තෙසතියකට අධික කාලයක් බොදුනුවන්ගේ ඉහළම උපහාරය හා වන්දනාවට ලක් වූ කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය කැලණියේ රජමහා විහාරයේ දී තව පැය කිහිපයක් අවසන් වෙයි. පෝලිමට එක් වූ සියලු දෙනාටම ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දුන් බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටිය සංඝරක්ඛිත හිමියෝ හා මහජන සුබසාධන ඇමැති මර්වින් සිල්වා මහතා කියති. පෙරවරු 11ට බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව ප්‍රදර්ශනය නිමවෙයි. මහින්ද රාජපක්‍ෂ ජනපති ද එම අවස්ථාවට සහභාගීවීමට නියමිත. අද පස්වරුවේ කටුනායක ගුවන් තොටට ගුවනින් වැඩම කරවන ධාතූන් වහන්සේලා, හාරසිය නමක් මහා සංඝරත්නයේ සෙත්පිරිත් දේශනා මධ්‍යයේ යළි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කෞතුකාගාරයට වැඩම කැරවීමට නියමිතය.






1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ තව රටවල් වල සර්වඥධාතු තියෙනවා. මීළඟට එහෙම එකක් රට පුරාම ගෙන ගියොත් තමා රටේ ප්‍රශ්න වලට හොඳ. (ස)
සාදු සාදු.. ලක් වැසි හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා...! සාදු සාදු.. (ස)
බුදුහු???? (ස)
ඔය උතුම් වූ පුණ්‍යකර්මයට සහභාගී වීමට නොහැකි වූ අප සියලුම දෙනාටත් ඔය පිං අනුමෝදන් වෙත්වා. සාධු සාධු සාධු සාධු!(ස)
ලුම්බිණි මොන ආගමේද ? ඔයා කියන්න යන්නේ මොකද්ද (ස)
සාදු සාදු අපේ බුදුන් අපි වැන්දෝ . ඔක්කොටම පින් .(ස)
ජනපති තුමණි...මේ ප්‍රණ්‍යභූමිය තව තවත් එළිය කරන්න. (ස)
ලුම්බිණිගෙ ආගම ඉස්ලාම්. එයා ඔය නම දාගෙන ඉන්නෙ ඇයි දන්නේ නැහැ. (නි)
සාදු සාදු සාදු! සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම අපට ජීවමාන බුදුන් වහන්සේ දැකීමක් බඳුයි. මේ වෙනුවෙන් ඇප කැප වූ දෙරටේ රාජ්‍ය නායකයන්ටත්, වත් පිළිවෙත් ඉටු කළ මහා සංඝරත්නයටත්, දිවා රෑ නොබලා ආරක්ෂාව සැපයු පොලිසිය, හමුදාව ඇතුළු සියලුම සංවිධාන වලටත්, බැතිමතුන්ට පහසුකම් සැපයු සෑම දෙනාටත් පිං අනුමෝදන් වෙත්වා! (නි)
බුදු හිමි ලංකාවට වැඩලා නැවත ඉන්දියාවට වඩිනකොට ලොකු දුකක් දැනෙනවා. (නි)
ලුම්බිණි නමින් පෙනී සිටින අය ගැන බුදුන් වහන්සේගේ කාලයේ පටන් අපට අසන්නට ලැබෙනවා. ( පසුගිය අවුරුදු 2600 පුරාම එහෙම අය හිටිය දෙව්දත් තෙරද ඇතුළුව ) ඒ අය ඔවැනි කතා කවදත් කියනවා ඉදිරියටත් කියාවි, මෙතන කමෙන්ටුත් දමාවි. නමුත් අප ඒවා ගැන කලබල විය යුතු නැති බවයි මගේ අදහස. (ස)
ලුම්බිණි ඔයානම් බුද්ධාගමේ වෙන්න බෑ (ස)
අනේ ලුම්බිණි, ඌරන්ට මොන සෞඛ්‍යයක්ද කිවුවලු. (නි)
මම පෝළිමේ දරුවන් සමග සිටියත් මට වදින්න බැරිවුණා. නමුත් මම නිවසට එන්න පළමුව, දරුවන් සමග විහාරයකට ගොස් බුදුන් වහන්සේ සිහිකර වන්දනා කළා. මම හිතනවා මම බුදුන් දැක්කා කියලා. (නි)
බුදුන් වහන්සේගේ නිර්මල ධාතූන් වහන්සේ වදින්න..(ස)
මේ ධාතුන්වහන්සේලා ලංකාවෙ තිබුණානම් ඉතාමත් ගරු සරු ඇතිව රැක බලා ගන්නවා..!!(නු)
මම හිතන්නෙ බුදුහිමිගේ ධාතුන් වැඳපුදා ගැනීමටත් අපිට පින්ත් වසනවකුත් තියෙන්න ඕන.ඒ නැතත් අපි නිවරදිව දහමට අනුව ජීවත් උනොත් බුදුන් දකිනවා හා සමාන වේ (ස) .
