භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට අද(06) එම කොමිසමේ කොමසාරිස්වරු තිදෙනා රැස්වූ බව එහි ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා කීය.
මෙම කොමිසමේ කටයුතු පිළිබඳ මාධ්‍යයට අනාවරණය කිරීම හෝ නොකිරීම කොමසාරිස්වරුන් ගේ අභිමතය පරිදි සිදුවන බවත් ,ඒ පිළිබඳව කොමිසම සම්බන්ධ දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වන බවත් එහි කොමසාරිස්වරයෙකු පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා කේ.ටී.චිත‍්‍රසිරි ,ප‍්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙපළ සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු වූ කන්දසාමි වේලූපිල්ලේ මහතා පත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දැනගැනීමේ අයිතියක් මහජනයාට තිබෙනවා නේද. මෙම කොමිසමේ කටයුතු පිළිබඳ මාධ්‍යයට අනාවරණය නොකිරීම කොමසාරිස්වරුන්ගේ අභිමතය පරිදි සිදුවුණොත් ඊට විරුද්ධව ජනතාව පෙළගස්වන්න එක මාධ්‍යයට අයත් කර්තව්‍යයක් ලෙස අපි හිතනවා (නි)
වැඩේ යටිමඩි ගහන්න සැළසුම් කරනවා එහෙම නෙමෙයි ඔන්න (නි)
මාධ්‍යට නොදුන්නත් කමක් නැහැ.වැඩේ හරියට කරලා හොරු අල්ලනවානම් (බ)