( තිළිණි ද සිල්වා සහ ආරියරත්න රණබාහු )
බැඳුම්කර ගනුදෙනුවලදී ඊට කෙලින්ම සම්බන්ධ පාර්ශවයක් කිසියම් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා අද (07) ලිඛිතව පාර්ලිමෙන්තුවට දන්වා තිබේ.
මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කළ විමසීමට පිළිතුරු ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා මේ බව නිර්දේශ කර ඇත.
නීතිපතිවරයා විසින් නිකුත් කළ එම ලිපියේ දැක්වෙන්නේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් අත්‍යවශ්‍යය බවයි. දැනටමත් මහ බැංකු අධිපතිවරයා එම පැමිණිල්ල කර ඇති බැවින් කඩිනම් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා පවසයි.
කෝප් වාර්තා පිළිබඳව නීතිපතිවරයා එවූ ලිපිය කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බව ය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1529
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැඳුම්කර ගනුදෙනුවලදී අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා කියයි
රොමේෂ් Tuesday, 07 March 2017 03:47 PM
පාඩු අය කරගෙන විතරක් මුන්ට දඬුවම් නොකර ඉන්න වගේ කල්පනාව. පාඩුව අය කරගෙන විතරක් ආ මදි ආයේ වෙන කාටහරි වුනත් මේවගේ හොරකමක් කරන්න බය හිතෙන විදිහේ දඬුවමක් දීම අනිවාර්යෙන් කල යුතුයි.