මේ වගේ දූෂිත රටක ධාතූන් වහන්සේලා වැඩ හිදී කියා මා නම් හිතන්නේ නෑ..(ස)
ප්‍රභාත් කියන කතාව 100% ක් ඇත්ත පුදුම දුකක් දැනෙන්නේ............ යලි වඩිනු මැන. (ස)
මේ ධන්තධාතු හිස මත තබාගෙන යා යුත්තේ බුද්ධ දේශණයට අනුව ජීවත් වන අය පමණයි..!!(නු)
ලුම්බිණි, බුදුන් ඉපදුනු දේශය හදුන්වන්නෙත් ලුම්බිනි කියන නමින් අපට ඒ උතුම් නම ඇසුනත් ඇතිවන්නෙ සතුටක් ,ඒත් දැන් නිඝන්ටයො මතක් වෙන්න ගනීද දන් නෙ නැහැ(ස)
අපගේ ශාස්තෘන් වහන්සේ ආශ්චර්යවත් වන සේක. ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේද ඉතා රූපවත් කෙනෙක් නෙවැ. සොඳුරු පෙනුමක් ඇති කෙනෙක් නෙවැ. දුටුවන් පහදින කෙනෙක් නෙවැ. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු කෙනෙක් නෙවැ. රන්වන් පැහැ ඇති කෙනෙක් නෙවැ. බ‍්‍රහ්මයාගේ බඳු ශරීරාලෝකය ඇති කෙනෙක් නෙවැ. දැකීමට පවා ඉඩකඩ අපහසුවෙන් ලැබිය යුතු කෙනෙක් නෙවැ. (නි)
ලුම්බිනි ඔහේ අයිති ආගමටත් කුමන හෝ ධාතුවක් ඇත්නම් මෙහේ ගෙනැල්ලා පෙන්නගත්තට අපේ අකමැත්තක් නැහැ. නමුත් බහුතරයකගේ ආගමට නිගරු වන විධියේ කතා හැංගිලා ඉදලා කියන්න එපා. (නි)
ඒ වගේම භවත් ශ‍්‍රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසෙන් සත්කාර ලැබූ කෙනෙකි. ගෞරව ලැබූ කෙනෙකි. බුහුමන් ලැබූ කෙනෙකි. පිදුම් ලැබූ කෙනෙකි. යටහත් පැවැතුම් ලැබූ කෙනෙකි (නි)
දං බිලිපූජාව දෙන්න සූදානම් කරනවාද දන්නෙ නැහැ..!! (නු)
පෝලිමේ ඉදල මාතරදී මාත් වැද ගත්තා. ඉතින් පහසුකම් සපයපු කාටත් පින්. ගොඩක් දන්සල් තිබුණා ඒ හැමටත් පින්. (ස)
ලුම්බිණි, කියන තැනැත්තා හෝ තැනැත්තිය , දිනෙක සිය මවගේ නමිනුත් පෙනී ඉදිමින් ඔය වගේ දෙයක් කිවුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. එතකොට මිනිස්සු අමතන්නේ මගේ නම කියානේ. (නි)
දඹදිවට නෙ යන්නෙ ඉන්දියාවට නෙවෙයිනේ..!!(නු)
මහත්වරුනි, මගේ කිසිම විරුද්ධයක් නැහැ සර්වඥධාතු ප්‍රදර්ශනය ගැන. මම බුදුන් වහන්සේ දේශනා කර තියෙන දේවල් හොඳට කියවල තියෙනවා. මම කියන්නේ මේ රටේ දැවෙන ප්‍රශ්න විසඳන්නත් මේ වගේ උදේ හවස හොයල බලල කටයුතු කරනවානම් ඒකම ඇති නිවන් දකින්න. වෙන පින් අවශ්‍ය නැහැ. (ස)
