රංගන ශිල්පී බන්දු සමරසිංහගේ පැමිණිල්ලක් අනුව පැවැත්වෙන බින්දු බෝතලේගම හෙවත් ජනක කුමාරට එරෙහි නඩුවේ සැකකරුවන් දෙදෙනකුට අද (14) ඇප නියම විය. රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා එම චිත්‍රපටවල ඩීවීඩී පට විකුණා මුදල් ඉපැයූ බව කියන බින්දු බෝතලේගම දැනට ඇප මත සිටින අතර නොතීසි ලබා සිටි තවත් සැකකරුවන් සිව් දෙනකුගෙන් දෙදෙනෙක් අධිකරණයේදී අද පෙනී සිටියහ.
උදයකාන්ත වර්ණසූරිය හා චමින්ද කුමාර රාජසූරිය යන එම දෙදෙනාට රුපියල් 10,000 බැගින්වූ ශරීර ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
එහි තවත් සැකකරුවන් දෙදෙනකු වන මාලිංග ශ්‍රීමාල් වීරසිංහ හා කැළුම් උදයකුමාරට යළි සිතාසි නිකුත් කෙරිණි. නඩුව මාර්තු 14 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දු ළඟට බින්දුට කිට්ටුවෙන්න බැරි වුණත් සමහර රුපරාමුවල බන්දු වගේම බින්දු රඟපානවා. බින්දුට තමාගේම ආරකින් රඟපාන්න හොඳටම හැකියාව තියෙන බව පේනවා. මේ කළ තක්කඩි වැඩේට බින්දු හැසිරවූ අයට නම් දඬුවම් කරන්නම ඕනෑ. (බ)
කොපි කරලා කරන එක කලාව නෙමේ. එක වැරදි දෙයක්. හැබැයි ඉන්දියාව අපේ කලාකරුවන්ට නඩු දැම්මොත් අද ඉන්න කලාකරයන්ගෙන් හුගක් අය හිරේ තමයි. (ර)
බන්දු සමරසිංහ විහිලු කරනවා කියලා කරන දේවල් වලට හිනායන්නේ නැහැ තරහ නම් යනවා. හැබැයි ගිරාව නම් දැක්කත් හිනා යනවා. (ර)
තමන්ගේ දක්ෂතාවය තියාගෙන. තව කෙනෙක් අනුකරණය කරන්න හදනවා. ඒක සම්පුර්ණ වැරදි වැඩක්. තමන්ට කියලා තැනක් හද ගන්න බලන්න.(ර)
බන්ඳු ඉදිද්දී මොනවටද බින්දු කෙනෙකුගේ රගපෑම් බලන්නේ... (ර)
අයියෝ උදයකාන්ත මොකෝ ? (අ)
බින්දු දක්ෂයෙක්.මොකටද තව කෙනෙක්ව අනුකරණය කරන්නේ.තුට්ටු දෙකට රගපාලා තවත් කළා කරුවෙකු වෙන්න වගේ වෙන්න හදන්නේ නැතුව තමන්ගේ අනන්‍යතාවයක් හදා ගත්තනම් හරිනේ.අර අමරදේව මාස්ටර් ගේ අනුකාරක තුමා අද උන්නද මලාද දන්නේ නැහැ.සමහරවිට මියගිය ගාන්ධර්වයාගේ ගීත ටික විකුණන් කන්න අයෙ එන්න බැරිත් නැහැ. (අ)
මට නම් බන්දුත් එකයි බින්දුත් එකයි. දෙන්නාම ඔල්මාද කාරයො. බොරුවට ඇඹරුනාට හිනා යන්නේ නැහැ. (අ)
පිටිගල මිලානෝ - මෙතන ප්රශ්නය තියෙන්නේ හිනා යනවද නැද්ද කියන එක නෙමෙයි. මිනිහෙක් තමන්ගේ ජීවිත කාලය පුරාවට මහන්සි වෙලා වේදිකාව තුල හදාගත්තු තැන තමන්ම උදවු කරල නමක් හදා දුන්නු නවකයෙක් කරපු කන්න දුන්නු අත හපාකාපු එකක්. (අ)
ලංකාවේ බුද්ධිමය දේපල වලට තියෙන ආරක්ශාව බොහොම මදි. ඒක නිසා අපිට වෙන පාඩුව කියා නිම කරන්න බෑ. වර්ථමාන ගීත සංස්කෘතිය බලන්න. හොඳ නිර්මාණයක් කරපු මිනිස්සුන්ට ඒක විකුණගන්න බෑ. හොර කොපි ගහල කඩවලයි බ්ලොග් වලයි දානවා. එතකොට ඒ මිනිස්සු අළුත් නිර්මාණ කරන එක නතර කරනව. ඒත් ගීත වෙළඳාම කරන ගායක වෙළෙන්දෝ කොහොම හරි ජරා සිංදුවක් ලාබෙට හදල දාල ගාන හොයා ගන්නව. අන්තිමට අහන්න ඉතුරු වෙලා තියෙන්නේ 70-80 දශකයේ හැදිච්ච සිංදු ටික විතරයි. (අ)