භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය 2012, 2013 සහ 2014 වර්ෂවලදී රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑදහසක මහා පරිමාණ වංචාවක් සිදුකර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.
මේ බව හෙළි වූයේ 2015 වර්ෂය සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකදී බව කී වික්‍රමසිංහ මහතා මේ මහා පරිමාණ දූෂණය සඳහා වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු හිටපු ඇමැතිවරුන් වගකිව යුතු යැයිද පැවසීය.
මේ කමිටුවේ වගකීම සහ කාර්ය භාරය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුව 2015 සඳහා රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කරද්දී යම් දූෂණයක්, වංචාවක් සහ අක්‍රමිකතාවයක් සිදුවී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමයි.
මේ මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමේදී ඊට අදාළ තීන්දු තීරණ ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නොව මහ බැංකුව මගින් පත් කළ ටෙන්ඩර් කමිටුව බව එම විමර්ශන කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත් මේ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ කරුණු විමසා බලා පළමු වටයේදීම එම පෙත්සම නිෂ්ප්‍රභා කළා.
අප මේ වැඩ කටයුතු සියල්ල කර ඇත්තේ විනිවිද බවකින් යුතුවයි. මේ ගැන සියලු කරුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් කර තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ තේරීම් කාරක සභාව මේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලනවාට අප සියලු දෙනාම එකඟයි.
ශ්‍රී ලංකා මහ බැංකුව 2015 සඳහා රුපියල් කෝටි 1000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීමේදී ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අදාළ විමර්ශන කමිටුව කරුණු සොයා බලද්දී මහා පරිමාණ දූෂණයක් හෙළිදරව් වීමයි.
2012, 2013 හා 2014 වර්ෂවලදී ශ්‍රී ලංකා ආණ්ඩුවට මුදල් එකතු කිරීම සඳහා රුපියල් කෝටි 2,70,000 ක මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ කිසිදු විනිවිද භාවයකින් තොරව හිටපු පාලකයින්ගේ මිතුරන්ට බව එම කමිටුව කළ විමර්ශනයේදී හෙළිවී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 1000 ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් විභාග කිරීමට ගොස් ඒ වගේ 270 ගුණයක් වැඩි මහා පරිමාණ වංචාවක් සොයා ගැනීමට අපට හැකිවී තිබෙනවා. මේ මහා භාණ්ඩාගාර බැඳුම්කර ඒකාධිපති රෙජීමය එදා ලබාදී තිබුණේ සිය මිත්‍රයින්ට වන අතර ඒ අය එම බැඳුම්කර විකුණා සල්ලි ලබාගත්තා.