ලුම්බිණි මෝඩ කතා කිවුවට දහස් ගණනක් වැදලා පින් ලබා ගත්ත එක ලොකු දෙයක්. (නි)
මේ බුද්ධෝත්පත්ති කාලයේ ඉපදුන අපි හැම දෙනාම ඉතාම වාසනාවන්තයි සාධු සාධු සාධු (ස)
තෙරුවන් ගුණ බෙලෙන් බිලි පූජා සදහටම ලක් දෙරණින් තුරන් වේවා! (නි)
ප්‍රභාත්ලා වගේ අයට මොකක් කියන්නද කියලා තේරෙන්නේ නෑ. ඉන්දියාවෙන් ගෙනාපු සර්වඥ ධාතු ආපහු වැඩම කරද්දී දුකයි කියනවා. ඒත් දන්නවද ලංකාවේ තමා වැඩිම ධාතු ප්‍රමාණයක් තියෙන්නේ. දළදා මාලිගාවේ හා සෝමාවතීයේ දන්ත ධාතුව, රුවැන්වැලි සෑයේ නැලියක් පමණ වූ ධාතූන් වහන්සේලා. ඒවා ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ ධාතූන් වහන්සේලා. ඒව ගැන දන්නේ නැද්ද ? නැත්තම් මේකත් මේ පිටරට දේ සිරි සැප දේද ? (ස)
දැවෙන ප්‍රශ්න තියෙන්නෙ ගිනි තියන්න බලන් ඉන්න අයට. ඔය කියන තරම් ප්‍රශ්ණ ජනතාවට නැති බව ඡන්ද ප්‍රථිපල වලින් දැක්කෙ නැද්ද (ස)
ලුම්බිණි කියන දේ හරියටම හරි (ස)
ලුම්බිණි, ඔයා කියන දෙය ඉතා පැහැදිලියි. ඒක සමහර අයට තේරුනේ නැති වුනාට. (ස)
මම මෙතන ආගම් ගැටුමක් දකින්න කැමති නෑ. ඒත් මේ ටිකත් හිතන්න ඕන. ධාතූන් වහන්සේලා පෙන්වීමේ ප්‍රධාන අරමුණ මොකක්ද. අපිට රටේ ප්‍රශ්ණ අමතක කරන්න ද? (ස)
දුක හිතෙනවා නේද
ලුමිබිණී නමටත් ලැජ්ජයි. (නි)
ආනන්ද පිටබැද්දර, මේ බුද්ධෝප්පත්ති කාලය කියලා කියන්නේ, හැබෑවටම ඔබ බෞද්ධයෙක්ද කියලා සැකයි. (නි)
ලොකු පිනක් කර ගත්තේ
බදු මිල කොපමණ ඉහල ගියත් ඔබ තුමාට තමයි ජය, (ස)
ලුම්බිණි, මා ඔබ සමගයි. මේ සියල්ලම බොරු වැඩ. කවුද දන්නේ ඕවා ඇත්ත ඒවද කියලා? (නි)
හොද වැඩක්. අපි අපේ ආගමට ගරු කරමු. (නි)
ආනන්ද මේ, ඔයාට නොතිබුණාට අනෙක් අයට තියෙනවා. ලුම්බිණි හරි. (නි)
මෙදාපාර සිංහල අය සිංහල අයටම මුස්ලිම් කියාගන්නවා. (නි)
ලුම්බිණි නිවැරදියි. මේකේ ප්‍රතිචාර දමන සමහර ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ ධාතු වැඩමෙවුවහම සේරම ප්‍රශ්න විසදෙනවා කියලා. (නි)
නිර්මල, ඔයා ප්‍රදර්ශනය කරන්න හදන්නේ මොන විදියේ ධාතුද?(නි)
සාදු සාදු!! ලංකාවේ සියළු දෙනාටම බුදුසරණයි.... ආයුබෝ වේවා !!!
