පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් පසුගියදා පාකිස්තානය බලා පිටත්ව ගියේය. තරගාවලිය අනිද්දා (23 වැනිදා) ආරම්භවන අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පුහුණු කඳවුරකට ද සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් ඉකුත්දා (5) දිවයිනෙන් පිටත්ව ගියහ.
මෙම තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයෝ සහභාගිවෙති. සංචාරක ශ්‍රී ලංකා පිලට කී‍්‍රඩකයෝ අට දෙනෙක් ඇතුළත්වෙති.
තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා පිල:
සී. එන්. අධිකාරී (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 49 ලයිට් ෆ්ලයි බර පංතිය), සී. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 52 ෆ්ලයි බර පංතිය), ජී. එස්. ජයවීර (යුනිචෙලා, කි.ග‍්‍රෑ. 56 බැන්ටම් බර පංතිය), ඒ. බී. ගුණතිලක (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 60 ලයිට් බර පංතිය), ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව, කි.ග‍්‍රෑ. 64 ලයිට් වෙල්ටර් බර පංතිය*, එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 69 වෙල්ටර් බර පංතිය), සී. එන්. ජයසුන්දර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 75 මිඞ්ල් බර පංතිය), ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව, කි.ග‍්‍රෑ.91 හෙවි බර පංතිය), ආර්. පී. දිසානායක (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ.91, සුපර් හෙවි බර පංතිය)
ලූතිනන් කර්නල් වසන්ත ලියනවඩු මහතා (කළමනාකරු), අමිල අරවින්ද, යාපා බණ්ඩාර සහ එම්.ආර්.වෑකඩපොළ යන මහත්වරු (පුහුණුකරුවෝ)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd