ශ්රී ලංකා චීන රබර් -සහල් ගිවිසුම ගැන ආචාර්ය උපාධියකට ලිවීමට තමා දරු පවුලද සමඟ චීනයට ගිය බව හිටපු අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා කියයි.
ආචාර්ය උපාධියට ලියු බවත් අද අලුයම පැමිණි බවත් ඔහු පැවසීය.
ඔහු පසු ගිය 12 වැනීදා චීනයට ගියේය. එම ගිවිසුම ගැන ආචාර්ය උපාධි දෙකක් ශ්‍රී ලංකාවට ලැබුණු බවත් ඉන් එකක් තබාට ලැබුණු බවත් ඔහු කියයි.
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක රජයෙන් රබර් සහල් ගිවිසුම අත්සන් කළේ 1952 දීය. හෝමාගම ශ්‍රිලනිප රැස්වීමකදී අද (18) ගුණවර්ධන මහතා පැවසුයේ අධ්‍යාපන අමාත්‍යංශයේ තමා කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස නව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
පැය බාගයක් තමා ඔහු සමඟ කතා කළ බවත් ඔහු කියයි.
‘මා අධ්‍යාපන ඇමැති කාලේ අලුයම පහේ සිට රාත්‍රි දොළහ දක්වා වැඩ කළා.ඒ අමාත්‍යංශය හරි හරියට හැල හැප්පීම් තියෙන තැනක්.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පී.එච්.ඩී එක ගන්න අඩු ගානේ අවුරුදු 3 ක් ඕන වෙනවා. මටත් කියන්නකෝ සති දෙකකින් ගන්න විදිහක් අැහුවමයි. පී.එච්.ඩී එකට ලියන්නෙ නැහැ. ඒක පර්යේෂණ කරලයි ගන්නේ. අනේ මන්ද මෙයා මොනව රටට කියනවද කියලා. අපි බූරුවො කියලා හිතන් අැති. (නදී)
නියම විහිලුවක්. (නදී)
ආචාර්ය උපාධිය විභාගයක් නෙවෙයි කියල මෙයා දන්නේ නැද්ද? එ්කට පර්යේෂණ කරලා නිබන්ධනයක් දෙන්න ඕන නේ. මේක 5හේ ශිෂ්‍යත්වය වගේනේ දවස් දෙකෙන් කරලා එන්න බැහැ. (නදී)
මේකත් මේ මර්වින් සිල්වා ගත්තු පී.එච්.ඩී එක වගේ එකක්. අායේ ඒකෙ දෙකක් නැහැ. රට හිනස්සන්න එපා. (නදී)
මේවට හිනායන්නෙ අධෝමුඛයෙන් (නදී)
මේකත් අර කාගෙදෝ 'නීති උපාධිය' වගේද දන්නැහැ. (දිල්)
ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා ගන්න තිබුනේ "රුපියල් 2500 කින් ලංකාවේ ජීවත් වීමේ ක්‍රමෝපායන් සහ කාර්යක්ෂම විභාග පරිපාලනය " යන මාතෘකාව. (දිල්)
අනික් කෙනා කවුද කියලා කියන්නකෝ (දිල්)
ඔබතුමාගේ ආචාර්ය උපාධිය අර සමහරු පෙරකදෝරු විභාගේ පාස් කළා වගේ නොවේවා කියලා සිතින් පතනවා. (දිල්)
ආචාර්ය උපාධිය කරන්න තිබුණා නේද?(දිල්)
කවුද දන්නේ නෑ මේ ශිෂ්‍යත්වය අනුමත කළේ දන්නේ නෑ (දිල්)
අනේ මම නම් කිතුල්ගහට ගියේ "සීරීපාද කන්ද පේනවාද බලන්න". (දිල්)
මම දැන් චීනෙට ඇවිත් අවුරුදු 2 ක් වෙනවා. තාම බැරි උනා පී.එච්.ඩී එක ගන්න. මටත් කියන්නකෝ සති දෙකකින් ගන්න විදිහක් (නදී)
අහෝ සංඛ, ගන්න බැරිද අධ්‍යාපන ඇමතිකම දින 100 ට..? එතකොට ඔය ඕන නැති තැන් වලින් හිනාවෙන්න ඕනි නැහැනේ. (නදී)
ආචාර්ය උපාධිය විභාගයක් නෙවෙයි කියල මෙයා දන්නේ නැද්ද? එ්කට අවුරුදු 3ක් පර්යේෂණ කරලා නිබන්ධනයක් දෙන්න ඕන නේ. මේක 5හේ ශිෂ්‍යත්වය වගේනේ දවස් දෙකෙන් කරලා එන්න. සංඛ හරි. (නදී)
ඇයි බඩේ අමාරුවක්ද ? (නදී)
මෙයා කරපු දේවල් කළොත් දෙවියන්ගෙම පිහි තමයි (නදී)
ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනගියොත් නම් ඉතින්...? (නි)