අනේ ලුම්බිණි, ඔයා දන්න බණ. රටේ හොරමැරකම් වෙනවා කියලා මෙහෙම පුද සත්කාර කරන එක වැරදිද? (නි)
අපේ රටට බුදු සරණයි !!! (ස)
ලුම්බිණි, නිර්මලා, ඔබ දෙපළ කියන්නේ ඇත්ත. මේ බොහොමයක් උපාසක ගොල්ලන්ට අරහන්. මේ අය වඩා කැමති 'අමූලිකා සද්ධා' කියා බුදු දහමේ දැක්වෙන, හේතු නොසොයා උපදින බැති උමතුව වඩාගෙන මහා හඬින් 'සාදු සාදු..' කියකියා පෝළිම් වල ලගින්න මිස, බුදු වදන් පිළිපැද යහපත් මිනිසුන් වීමට නොවේ. ඒ නිසා තමයි හැමදාම වැඩ සිටින දළදා හාමුදුරුවන් ගැන අමතක කරමින් මෙතෙක් පවත්වාගෙන ගිය බිලිපූජා, මත්පැන්හල් ආදිය ඉන්දියාවෙන් ගෙනා ධාතු වෙනුවෙන් නැවැත්තුවේ, (සහ හෙට ඉඳන් ආයෙත් පටන් ගන්නේ.) මේ වතාවේ බාල පෙට්‍රල්, බාල ඩීසල්, විභාග අනාගැනීම්, ඉසෙඩ් අකුරේ පලහිලවූ, ආචාර්ය වර්ජන සියල්ලට දීපු සංයුක්ත පිළිතුර තමා මේ. මේවා කියනකොට මොවුන්ට අපිව පෙනෙන්නේ මුසල්මානුවන් වගේ.කෝමද උපාසක ඇත්තෝ ධාතු බලලා ලබාගත් සම්‍යක් දෘෂ්ඨිය? (නි)
ලුම්බිණි, ඔන්න දී කිරට සාක්කි කියන බළල්ලු ඉන්නවා. ඔය ඉන්නේ දැන් නංගිට යාලුවෝ ඕනෑ තරම්.(නි)
අනේ මට තවසැරයක් වඳින්න ඕනේ.. (ස)
ලුම්බිණි, ඔයාගේ නමටත් ඔයා ලැජ්ජාවක්. හැමදේටම දේශපාලනය ගාවා ගන්න එපා. අනික හරකෙක් වුණාට උම්බෑ කියන්න එපා.(නි)
ධර්ම රාජ්‍යයේ බුදු හාමුදුරුවන්ටත් එස් .ටි .එෆ් .ආරක්ෂාව (ස)
බුදුන්ගේ ධාතු වදින්න පැමිණි සියළුම දෙනා අර අහිංසක සත්තු ටිකගෙ ජීවිත බේරගන්න මුන්නේස්වරම් දේවාලයට ආවෙත් ඔබ සැමට මහගු පිණක් අත්වෙනු ඇත.!(නු)
ධාතු වැදීමෙන් පිනක් මෙන්ම සද්ධාව වර්ධනය වේ..!!(නු)
ලුම්බිණි කියන නමටත් කැතයි. (නි)
නමස්කාර වේවා බුදු සමිදුට...සැමදා බුදු හිමි සරණ යමී... (ස)
ලුම්බිණි,නිර්මලා,ජයන්ත සහ චින්තක යන අය වත්මන් දෙවුදත්තෙරලා වගේ තමයි. (නි)
චින්තක, ලංකාවේ වැඩිම ධාතු ප්‍රමාණයක් තිබෙන බව දන්නවා. ඒත් ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඒවායින් කීයෙන් කීයද? අනික බුදුන් වහන්සේගේ ධාතු කොහේ තිබ්බවත් එක සේ වටිනවා. එය ලෝකේ කොහේ තිබ්බත් එකයි. (නි)
අපරාදේ, ගෙනිච්චද? ඉතින් කොහෙද? හදිස්සියනෙ. (නි)
