2008 ඇරැඹූ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරිම නිසා බීමට වතුර නැතැයි කියමින් දිඹුලාගල පැලැටියාව ගමේ පවුල් 500 ක සමාජිකයෝ අද උද්ඝෝෂණයක් ඇරඹූහ. දිඹුලාගල - පොලොන්නරු මාර්ගය අවහිර කරමින් ඔවුහු මේ උද්ඝෝෂණය කරති.
]
2008 ඇරැඹූ ග්‍රාමීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරිම නිසා බීමට වතුර නැතැයි කියමින් දිඹුලාගල පැලැටියාව ගමේ පවුල් 500 ක සමාජිකයෝ අද උද්ඝෝෂණයක් ඇරඹූහ. දිඹුලාගල - පොලොන්නරු මාර්ගය අවහිර කරමින් ඔවුහු මේ උද්ඝෝෂණය කරති.
]
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොන්න පොලිසියෙනුත් කසිප්පු පෙරලා දෙනකොට ඇයි මේ අඩන්නේ වතුරට? (දී)
රටේ තරු 5 හේ හෝටල් ගහනවා. ඒත් අවුරුදු 5 ක් ගිහිනුත් මේ අහිංසක මිනිස්සුන්ට වතුර නැහැ.මේවා විසදලායි රටේ ඉදිරි ගමන හදන්න ඕනෑ. (දී)
මේ පින්තුර අනුව අපේ රටට පමණක් නොව ලෝකයටම සුවිශේෂ සම්පතක් වන ඝර්ම කලාපීය වනාන්තර මුළුමනින්ම එළිකර අත්පත්කරගත් භුමියකයි ජල යෝජනා ක්‍රමය ඉල්ලන්නේ. මෙවැනි ප්‍රදේශ වලට ලෝකෙට ණයවෙලා වතුරදෙන්න ඕනෑ නැහැ. මෙවැනි ගම්මාන පවා ඉවත්කර නිසිලෙස වනාන්තර සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලකට යායුතුයි. (දී)
ලුම්බිණි, එතකොට කුමාරයන් වහන්සේලාට කොමිස් ලැබෙන්නේ නැහැ නේද ? (අ)
පාර්ලිමේන්තුවේ නිකන් කාලේ කන කී දෙනෙක් ඉන්නවද? එයාලගේ පඩිය නවත්තලා මේ මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙන්න බැරිද? (දී)
දැන් හැමදේම උද්ඝෝෂණ කරලා ඉල්ලන්න වෙලා. අනේ අපොයි! (දී)
නිල රණ . ඔහේට පිස්සු, ඒ මිනිස්සු එහේ නොහිටියානම් තාමත් යුද්දේ ඉවර නෑ. හිතුවද ආසාවට ඒ මිනිස්සු දුෂ්කර ගම්මාන වල දුක්විදිනවා කියලා. ඔය කතාව ගිහින් ඒ මිනිස්සුන්ට කිව්වනම් ඔහේ ආපහු එන්නේ ට්‍රොලියෙන්. අර වැව් තාවුලු වල හෝටල් ගහන උන්ට ඕවා කියන්න බයයි නේද?(නදී)
කොතරම් අපුරුද , මිනිස්සුන්ට බොන්න වතුරත් නැති ආශ්චර්යයක් ! සමහරවිට ආශ්චර්යය කියන වචනයේ තේරුම අපි හිතාගෙන ඉන්නවාට වඩා වෙනස් ඇති . (දී)
මේ මෝඩ නිල රනෝ නිකන් පචවෙන කතා එපා.මාත් ඒ පෙදෙසේ කෙනෙක්.ඔහේ කියන්නේ ඒ ගම දාල ඇවිත් ඔහෙලගෙ ගෙදර ඉන්න කියලද.මේ දන්නවා කිඅල පෙන්නුවට ඔහෙට අන් විතරි අඩු.(අ)
අරෙහෙ ගිරි කඩාගෙන දගලනවා 13 ගැන. මේ අහිංසකයො බොන්න වතුර ටික විතරක් ඉල්ලනවා. අනේ මෙහෙව් රටක්? සැමට සුභ අනාගතයක්! (දී)
ජනතාවගේ සල්ලිවලින් සමහරු රොකට් අරින්න හදනවා. සමහරු ආසියාවේ පළවෙනියා වෙන්න හදනවා. මේ දුප්පත් මිනිස්සු බොන්න වතුර නැතුව පන බේරගන්න හදනවා ! රටකට ගිය කලක්. (දී)
ඇත්ත. බොරු සෝබන වැඩ වලට නාස්ති කරන මුදල් යොදවලා කරන්න මොන තරම් වැඩ තියනවද? ඒ වුනාට පාලකයින් කරන්නේ නාස්තියයි දුෂණයයි (දී)
මගේ අතිජාත මිත්‍රයෙක් ප්‍රාදේශිය සබාපති තනතුරට පත්වීමෙන් පසු ගමට වතුර නැහැ නේද කියලා ඇහුවම මට ලැබුන පිළිතුර, කව්ද කියන්නේ වතුර නැහැ කියලා ගන්න බාල්දිය ,යන්න ලිදට, ලිදේ වතුර නැත්නම් යන්න ගගට, ගගේත් වතුර නැතිනම් යන්න මුහුදට.... කිවුවා. සත්‍ය සිදුවීමකි . (දී)
ලොකු ලොකු සංදර්ශන වලට යන සල්ලි වලින් පොඩි ගණනක් දුන්නත් මේ වැඩේ කරන්න පුළුවන් ඕනෑ කමක් තියෙනවා නම්. (දී)
අඋරුදු 30 ක් තිස්සේ මහවැලියේ කලේ රටේ මුදලුත්, විදේශ ආදාරත්, කිසිම සැලසුමක් නැතිව නාස්ති කරපු එක තමයි. ගොවියාට පොරොන්න්දු වූ කිසිදෙයක් හරියට කලේ නෑ, නිලධාරී දුෂණය තුලින් කෝටි ගණන් මුදල් හම්බ කරගත්තා. මුදලාලිලා හැදුනා, ගොවියා තවත් දුප්පත් උණා.(නදී)