
(නිමන්ති රණසිංහ )
බන්ධනාගාර තුළ සිටින රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර වෙනුවට වහාම ක්‍රියාත්මක වන පරිදි සබන් භාවිත කිරීමට පියවර ගත් බව බන්ධනාගාරය කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය .
පකිස්තානයේ සිට යාත්‍රාවකින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගෙන කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි ඉරාන් ජාතිකයින් පිරිසක් දෑත් පිරිසිදුකාරක භාවිතා කිරීමෙන් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පියවර ගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දෑත් පිරිසිදුකාරක දියර භාවිත කිරීමට අවසර හිමිවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් එයාලා කැමැති අර දියාරු සබන් වලට නේද?