ධාතු වන්දනාව වෙන එකක්, රටේ ප්‍රශ්න වෙන එකක්. මේ දෙක පටළවා ගන්න හොඳ නැහැ. ධාතු වන්දනාව නිසා රටේ ප්‍රශ්න අමතක වෙනවා නම් ඒක ජනතාවගේ ගැටළුවක්. ධාතු වන්දනාව මුවාවෙන් රටේ ප්‍රශ්න අමතක කරන්න පාලකයන් උත්සහ දරනවානම් ඒක වෙනමම ගැටලුවක්. (නි)
මමත් ඉන්ද්‍රජිත්ගේ ප්‍රකශ්‍ය අනුමත කරනවා.. ලංකාවෙ අය සැබෑදේ සැබෑ ලෙස තේරුම් ගන්න දවසක යම් වෙනසක් වේවි.. එතකං බලාගෙන ඉන්න..!!(නු)
බුදු හිමි ලංකාවට වැඩලා නැවත ඉන්දියාවට වඩිනකොට ලොකු දුකක් දැනෙනවා. (නි)
ගෙනාව ධාතු ඔක්කොම තියෙනවා නේද?(නු)
මොකද මේ හාමුදුරුවෝ දිලිසෙන රෙදි ජාතියක් ගැටගහගෙන? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අසත්පුරුෂයා නිතරම යමක ඇද පලුද්දක් තමයි සොය සොයා ඉන්නේ. ඒක තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න අවස්ථාවක් කරගන්නවා. නමුත් ඇත්තටම වෙලා තිබෙන්නේ තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තිබෙන කුණු ගොඩවල් ටික ඔක්කෝම එළියට දාගෙන මිත්‍යාවන් වපුරන එක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු කෙනෙකුන් කෙරෙහි අමූලිකා සද්ධාවෙන් වුවද කරන පූජාව අග්‍ර වූ විපාක පිණිස පවතිනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර දක්කිණෙයිය ගුණය නිසා. ඒක නිසා බොහෝ දුක් මහන්සි වෙලා දවස් ගණන් පෝලිම් වල ලැගලා හරිහමන් කෑමක් බීමක් නැතිව අපගේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට යන මේ පින්වත් පිරිස තුළ පවතින උතුම් අමූලිකා සද්ධාවවත් මෙතැන නන් දොඩන මෝඩ පණ්ඩිත ජනයා තුල නැති බවත් කිසිම දියුණු කරන දියුණු කළ ගුණධර්මයකුත් නැති බවනම් පැහැදිලි කරුණක්. ඔවුන් බොහෝ දුක සේ කළ පින සතුටින් මම අනුමෝදන් වෙනවා. සත්පුරුෂ හැමෝමත් එසේම කරත්වා. ඒ අවාසනාවන්ත අසත්පුරුෂ පිරිස ගැන අනුකම්පාව උපදවාගනු හැර වෙන කිරීමට යමක් නැත. (නි)
ලුම්බිණි ඉන්න තැන හොයාගන්න මම දන්නවා. (නි)
චතුර විජය, ඔබගේ අදහසට මම එකගයි. මිත්‍යා දෘෂ්ටිකයන්ට කට උත්තර නැහැ. (නි)
අනේ සාධු. අපි නම් දැක සතුටු උනා (දී)
සාධු සාධු! බුදු සරණයි! (නි)