ආචාර්ය උපාධියට ලිව්වෙත් බණ්ඩාරනායක ආණ්ඩුවෙන් කියලද? 1952 තිබුනෙ සේනානායක ආණ්ඩුවක් බවත් ගිවිසුම අත්සන් කලේ ඔවුන් බවත් හිටපු අධ්‍යාපන අැමතිතුමා දැන සිටියේ නැතිව අැති. චීනුන්වත් අැන්දුවාද? (නදී)
මේ වගේ අය පාර්ලිමේන්තු යවන අයටයි ගහන්න ඕනා (නදී)
දැන් ඉතින් ආණ්ඩු පක්ෂයේ ඉඳගන්න ආචාර්ය පදවිය ලොකු සුදුසුකමක් වෙයි.(දිල්)
අනික් ශිෂ්‍යත්වය ලැබුණු කෙනා දැනගන්න අපි ගොඩක් කැමතියි(දිල්)
මෙතුමාට මම ආචාර්ය උපාධි නිබන්ධනයට මාතෘකාවට යෝජනා කරන්න කැමතියි 'රුපියල දෙදහස් පන්සියෙන් ලංකාවේ ජීවත් වීමේ රහස්' යන්න. පර්යේෂණ දත්ත නියදියට සහභාගී වෙන්න අපි සියල්ලන්ම කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. (දිල්)
මේක නම් විශ්වාස කරන්න බැරි කතාවක් මේ දවස්වල හැටියට (දිල්)
මේ වගේ පැරණි ගිවිසුමකට අදාළ මාතෘකාවක් අද කාලයේ ආචාර්ය උපාධි නිබන්දනයකට භාර ගනීවිද ? (නදී)
ආචාර්ය උපාධි නිබන්දනයකට මේ වගේ මාතෘකාවක් ගැන සඳහන් කලේ ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාව බින්දුවයි කියල උපකල්පනය කරලා වෙන්න ඇති. (නදී)
චීනුන්ව නෙවෙයි ගාමිණි මෙයා අපිව අන්දන්න ද කොහෙද යන්නේ. මේ වගේ කල් පැනපු විෂය මාතෘකා අද කාලයේ උසස් ආචාර්ය විභාග නිබන්ධනයකට අනුමත වේවිද ? (නදී)
මෙයා කිවනේ රුපිරල් 3500 කින් කාල ඉන්න පුළුවන් කියලා. උගත්කම මොකටද මේ වගේ අයට. (නදී)
මේ කාලේ සමහරුන්ට තියෙන ආචාර්ය උපාධි දැක්කම මේක පුදුමයට කරුණක් නොවෙයි. 1952 තිබුනේ බණ්ඩාරනායක ආණ්ඩුවක් නොවෙන බව නම් අපි කවුරුත් දන්නවා. (නදී)
මේ දවස් වල චීන භාෂාව වෙන්ටැති කියන්නේ ලියන්නේ? (නදී)
බන්දුල හොද වැඩක් කළේම නැතිද ? (නදී)
දිට්ට දම්ම වේදනීය කරුමව පලදෙනවා. තව බොරු කියන්න එපා හිටපු ඇමතිතුමනි. මොකද උදේ 5.00 ඉදන් රෑ12.00 වෙනකල් වැඩ කළා කීවම අපට හිනා යන්නේ සංකා කියපු තැනින්ම තමයි. (නදී)
අප්පච්චියේ ඔබතුමා උදේ 5 ඉඳල රාත්‍රී 12 වෙනකන් කාර්යාලයේ වැඩ කළා නම් නිදිය ගත්ත අල්ල පනල්ලේ වෙන්න ඇති අර ටියුෂන් ගුරාලාගේ අතට ප්‍රශ්න පත්‍ර ටික වේලාසනින් ලැබෙන්න ඇත්තේ. බලන්නකෝ එකෙත් හැටි (නදී)
මෙයත් දැන් මර්වින් සිල්වා වගේ තමයි. දෙන්නම එකයි (නදී)
දුෂණය හා නාස්තිය පිලිබඳ ආචාර්ය උපාධියකට ලීව කිව්වනම් පිළිගන්න තිබුනා.(නදී)
ජනතාවට විහිලු සපයන්නෝ. (නදී)
පිටි කිලෝ එකකින් ඉදි ආප්ප 250 ක් හදන්න පුළුවන් කිවේ මෙයා නේද (නදී)
මෙයා කොහොමද සතියෙන් ආචාර්ය උපාදියක් ලියන්නේ. අපි දන්නා විදිහට නම් කෙනෙකු යම් දෙයක් ගැන රිසර්ච් කරලා එ්ක ගැන ලියන්න ඕනේ. අඩුම ගන්නේ අවුරුදු 3 යනවා ආචාර්ය උපදියට. මෙයා මිනිහ හිටපු අධ්‍යාපන ඇමති නේද? (නදී)
දවසෙන් ආචාර්ය උපාදිය ගත්තා. අනේ මටත් බැරිද? නියම විහිළුවක් (නදී)
මෙයාගේ ආචාර්ය උපාධිය තව හොඳයි. මෙතන නම් සඳහන් කරන්න බැරි පුතාල දෙන්නෙක් පාඨමාලාවට ඇතුලත් වීමට සුදුසුකම් නැතිව ජයවර්ධනපුර සහ කොළඹ විශ්ව විද්‍යාලවල ආචාර්ය උපාධි කරනවලු. "පාස් වෙන්න " සියලුම පහසුකම් ඇතිව. අනිත් මිනිස්සු අවුරුදු ගණන් කට්ට කාලා මහන්සි වෙලා කර ගන්න දේවල් සමහරුන්ට ලැබෙන හැටි තමයි ඒ. (නදී)
අනෙක් උපාදිය මුතුහෙට්ටිගම මහතාට (නදී)
මෙන්න අලුත් ආණ්ඩුවට ඇමති කෙනෙක් අඩු වියදමට ජනතාවට කන්න දෙන්න පුළුවන් (නදී)