දුම්බර බන්ධනාගාර අධීකාරිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 20ක් බැර වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් වාර්තාවක් කැඳවා ඇත.
මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන කන්නන් නමැත්තාගේ ඥාති සොයුරියක විසින් එම මුදල් දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ ගිණුමට බැර කරනු ලැබ ඇතැයි කියති.
එම විමර්ශන වාර්තාවට අනුව ඉදිරි පියවර ගන්නා බව බන්ධනාගාර මූලස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක අවස්ථාවක් විතරයි. බොහොමයක් රාජ්‍ය නිලධාරීන් ඔය විදිය තමයි. ඊට අමතරව වංචා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයින්වත් අත්අඩංගුවට ගන්න ඕනෑ. (නි)
අනුන්ගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ දෙකකට වඩා දානවානම් බැංකුවට දානකොට හේතුව අහනවා නේද? (අ)
සියලුම රජයේ නිලධාරීන්ගේ ගිණුම් මේ වගේ පරික්ෂා කරන්න ඕන . දේශපාලකයන්ගේ නම් එපා හොඳේ ! (අ)
කුඩු කාරයන්ට වඩා භයානක ඔයා වගේ අය (අ)
බන්ධනාගාරේ ලොක්කන්ගේ ඉදල පොඩ්ඩන් දක්වා පෝන් කෝල් චෙක් කලොත් ඔයිට වඩා ගොඩක් තොරතුරු හොයාගන්න පුළුවන්.සමහර අපරාධ කරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් ගනුදෙනු පවා කරන්නේ නිලධාරීන්ම තමයි.(අ)
ඕව ගැන හොයා හොයා ඉන්නත් ඕනෙද ?බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් සමග එකතුවෙලා ජාවාරම් කරන බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස් නේද ? බඩුත් එක්ක හොරු මාට්ටු වෙලා තිබෙද්දී කේන්දර බලබල ඉන්න ඕනෙද ? අධිකාරී ට විරුද්ධව නඩු පවරන්න , (අ)
කාක්කෙක් ගෙනවිත් දාන්න ඇති. (නි)
මට මගේ නොවන මගේම හොර ගිණුමක් තිබුනා (නි)
මේක කවුරුහරි ගිණුමට දාන්න ඇති ණයක් ගෙවන්න කියලා. ඇයි මේ කරදර කරන්නේ ඒ අහිංසකයට? (නි)