ලුම්බිණීටයි, එයාට කත් අදින කට්ටියටයි වෙන දේ අපි නොකිවුවත් එයාලටම ළගදීම බලාගන්න පුලුවන් වෙයි. (නි)
පන්සිල් නොරකින සමාජයකට ධාතූන්ගෙන් ලැබෙන ආශිර්වාදයක් නැත. (නි)
ලුම්බිණි ඇතුළු වෙනත් නම් වලින් පෙනීසිටිම්න් බෞද්ධ වත්පිළිවෙත් වලට හා විශ්වාසයන්ට ගරහන කොහේවත් නැති සර්වබලධාරී දෙවියෙක් පිළිබද මනඃකල්පිත විශ්වාසයක එල්බගෙන අවිද්‍යා අන්ධකාරයේ ගිලී සිටින මේ පිරිස බුදුන්වහන්සේ හා උන්වහන්සේ ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන දන්නෙ මොනවද? මේ මිත්‍යාදෘෂ්ටිකයන් දන්නෙ දණින් වැටී හිස් ආකාශයට අත් උස්සාගෙන යදින්න විතරයි. ඔය දේ යාචකයොත් කරනවා. (නි)
අපේ පාලකයන් රපේ රටේ ජනතාවගේ හද ගැහෙන්නේ කොහොමද කියලා දන්නවා. අපේ මිනිසුන් හරි වැරැද්දක් දෙපාරක් නොබලා ආගම හෝ සිවුර වටා රැස් වෙනවා. ඒ නිසා ඔවුන්ට වාසි ගන්න පුළුවන් අවස්ථා වලදී ඒ සදහා විවිධ උපක්‍රම දක්වනවා. මෙතන ප්‍රතිචාර දමන අය දිහා බලපුවාම එය පෙනෙනවා. හුග දෙනෙක් හිතන්නේ යාථාර්තවාදීව මේ කාරණය බලනකොට එය මිසදිටුකමක් විදිහට. මාත් බෞද්ධයෙක්. මාත් කැමතියි ධාතුන් වහන්සේලා පෙන්නපු එකට. එහෙත් පෙන්වීමේ අරමුණට කිසිසේත් එකග වෙන්නේ නැහැ. මම හිතනවා නිර්මලා, ලුම්බිණි, චින්තන වාගේ අයත් හිතන්න ඇත්තේ ඒ දේ කියා. (නි)
නන්දන , ලුම්බිණි ඇතුළු අවස්ථාවාදී අසත්පුරුෂයන්ට ඔවුන් ඉන්න තැනම ඉන්න හරින්න. ඔවුන්ගේ ආත්මයන් තුළ කැකෑරෙන අසහනය මෙලෙස වචන ලෙස පිටතට දෝරේ ගලාගෙන එයි. තල වපුරන්නා තලද, වී වපුරන්නා වීද නෙලා ගනු ඇත. (නි)
හොඳයි. මම මේකේ අදහස් දක්වලා තියෙන අනිත් අයගෙන් අහන්නේ. දැන් ධාතු වන්දනාව ඉවරයි. මට අවංකවම කියන්න වඳින්න ඉස්සර වෙලා ඔයාලා කීයෙන් කී දෙනෙක් දැනගෙන හිටියද මේ අපි වන්දනා කරන්නේ කොයි ධාතුවද කියලා? එතකොට කපිලවස්තු කියන්නේ ඉන්දියාවේ කපිලවස්තුවද? නැත්තම් නේපාලයේ කපිලවස්තුවෙන් හොයාගත්ත එකක්ද කියලා දැන්ගෙන හිටියද? එතකොට මේක හොයා ගත්තේ කවුද කියලා දැනන් හිටියද? මම මේක ඇහුවම ඔයාලා කී දෙනෙක් මේක අන්තර්ජාලයෙන් පරීක්ෂා කරලා බැලුවද? (වැදගත් විදියට පිළිතුරු දෙන්න ) කවුරු හරි කියනවා නම් ඒවා මොකටද කියලා එයාලා වැඳලා තියෙන්නේ ඔහේ වඳින්නම් වාලේ . (නි)