මේ මහා භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත යුත්තේ ටෙන්ඩර් කමිටුවක් මාර්ගයෙන් ප්‍රසිද්ධ වෙන්දේසියකින් වන නමුත් පැවැති ආණ්ඩුව අදාළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු කළේ පෞද්ගලික සහ සෘජු ඉල්ලීම් මතයි.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මහත්තයෝ, මොනවද මේ කියන්නේ? (නි)
නුවන් චාමර මහතාණෙනි, අපහාසයෙන් හා උපහාසයෙන් තොරව ඔබගේ අදහසත් ප්‍රකාශකළා නම් නේද වඩා උසස් වන්නේ. (නි)
මොන මගුලක්ද මේ ඕවා කියවන්නේ නැතුව පාරකට තාර ටිකක්වත් දාපල්ලකෝ.(හේ)
චතුරි, ඒක නම් ඇත්ත. රටේ තරුණයෝ නම් අගමැතිතුමා සමඟ තමා. (නි)
ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලකම හොඳින් දැන් පෙනෙනවා. ඩොලර් එක දැන් 136 ට නැඟලා. මේ අවුරුද්ද අවසන් වෙනකොට 150 වෙනවා ෂුවර්. (නි)
දැන්නම් එයාගෙත් කිසි වෙනසක් නැහැ (නි)
දැන් බොරුවට තව අලුතින් කතාවක් හදාගෙන. ඔබතුමා විපක්ෂ නායකයා වෙලා නේද ඒ කාලේ හිටියේ.....?ඒ කාලේ එහෙම වංචාවක් වුණා නම් කතාකරන්න තිබුනනේ. (නි)
කියන අය සුපිරිසිදු අයද? (නි)
චානක ලොස් ඇන්ජලිස් මහතා 100% හරි. බැඳුම්කර වංචාවේ කෝටි 5000 ක් සිදුවී ඇති බව ආණ්ඩුවේ සහකාර පක්ෂ පවා කියද්දී ඒ බව නොදන්න්වා වගේ , නොතේරෙනවා වගේ කතා කරන අය ඇත්තෙන්ම ද්‍රෝහියෝ. කලකට පසු මම ඔබතුමා සමග රට වෙනුවෙන් එකඟවෙමි (නි)
දොන්,එයා ඒකාලේ හිටියේ නිදාගෙනද ? (නදී)
ඔබ තුමා විපක්ෂ නායකයා වෙලා හිටියා නේද? එහෙම වංචාවක් උනා නම් කතා කරන්න තිබුනනේ. දැන් මේවා කියාලා වැඩක් නැහැබ (නදී)
මේ වගේ වගකීමකින් පැනයන්න බොරු කියන උදවියද රාජ්‍ය පාලනය ඉල්ලන්නේ ? මෙයාල නම් කමක් නැහැ එයා දේශපාලකයෙක්. නමුත් අර චානක ලොස් ඇන්ජලිස් මහතා කිව්වා වගේ මෙයාල වෙනුවෙන් කතා කරන, අදහස් දාන උදවිය මොලය පරික්ෂා කර ගත යුතුයි. පක්ෂය කෙසේ වෙතත් වරද, වරදක් ලෙස දකින්න කොන්දක් තියෙන්න ඕනේ නුවන් මහතාට වගේ. (නදී)
චතුරිගේ කතාව ඇත්ත..දෙවියන්ගේ පිහිටෙන් මිසක් ඡන්දෙන් එන්න බැහැ.(හේ)
බුදු අම්මෝ මේ රටේ සියළුම මාර්ග අධිවේගී කරන්න පුළුවන් තරම් මුදලක් නේ.(හේ)
බන්දු, මම කියන දේ තේරුම් ගන්න බැරි ඔබ කොහොමද අගමැති කෙනකුගේ දේ තේරුම්ගන්නේ? මගේ සිංහල තේරුම්ගන්න ලෙහෙසියි (නි)
මේ චතුරි කියන්නේ අර ඇමෙරිකාවේ ඉන්න නෝනා වෙන්න ඇති. එතුමියට මොකෝ ඇමෙරිකාවේ ඉන්න පුළුවන්නේ! සිංහල අපිට යන්න රටක් තමා නැත්තේ (නි)
බොරු කියන එකෙයි බොරු අහන එකෙයි සීමාවක් තියනවා කියල රනිල් තේරුම් ගත්තොත් හොඳයි. (නදී)
හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට කදිම උදාහරණයක් (නදී) .
තෙපර බාල හරියන්නේ නැහැ ගන්න හිරබාරයට අන්දවන්න ජම්පරය. ආණ්ඩුවේ සල්ලි මංකොල්ල කන එක එල්ලුම් ගස් යවන වරදක්. (නදී)
මිස්ටර් බීන් ඇත්තටම ඉන්නේ ලංකාවේ තමයි. (නදී)
