අන්තර් පාසල් ”මන්චි ග්ලූකොෆිට් කි‍්‍රකට් සික්සස්” තරගාවලියේ ශූරතාව ඞී.එස් සේනානායක විදුහල විසින් දිනාගන්නා ලදී.
බොරැුල්ල කැම්බල් පිටියේ පැවති අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 11කින් පරාජයට පත් කරමින් ඔවුන් ශූරතාව දිනාගත්තේය. ජයග‍්‍රහණයේ නියමුවා වූ බිනුර ප‍්‍රනාන්දු ලකුණු 36 ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහරදුන් බිනුර සහ හරිත් මධුවන්ත (23) ගේ දක්ෂ පිතිහරඹයෙන් ඕවර 5කදී කඩුලූ 2ක් දැවී ලකුණු 70 ක් රැස්කිරීමට ඞී.එස් සේනානායක විදුහල සමත් විය.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශාන්ත පීතර විදුහලට ඕවර 5 කදී කඩුලූ 3 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 59ක් පමණි.
ලකුණු 36 ක් රැස්කළ බිනුර අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ අතර සමස්ත තරගාවලියේ වීරයාට සම්මාන දිනාගත්තේද ඔහුය. එමෙන්ම මුළු තරගාවලියේදී ලකුණු 104 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔහු තවත් සම්මානයක් දිනාගත්තේය.
අවසාන තරගයේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඞී.එස් සේනානායක විදුහලේ දුලීක බ‍්‍රාහ්මණගේ තරගාවලියේ හොඳම පන්දු රකින්නා ලෙසත් ලකුණු 42කට කඩුලූ 6ක් ලබාගත් එම විදුහලේ උවින් බණ්ඩාර, තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ.
ගුරුකුල විද්‍යාලයේ ආර්. අනුරුද්ධ තරගාවලියේ වැඩිම හයේ පහර එල්ලකළ පිතිකරුවාට සම්මාන ලැබීය. තරගාවලියේදී ඔහු එල්ලකළ හයේ පහර සංඛ්‍යාව 9කි. අර්ධ අවසන් පූර්ව තරගවලදී හයේ පහර හයක් එල්ල කරමින් අනුරුද්ධ, ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 62ක් රැස් කළේය.
බාලිකා තරගාවලියේදී බලපිටිය රේවත විදුහල කඩුලූ 5කින් පරදවා හලාවත කටුපොත විජය විදුහල බාලිකා ශූරතාව දිනාගැනීමට සමත්විය.
එහිදී චේතනා (26) සහ තාරිකා (11) හතරේ පහර 7ක් එල්ල කළේ කටුපොත විජය විදුහල ජයටැඹ කරා මෙහෙයවමිනි.
තරග ප‍්‍රතිඵල (බාලක තරග)
අවසන් තරගය :
කොළඹ ශාන්ත පීතර විද්‍යාලය (59/3) පරදවා කොළඹ ඞී.එස් සේනානායක විද්‍යාලය ජය ලැබීය.
අවසන් පූර්ව:
පානදුර රාජකීය විදුහල (54/5) පරදවා ශාන්ත පීතර විදුහල (65/4) ජය ලැබීය.
ගාල්ල රිච්මන්ඞ් විදුහල (50/5) පරදවා ඞී.එස් සේනානායක විදුහල (51/3) ජයලැබීය.
අර්ධ අවසන් පූර්ව:
මොරටුව විදුහල (41/5) පරදවා ඞී.එස් සේනානායක විදුහල (62/3) ලකුණු 21කින් ජයලැබීය.
ජනාධිපති විදුහල (32/5) පරදවා රිච්මන්ඞ් විදුහල (75/4) ලකුණු 43 කින් ජය ලැබීය.
දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (62/5) පරදවා පානදුර රාජකීය විදුහල (63/3) කඩුලූ 2කින් ජය ලැබීය.
ගුරුකුල විදුහල (66/1) පරදවා ශාන්ත පීතර විදුහල (71/2) ලකුණු 5කින් ජය ලැබීය.
(බාලිකා තරග)
අවසාන:
බලපිටිය රේවත විදුහල (36/4) පරදවා හලාවත විජය කටුපොත විදුහල (37/0) ජය ලැබීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිනුරට සම්මාන පිට සම්මාන
නාරද රාජපක්ෂ Tuesday, 16 October 2012 08:23 PM
සුභ පැතුම් (අ)
යොහාන් Tuesday, 16 October 2012 06:58 PM
චන්ද්‍රසිරි, මමත් මේ කියන්න ගියේ ඒකම තමයි (නි)
නාරද Tuesday, 16 October 2012 06:55 PM
බිනුරට සුභ පැතුම්! (නි)
චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 02:03 PM
අනේ දරුවනේ අපිට ඔයාලවත් එපා වෙනවා මේ ක්‍රිකට් නිසා (ස)
සිල්වා Tuesday, 16 October 2012 02:13 PM
අපේ ජාතික කණ්ඩායම් වල ඉන්න අයත් තරුණයින්ට තැනක් දෙන්න හිතුවොත් නේද හොද? (නි)