ලුම්බිණි මොනවාද මේ කියන්නේ.. එයා කියන දේවල් හරි කියන ලක්මාල්ට මොකද වෙලා තියෙන්නෙ..!(නු)
අපේ රටටත්, සියලු රණවිරුවන්ටත්, ජනපතිටත් මෙපින් බෙලෙන් යහපතක් වේවා! (නි)
බුදු සරණයි සැමටම
මෙහි වැරදි සහගත ලෙස ධාතුන් වහන්සේලා වැඩමවීම කෙරෙහි ප්‍රතිචාර දමා ඇති සියලු දෙනා, නොදැනුවත්කම නිසා පවු පුරවා නොගනිත්වා! සත්පුරුෂ ගති ඇති සියලු දෙනා ඔවුන් ගැන අනුකම්පා වනු මැනවි. යථාර්තය නම් මේ ලංකාවේ හෝ ලෝකයේ ප්‍රශ්ණ කවරදාවත් අවසන් නොවෙන දේවල් වීමය. නමුත් කලාතුරකින් ලැබෙන, ඒ වගේම සුගතියට මාර්ගය සලසන මෙවැනි උත්තම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට සත්පුරුෂන් හට නැවත අවස්ථාවක් ලබේවා! (නි)
ඇසට කදුළු ආවා
මම දන්න විදියමනම් බුදුන්වහන්සේ මහියංගනයට වැඩියෙ යක්කු ධමනය කරන්න ආරක්ෂාවට කියලා කවුරවත් ආවෙ නැහැ..... ඒත් මේ ධාතුවලට ආරක්ෂාවට තුවක්කුත් තියෙනවා..!!(නු)
කැලණියේ මත්පැන් ශාලා ඔක්කොම මේ දවස් දෙකට වැහුවලු. ඇයි එක දිගටම වහන්න බැරි. අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් හොඳින් ඉන්න ඕනෑ. (නි)
කිළිටි පුද්ගලයෝ ධාතු වැන්දහම ඒ මොහොතේම ධාතූ අතුරුදහන් වෙනවලු. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. මේ ධාතු කී දාහක් දෙනා වැන්දද? (නි)
ආනන්ද පිටබද්දර දයා කිව්ව හරි.. මේ බුද්දොත්පත්ති කාලයක් තමයි.. බෞද්ධ පොත පත කියවා දැනුම ලබාගන්න..!(නු)
චතුර විජයසිරි, ඔබ හරියටම හරි. නියම බෞද්ධයෙක්. (නි)
ආයෙත් වඩීවි. (නි)
තෙරුවන් සරණයි ලෝක වාසීන්ට
සෑම වසරකදීම මෙම පින්කම නියම කලට සති තුනක් පැවැත්වීමට හැකිවේවා! (නි)
මේ තරම් බණ අහන රටක, මේ තරම් බණ කියන රටක, මේ තරම් ධාතු වැඩසිටින රටක, මේ තරම් ධාතු වන්දනා කරන රටක සදාචාරය වළ පල්ලට ගිය අරුමය කිමදැයි කියන් මට. (නි)
දැන් ඉතිං බලන්න බැරියෑ අහිංසක සත්තුන්ට වෙන දේ? අනේ ඇත්තට, ධාතූන් වහන්සේලා හැමදාම ලංකාවේ හිටියා නම් හොදයි. (නි)
සාධූ!!!සාධූ!!!සාධූ!!! සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක් සෙතක් ශාන්තියක් වේවා!!! (නි)
