බන්ධනාගාර නියාමක පත්වීම් 350 ක් සඳහා තෝරාගත් බවට ලිපි යවා පසුව ඒවා හදිසියේ අවලංගු කිරිමෙන් තම මානව හිමකම් කඩ වු බවට එම පත්වීම් ලාභීන් හෙට (1) පෙරවරු 10.00ට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිම සඳහා යාමට නියමිතය.
මෙම පත්වීම් ඉකුත් වසරේ නොවැම්බර් 16 වැනි දින බන්ධනාගාර අමාත්‍යාංශයේ නියෝගයක් මත අවලංගු කර දමනු ලැබුව ද මේ දක්වා ඒ පිළිබඳව කිසිදු වගකිවයුතු අංශයකින් තමන්ට සාධාරණයක් වී නැති බවද ඔවුහු සිය පැමිණිල්ලෙන් කියා සිටිති.
අදාල සම්මුඛ පරික්ෂණයට ඉල්ලුම්පත් 35000 ක් ලැබී ඇතැයි ද ඉන් තොරාගත් 8000 දෙනා අතරින් 350 කට පත්වීම් ලිපි යවා ඇතැයි ද පත්විම් ලාභී එච්.ආර්.එල්.මෙන්ඩිස් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ගොඩාක් හොදයි මමත් සමිමුඛ පරීක්ෂෂණ වලට ගිය කෙනෙක්.
මාත් දෙවැනි සම්මුඛ පරීක්ෂණයට ගියා වියදම් කරගෙන... සාධාරණයක් කළොත් හොඳයි.