මහින්ද රාජපක්‍ෂ මහතා විවේචනය කිරීමට අවශ්‍ය මාතෘකා සපයා දී පරාජය කරවීමේ පළමු වෙඩිමුරය තැබූ තැනැත්තා තවමත් එතුමා සමීපයේ සිටිමින් එතුමාට පක්‍ෂයත් නැති කිරීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ජනමාධ්‍ය හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකරාශීව කටයුතු කළ යුතුය යන මතයේ තවමත් ඉන්නා නිසා දැන්ම එම පුද්ගලයා කවුරුන්ද යන්න හෙළි නොකරන නමුත් ළඟදීම ඒ ගැන හෙළි කරන බව ද බණ්ඩාර මහතා ස`දහන් කළේය.
අලූත් පක්‍ෂයක් නැමති දරුවා වැදීමේ විළිරුදාවෙන් පෙළෙන මවක් සිටිනා බවට ඇතැමුන් ප‍්‍රකාශ කරමින් සිටින බව කී බණ්ඩාර මහතා එම උපතේ දී පෙකනිවැල කපා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමට කතුර අතට ගන්නේ කවුරුන්ද යන්න දෙස විමසිල්ලෙන් බලාසිටින බව ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණු සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් රණතුංග යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බබා ලැබිලා ගොඩක් කල්. පෙකණි වැල දැන් නැහැ. ළමයා පිළිසිඳ ගත්තේ නම් ඡන්දෙට කලින් (නි)
යූඇන්පී එකට කරපු දේවල් වලට ඵල විපාක දැන් නිදහස් පක්ෂයට පළ දෙනවා (බ)
ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වගේ පක්ෂ දේශපාලනය ඉතිහාසයේ කවර දාකවත් කළේ නැත. අහෝ යහපාලනය. (බ)
බබාගේ උප්පැන්න සහතික ගැටළුවකුත් පවතින බවයි අපිට නම් හිතෙන්නේ (නි)