බිබිල ප්‍රදේශයේ ඉන්ෆුලුවන්සා (ඒ-එච්1 එන්1) වෛරස් උණ රෝගය ශීඝ්‍ර ලෙස පැතිර යමින් තිබෙන අතර රෝගීන් 30 දෙනකු දැනට බිබිල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි වයි.එම්. සුනිල් සෙනරත්යාපා මහතා පවසයි.
ඔවුන් වෙනම වාට්ටුවක රඳවා කොළඹින් ඹෟෂධ ගෙනැවිත් ප්‍රතිකාර ලබාදෙන බව වෛද්‍ය අධිකාරිවරයා කියයි. රෝගීන් අතර ගර්භනී මව්වරුන් සිව් දෙනකු සිටින බවත් මෙම උණ රෝගය පැතිරී යා හැකි නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අනෙකුත් රෝගීන් ප්‍රදේශයේ වෙනත් රෝහල්වලට මාරුකර යැවීමට ප්‍රධාන වෛද්‍ය අධිකාරිවරයා කටයුතු කර තිබේ.
බිබිල ප්‍රදේශයේ ජනතාවට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය, උණ ගතිය ඇති වුවහොත් ළඟම ඇති රජයේ රෝහලකට ගොස් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කළ යුතු බව වෛද්‍ය අධිකාරිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd