුරන් බීමතින් රියපැදීම බොහොමයක්ම රිය අනතුරුවලට ප්‍රධාන හේතුව බැවින් එය වළක්වා ගැනීමට මෙම දීප ව්‍යාප්ත මෙහෙයුම් දිනපතාම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් ගෙන හිටියොත් පමණක් අනෙකුත් ලියකියවිලි පරීක්ෂා කරන්න.. නැත්නම් නිදහස් කරන්න..!(නු)
පුහ්... ලංකාවේ අපේ පොලිසිය.... (නි)
හොදම හොද වැඩක් මේ. ගොඩක් සතුටුයි. (නි)
ඇයි අර මේජර්ට ගහපු කෙනාව ඇල්ලුවේ නැහැ නේද? (නි)
අපිට නම් බීපුවහම තමයි හොදට යන්න පුලුවන්. (නි)
හරියට කරොත් ජීවිත දහස් ගානක් බේරෙයි . හරියට කරාවිද කියන එකයි සැක ??????????????? (ස)
පොලීසියෙන් ගත්ත නිවැරදි තීරණයක්. අපි කොච්චර නිවැරදි ලෙස ගියත් බීපු මාරුවෝ ඇවිත් අහිංසක මිනිස්සු මරලා දානවා.පොලීසියට මාගේ අවංක ස්තූතිය...අපේ උදව්ව ඔබලාට.. (ස)
මේ කාලෙය් හරියට රියඅනතුරු අසරණ ජීවිත සෑහෙන ගානක් මේ ටිකට නැතිවුනා මේක නම් ඉතාම හොද කාලෝචිත වැඩක් (ස)
බස් රියදුරන්වත් පරීක්ෂා කරනවා නම් හොදයි. (නි)
මාවනම් අල්ලන්න වෙන්නේම නැහැ...!(නු)
ඉතාම හොද රටක්. වැදගත් තීරණයක්. තරාතිරම නොබලා නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නම් රටේ සිදුවන භයානක රිය අනතුරු අවම කළ හැකියි. (නි)
බීමත් රියදුරන් විතරක් නෙමෙයි සීට් බෙල්ට් එකත් සියළුම ආසන වලට පැලදීම අනිවාර්‍යෙන් කල යුතුයි..(ස)
අද ගෙදර ගිහිං කරන දෙයක්.. ඒත් ගෙදරට අහුවුනාට වඩා පොලිසියට අහුවෙන එක හොදයි කියලා හිතෙයිද දන්නේ නැහැ..!!(නු)
පොලිසිය මේ වැඩේ හරියට කරනවාද කියලා බලන්න තව කට්ටියක් දාන්න ඕන..!!(නු)
කොපමන කාලෙකටද? (ස)
දැන් කීදෙනෙක් ඇල්ලුවද? (නි)
අවංකවම කළොත් නම් මේක නියම වැඩක් තමයි. (නි)
හොද වැඩක්. ඒත් දේශපාලඥයින් ඇගිලි ගහයිද දන්නේ නැහැ නේද? (නි)
"අමිල කටුනායක -අපිට නම් බීපුවහම තමයි හොදට යන්න පුලුවන්....." අමිලට නම් මෝඩකම නොපෙන්වා ඉන්නම බැහැ නේද (ස)
තනතුරු කිසිවක් නොබලා ඉහළම දඩුවම් දෙන්න.. අවුරුදු පහකටත් රියදුරු බලපත්‍රය නැතිකරන්න..!!(නු)
පොලිස් රාළහාමිලාගේ හොද්දත් බොර වෙයි (අ)
හොද වැඩක් (දී)
වැඩේ නම් හොදයි හොදටම (දී)
මදැයි වෙච්ච දෙයක් (දී)
වැඩේ නම් හොදයි හැබැයි. නීතිය අකුරටම කරන්න (දී)
බීමත් ඉන්න ඇමති පුතාලවත් ඇල්ලුවොත් හොඳයි (දී)
පොලිසි නිලධාරීන්ට හොඳ අදායමක් . (දී)
හැමදාම ඔය වැඩේ කරන්න (දී)
බීල එලොලත් ඉවරයි (දී)
ඉවරයි (දී)
අනේ අපොයි..!!(නු)
ලොක්කෝ බීලා යද්දී එයාලවත් අල්ලනවා නම් හොදයි. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. (නි)
අවදානමට පෙර සූදානම අගය කළ යුතුයි. (නි)
එහෙනම් මුලින්ම අල්ලන්න තියෙන්නේ රාජ්‍ය රියදුරන්ව සහ දේශපාලකයින්ගේ රියදුරන්වනේ. (නි)
රථවාහන නීතිරීතිත් දැන් රැල්ලක් වෙලා. රැල්ල වගේ වගේ ඇවිල්ලා කාලයකට නැතිව යනවා. ඕවා දැනටමත් තියෙන නීති. ඇයි මෙච්චරකල් ක්‍රියාත්මක නොකළේ? (නි)
අනේ විකාර. එහෙනම් අද අල්ලන්න එපැයි. (නි)
බීමත් රියදුරන් විසින් අහිංසක ජීවිත බිලිගැනීම මේ කාර්යය නිසාවත් අඩුවේවා! (නි)
හොදම හොද වැඩක්. (නි)