රටේ මහජන දේපොළ හොරාකෑ අය වෙනුවෙන් කඩේයන පුද්ගලයන්ට මම කියන්නේ ..... ඔබලා දේශද්‍රෝහියෝ! (නි)
රට නිදහස් කළා කියලා හැමදාමත් මහින්ද තමන්ට ඕනෑ විදිහට මේවා කළා. ඒ කාලේ කව්රුත් ඕවා හෙව්වේ නැහැ (නි)
අපහාසයෙන් ඉදිරිපත් කළත් හොරකම් වලට වෙනසක් වේවිද? (බ)
අනේ මහත්තයෝ! (නි)
එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂයේ ඉන්නකොට මේ කියන බැඳුම්කර වංචා පිළිබඳව සොයා බලන්න රනිල් මහතාට තිබුනා නේද? තමුන්ට විරුද්ධ පක්ෂයේ ඉන්නකොටත් පඩියක් ගෙව්වානේ (නි)
රටටම හොරෙන් ප්‍රබාකරන් සමග සටන් විරාම ගිවිසුම ගහපු රනිල්ට මේවා සුළු දේවල්. මෙයා තවම දේශපාලනය කරන එක තමා පුදුමේ. (ස)
බලනකොට රාජපක්ෂලාගේ ඉන්නේ ලොකුම හොරුනේ. අපේ ලේ මස් සුරාගෙන කාලයි තියෙන්නේ (නි)
රනිල් කියන්නේ ඇත්ත වෙන්න ඇති (නි)
දුෂිතයෝ ඵළවලා යහපාලකයන්ට දුන්නේ හොරකම් නැති කිරිමටයි. අගමැතිතුමනි, අලුත් හොරුන්ටයි පැරණි හොරුන්ටයි තරාතිරම බලන්නේ නැතුව දැඩි දඬුවම් කරන්න. නැත්නම් යහපාලනය වචනයට පමණක් සීමාවෙයි (නි)
බොරු කියලා මිනිස්සු රවටන්න බැහැ.(හේ)
ඉතින් ඔයාලා ඒ කාලේ මේවා දන්නෙ නැද්ද? (නි)
තමන්ගේ කෙනා රැකගන්න ගොතන කතා කියල මිනිස්සු හිතන්නේ . හොදමදේ නම් අපේ ආණ්ඩුවට තියන චෝදනා බොරු කියල ඔප්පුකරන්න පුළුවන් හැමදේම කරලා පරණ ආණ්ඩුව කරපු දේ හොයමු. (කේ)
ලංකාවේ ඉන්න හැමෝම කොණ්ඩය බැඳපු චීන්නු කියලා නම් හිතන්න එපා (නි)
අත්දෙකෙන් හෙළුව වහ ගත්ත වගේ කතාවක් මේක! (කේ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (කේ)
කොහොමත් කොල්ලෝ,කෙල්ලෝ හරිම ආදරෙයි අපේ අගමැතිතුමාට. (නි)
මේ කාගේ මුදල්ද?(හේ)
තවත් නාට්‍යක්.(හේ)
කියනතරමක් කියන්නේ බොරු. (ස)
ඔහේ කියන්නේ ඔය පත් කරපු මුදල් නීති පිලිබඳ කිසිම විශේෂඥ දැනුමක් නැති යූඑන්පී එකේ නීතිඥයෝ තුන්දෙනා කියන දේවල් අපිට පිලි ගන්න කියලද...මේ ගොල්ලොම නේ කිව්වේ මේකට මහේන්ද්‍රන් ගේ ඍජු සම්බන්දයක් නෑ කියල..එහෙම නම් ඔහේ කියන සමහර දූෂණ වලට මහින්දත් ඍජු සම්බන්දයක් නෑ කියල ඔය මඩ ගහන එක නවත්තන්නකො...අපි නොදන්නා කබර න්‍යාය ...කොහොමත් අගමැති කම හම්බ උනාට පස්සේ ඔබතුමාගේ තියන එඩිතර බව තව ටික කලයි...ඊට පස්සේ අායිත් ඉස්සර වගේ අපිට බලන්න පුළුවන් වෙයි විපක්ෂ නායක වෙලා..ඔහේ නිකට ට අත තියාගෙන ඉන්නවා..මෙලෝ රහක් නැතිව ...අැයි කට්ටියට අමතකද? (ස)
මෙයා හැමදාමත් බොරුකියලා කියලා දැන් ඇත්තක් කියුවත් කවුරුවත් පිළිගන්නේ නැහැ. අන්දරේ සිහි වෙනවා. මේකත් ඒවගේ බොරුවක්. (ස)
මොන බොරුද? මේවා මංගල මහතාගේ බොරු වලින් එකක් පමනයි. (ස)
අගමැති තුමා කතාන්දර කියනවා , බැදුම් කර කෝටි 5000 වංචාව වහගන්න . අනේ මටනම මෙතුමා කෝටි 10000 ක් වංචා කලත් කමක් නෑ, අපේ රට බෙදන්න ඉඩ දෙන්න එපා , දිනු නිදහස ආරක‍්ෂා කර දෙන්න . සල්ලි හම්බකරන්න පුළුවන් , නමුත් දිනු රට නැති උනොත් , අපේ රණවිරුවෝ අපිට සාප කරාවි. (ස)
