IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බෙනාසීර් බුතෝ බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවත්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් පසුගියදා පාකිස්තානය බලා පිටත්ව ගියේය. තරගාවලිය අනිද්දා (23 වැනිදා) ආරම්භවන අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පුහුණු කඳවුරකට ද සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් ඉකුත්දා (5) දිවයිනෙන් පිටත්ව ගියහ. මෙම තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයෝ සහභාගිවෙති. සංචාරක ශ්‍රී ලංකා පිලට කී‍්‍රඩකයෝ අට දෙනෙක් ඇතුළත්වෙති. තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා පිල: සී. එන්. අධිකාරී (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 49 ලයිට් ෆ්ලයි බර පංතිය), සී. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 52 ෆ්ලයි බර පංතිය), ජී. එස්. ජයවීර (යුනිචෙලා, කි.ග‍්‍රෑ. 56 බැන්ටම් බර පංතිය), ඒ. බී. ගුණතිලක (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 60 ලයිට් බර පංතිය), ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව, කි.ග‍්‍රෑ. 64 ලයිට් වෙල්ටර් බර පංතිය*, එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 69 වෙල්ටර් බර පංතිය), සී. එන්. ජයසුන්දර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 75 මිඞ්ල් බර පංතිය), ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව, කි.ග‍්‍රෑ.91 හෙවි බර පංතිය), ආර්. පී. දිසානායක (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ.91, සුපර් හෙවි බර පංතිය) ලූතිනන් කර්නල් වසන්ත ලියනවඩු මහතා (කළමනාකරු), අමිල අරවින්ද, යාපා බණ්ඩාර සහ එම්.ආර්.වෑකඩපොළ යන මහත්වරු (පුහුණුකරුවෝ)



අදහස් (0)

බෙනාසීර් බුතෝ බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site