
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 06 දා මෙරටට පැමිණීමට නියමිත බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා මෙරට තිරසර සංවර්ධනයට අදාලව මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.
බෑන් කී මූන් මහතා මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.
බැන්කි මූන් මහතා මෙරට දී ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙසය. මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට ද නියමිතය.
එම ගිවිසුම් අනුව කොරියාව සමඟ එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙරටට පැමිණෙන බෑන් කී මූන් මහතා පෙබරවාරි මස 07 දා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ලෙස බෑන් කී මූන් මහතා මීට පෙර කිහිප වරක් මෙරටට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සර්පයෙක්...!!! අද අපේ රටට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එල්ලවෙන මානව හිමිකම් කඩවීමේ චෝදනාවලට මග පෑදුවේ මේ හාදයායි. යුද්ධය අවසන් වුණු වහාම ලංකාවට ආව මොහු ආපසු යනවිට " කොළ කෑල්ලක් " දුන්නා මහින්ද රාජපක්ෂට මේකට අත්සන් කරන්න' කියලා. මෙය බැලු මහාචාර්ය රජිව විජේසිංහ මහතා කිවේ එය අත්සන් නොකරන ලෙසයි. එහෙත් ඉන් නොනැවතුන මහින්ද රාජපක්ෂ ඒ කීම විශ්වාස නොකර එය මහාචාර්ය ජීඑල් පිරිස් ලොක්කාට දුන්නා. එය බැලු පීරිස් ලොක්කා කිව්වේ " නො ප්‍රොබ්ලම්, යූ බෙට සයින් ඉට්..." කියලා. යස්, නෝ, ඕකේ... විතරක් දන්නා අපේ එක්කෙනා අත්සන් කළා. ඒ තමයි යුද්ධ අපරාධ කළබවට පිළිගැනීමේ ලිපිය...!! එදා ඉඳන් අපි අපේ තොණ්ඩුව ගෙලට දමාගත් ජාතියක් වුණා. අන්ත අසරණ දීන ජාතියක් බවට පත්වුණු අපේ රටට, ආයෙත් මේ සර්පයා එන්නේ අපිට ආදරයටද..?