රනිල් ගෙන් තවත් කථාවක්. හෙජින් ගනුදෙනුවෙන් පාඩු වුනයි කිව්ව ම්. 40 ගැන පාර්ලිමෙන්තුවේ හැම දාම කතාකරපු මේ ගොල්ලො, මෙහෙම එකක් වෙලා තිබ්බ නම් ,නොදැන ඉන්න විදියක් නැහැනෙ. තවත් පච හලලා , වයසක එජාපකාරයන් වද අන්දන්න හදන්නේ? (බ)
අලුත් ආණ්ඩුව කරපු වැරැද්ද වහන්න පරණ ආණ්ඩුවේ වැරදි ඉස්සරහට දැම්මම හරියනවද? (ස)
අරය ගහපු එක වහන්න දඟලන්නේ. (ස)
බැඳුම්කරවලින් වංචා කලේ කවුද කියලා මිනිස්සු දන්නවා. (ස)
එකාධිපතියෙකු ලෙස ඔහුගේ තීන්දු වෙනස් කරන්න කැමති නැහැ. ඔහු සිතන්නේ ඔහු තමා රටේ ඉන්න එකම ආර්ථික විද්‍යාඥයා කියල. ඒ නිසා තමා ඔහු මහ බැංකුව පිටරැටියෙකුට දුන්නේ. කාට කියන්නද? (ස)
රටේ සංවර්ධනය කොයිබට ගිහින්ද?සියලු දෙනාම කියව කියවා සිටියා ඇති. කොහෙද දස ගුණයේ සංවර්ධනය? (නි)
දැන් පෙන්නනවා අන්දරේ 2015 ! (ස)
ඕවා විශ්වාස කරයි යහපාලනයට ඡන්දය දීපු අය නම් (නි)
මහින්ද හොරකම් කරපු එව්ව තමුන්ලට පේන්නෙ නැත්තෙ මොකද? රටක් හදන්න බෑරි තමුන්ලවගෙ අය නිසා තමයි. (ස)
මහානාම, කඳාන මහතා සමග මමත් එකඟයි (බ)
මෙහෙමත් හොරු රුපියල් කෝටි 2,70,000 කාගේ සල්ලිද මේවා. (ස)
මේ "කඳානේ මහානාම" උන්නැහේ, මහ බැංකු සිද්ධියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පෙත්සම් ප්‍රතික්ෂේප කරපු බව ටීවී එකේ පෙන්නුව දැක්කේ නැද්ද ? අනික මේ සිද්ධිය ඇතුලු සියලු මහ බැංකු අක්‍රමිකතා සොයන්න කෝප් කොමිටි එකට බාරදීල තියෙන්නේ. ඒකේ සභාපති නම් යූ.ඇන්.පී එකේ නෙමෙයි හොඳේ ? මහින්ද රාජපක්ෂගේ කාලේදි මහ බැංකුවේ දූෂණ චෝදනා හොයන්න ගියානම් මහානාම මහත්තයෝ සුදු වෑන් එකකින් ආපහු නොයෙන ගමනක් යන්න තිබුනා නොමිලයේම. ඔබතුමාලා මැරිල ඉපදුනා වගේ කතා කරන්න එපා. ලැජ්ජාව පොඩ්ඩක් හරි ගෑවිලා තියෙනවනම් මේ වගේ අදහස් දාන්නත් එපා. (ස)
කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරද්දී මොහු කොතරම් බොරු බේගල් ඇද බෑවාද? මහින්ද මහත්මා රට නිදහස් කර දුන්නාට පස්සේ ඇවිත් විකාර දොඩවනවා.මෙයා පත් කර ගත් මහා බැංකු ලොක්කා කරපු මගොඩිය කොහොමද? ඒවා ගැන කතා නොකර බයිලා ගහනවා. මේ රට කන්න එපා. (ස)
කවුරු හරි හොරකම් කරලා තියෙනවනම් නඩු දාල දඬුවම් දෙන්න. වාචාල කමට චව් චව් ගාන්නේ නැතිව. (ස)
තුෂාර, කතා නම් කාට කියන්න බැරිද? හැබැයි ඔප්පු කරන්න ඕනේ. (හේ)
මම යහපාලන ආණ්ඩුවට සහයෝගය දුන් කෙනෙක්. එනමුත් මම කිසිවිටක මේ තර්කය අනුමත කරන්නේ නැහැ. තමන් ආදර්ශවත් වෙලා තමන්ගේ ආණ්ඩුව යටතේ වුණා කියන වංචාව විමර්ශනය කරලා පෙන්නලා, ඊටපස්සේ පසුගිය ආණ්ඩුව යටතේ වූ වංචා විමර්ශනය කරන්න. කියවීමට වඩා ආදර්ශය උතුම්. (නි)
