අනීෂා මානගේ
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් බන්ධනාගාර තුල සේවයේ යෙදවීමට විරෝධය දක්වමින් අගුනකොළපැලැස්ස බන්ධනාගාරයේ කුලුනක් මත නැග විරෝධතාවයක් ආරම්භ කළ රැඳවියන් පිරිස රාත්‍රී කාලය වන විට ගීත ගායනා කරමින් විනෝද වන ආකාරය දක්නට ලැබිණි.
බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් යෙදවීම හා බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන භාණ්ඩ පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් පරික්ෂාවට ලක්කිරීමට විරෝධය දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 75 පමණ පිරිසක් අද උදෑසන 7.00ට පමණ විරෝධතාවයක් ආරම්භ කළහ.
රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුල ඇති සිව්මහල් නැරඹුම් කුලුන මත නැග විරෝධතාවයේ නිරත වූ අතර “SP අපිට එපා”, “බන්ධනාගාර පාලනයට SFT එපා”, “තිස්ස උසාවියෙන් ගෙනා කළුවර කොට ටිකට SP මොකද කරේ” ලෙස සඳහන් පුවරු කිහිපයක්ද ප්‍රදර්ශනය කර තිබිණි.
කුලුන මත සිටින රැඳවියන් අද උදෑසන කාලයේදී හූ කියමින් එස්ටීඑෆ් අපිට එපා යනුවෙන් කෑ ගසමින් කළු කොඩි අතැතිව විරෝධතාවයේ නිරත වූ අතර රාත්‍රී කාලය වන විට ඔවුන් අතැති ප්ලාස්ටික් ජල බෝතල් සංගීත භාණ්ඩයක් ලෙස උපයෝගී කරගෙන ගීත ගායනා කරමින් විනෝද වන ආකාරය දක්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රැඳවියන් නැග සිටින කුලුණ සාමාන්‍යයෙන් බන්ධනාගාර ආරක්ෂකයින් සිටින ස්ථානයක් සේ පෙනේ. මෙයින් පෙන්නුම් කරන්නේ දැන් මේ බන්ධනාගාරයේ ආරක්ෂකයින් රැඳවියන්ට බියේ සැඟවී සිටින බවද?
කාලයට විසඳීමට ඉඩහැර ඔහොමම ඉන්න අරින්න. බඩගිනි වෙනකොට බිමට බහියි.
මොනයම්ම ලිහිලක් දක්වන්න එපා.
මේ අය මෙහෙයවන්නේ බන්දනාගාරයේ නිලධාරීන් අන්ත දුෂකයන් ඔතන ඉන්නවා පාතාලය මිනි මරන්නේ ඔය අය නිසා බව මහජනයා දනී..............