එයාලත් කළා තමයි! නමුත් අරගොල්ලෝ ඊටවැඩිය යටිමඩි ගහලා තියෙනවා. (නි)
ඒ ගමන තවත් එකක්. අනේ! දැන් කතා ඇති අගමැතිතුමනි (නි)
ඒ සල්ලි ටික තිබුණා නම් මදෑ අපිට මේ රට සුරපුරයක් කරන්න (නි)
එතකොට මහ බැංකුවේ ප්‍රශ්නය? අනුන්ට ඇඟිල්ල දික් කරනවා දැන් (නි)
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි (නි)
එතකොට 2012,2013,2014 දී විපක්ෂ නායකයා හැටියට හිටියේ "නිදගෙනද"? මහජනයා මෝඩයෝ කියලා හිතන්න එපා (නි)
අනේ මන්දා කවදා මේවා අවසන් වේවිද කියලා (නි)
පුදුමාකාර කතාවක්නේ මේක! (නි)
අපිට නිකන් බොරු නම් කියන්න එපා. ඡන්දෙ තියෙනවනේ! අපි දෙන්නම් උත්තර (නි)
අගමැතිතුමනි, කාගෙවත් කියුම් පිළිගන්නේ නැතුව ඔබ කරන මේ සේවය දිගටම කරන්න. පොලිසියට,උසාවියට, සේරම ලියකියවිලි අඩුවක් නැතුව බාරදෙන්න. ඔබ තමයි අගමැති. දුෂ්කර තැන් පසුකර අවසානයි දැන්. දැන් තමයි ඔබගේ වාරය. උපරිම උත්සාහයෙන් වැඩ කරන්න. නියම වෙලාවට දෙවියන් මේ තැන ඔබට දුන්නා. දැන් රටේ ගොඩක් තරුණයින් ඔබ සමඟයි (නි)
නුවන් චාමර මහතා නෙනි , මගේ නමින්ම අමතපු නිසා මා පිළිතුරු දිය යුතුයි . එතකොට මහ බැංකු වංචාවේ වරද කරු කවුද අධිපති නොවේ නම් , අගමැති පත් කරපු ( එජාපයේ නීති මහත්වරු 3 දෙනා ) දුන් වාර්තාවේ තිබ්බේ මහබැංකු අධිපති සෘජුව සම්බන්ද නැහැ කියලා , එහෙනම් වක්‍රවද සම්බන්ද ? හරි එතුමා නොවේ නම් අගමැති ද වග කියන්න ඕනේ , මම නොවේ අහන්නේ මේ අධුරදර්ශි ආණ්ඩුව පත් කරන්න දර දිය ඇදපු , හෙළ උරුමය හා ජවිපෙ , මම හිතන්නේ ඔබේ තුමාගේ පාට කන්නාඩිය නිසා ඒවා නොපෙනෙන්න ඇති , නො ඇසෙන්න ඇති . මහින්ද රාජපක්ෂ මහතා වරදක් කළා නම් අත්අඩංගුවට ගත්තට මට ප්‍රශ්නයක් නෑ, නමුත් මේ මාධ්‍ය සංදර්ශන බව නොතේරෙන්නේ පෙර පාසල් යන උදවියට පමණි . පසු ගිය මහා බැංකුවේ වරදක් උනා නම් ඒ ගැන කතා කරන්න නොවේ , ගිනි තියන්න තරම් කට්ටිය ඒ කාලේ හිටියා , ජවිපෙ එහෙම නම් රටම ගිනි තියාවි , ඉතින් එහෙම තිබ්බ නම් විපක්ෂ නායකයා බුදියගෙනද හිටියේ ? මට කියන්න කෝ ඔබ තුමා දන්නවා නම් , කොයි කාවද අපරාධයක් නොකළ කෙනෙක් සුදු වෑන එකක දාගෙන ගියේ ? කාවද මැරුවේ ? ඔබතුමා කොහෙද හිටියේ රිචඩ් ද සොයිස ව මරනකොට , ගල්කිස්සේ මුහුදු වෙරළේ සාගරිකා ගෝමස් ව නිරුවත්ව මරණ කොට , ඔබ තුමා දන්නේ නැතිනම් කරුණාකරලා ඉතිහාසය ඉගෙන ගෙන කතා කරන්න , මෙතැන් උදවිය 95 % වෙච්ච වරද හදුනාගෙන පක්ෂ බේදයෙන් තොරව කතා කරන කොට ඔබතුමා පමණක් අන්ධයෙක් වගේ කතා කරන්නේ සමහරවිට මේ ආණ්ඩුවෙන් ගෙවීමක් ලැබෙනවා ද කියා මට සැකයි . ( මෙතන අදහස් දාන්න නොවේ , සමහර විට ආණ්ඩුවේ ආයතනයක රස්සාවක් වගේ ) . ලැජ්ජාව ගැන කතා කරන්න කලින් ඔබතුමා මෑත හා ඈත ඉතිහාසේ ඉගෙනගෙන අදහස් දැම්ම නම් ඔබතුමාටත් රටටත් වැඩදායකයි . (ස)