අපි මේ ප්‍රශ්නය අවසන් වනතුරු සියලුම ආකාරයේ ආගමික ක්‍රියා නතර කරමුද? (නි)
පස්වරක් බුදුන් වැඩපු දේශයේ සියළු අපරාධ නැතිවී පාලකයන් දැහැමි වේවා..!! (නු)
කෙනෙකුට ඕනෑම දෙයවක් කියන්න අයිතිය තියෙනවා. ඒක එයාගෙ නිදහස. ඇයි මේ අපි කෙනෙක් කිවුව දෙයක් අල්ලාගෙන ඒ පස්සේ දුවන්නේ? (නි)
ඉනෝකා, ඕනෑම ධාතුවක් වැඳගන්න.නමුත් වඳින්න පෙර සිතා බලන්න. සත්‍ය කියන දෙය සත්‍යයි. එය ඉස්මතුවීම අනිවාර්යයි. ධාතූන් වහන්සේ වඳින්න පෙර පරිසරය පිරිසිදු කළ යුතුයි. බලාපොරොත්තු වෙනවා උගතුන්ට මෙය තේරේවි කියා. (නි)
චතුර විජයසිරි, ඔබ හරියටම හරි. මෙතන ගොඩක් දෙනෙක් තමන්ගේ ආගම කරගෙන තියෙන්නේ වෛරී දේශපාලනය. (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු? බුදුන්ගේ කාලයේ නම් මිනිස්සු මෙහෙම පිස්සු නැටුවේ නැතුව ඇති. (නි)
අපේ රටේ හාමුදුරුවරු මුල් වෙලා කරන්න ඕනෑ දේවල් කරන්නේ දේශපාලඥයින්. (නි)
ධන්ත ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලුම දේශනාවන්ගේ ස්පර්ශය ලබා තියෙනවා.. ඒ නිසා දන්ත ධාතුන් වහන්සේලාගෙන් ආශ්චර්යයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. (නි)
ලුම්බිණි, හැමදේ දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. (නි)
ලුම්බිණිට වල් ඌරු මාලූ කෑල්ලක් දෙමු හප හපා ඉන්න. (නි)
මට ගොඩක් දේවල් කියන්න හිතෙනවා. නමුත් බුදුන්ට අපහාස වන නිසා නොකියා ඉන්නවා. (නි)
මම බෞද්ධ නොවුනත් මම ධාතුන් වහන්සේලා වන්දනාවට ගියා.. මම මගේ ආගමට වගේම අනෙක් ආගම් අගය කරනවා. ගරු කරනවා.. ඇයි හැමෝටම එහෙම ඉන්න බැරි..!(නු)
“අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා - බුදුහාමුදුරුවනේ“ අපි ඔබ වහන්සේගේ මග පෙන්වීම දකින පිරිසක්. මා ඔබවහන්සේගේ ධර්මය වැළදගෙන සිටින්නේ උපතින් බෞදයෙකු වූ නිසා නොවේ. ධර්මය තේරුම් ගෙනයි. ඔබ වහන්සේගේ ධර්මය මා දකින්නේ සසර කෙටි කර ගැනීමටයි. නමුත් අද ජීවිතය කෙටි කරන සමාජීය ගැටලු වැසීමට කවුරුන් හෝ ඔබ වහන්සේව යොදා ගන්නවානම් මා තදින්ම විරුද්ධයි. මා බුද්ධාලම්බන ප්‍රීතිය අන්ධානුකරනයෙන් හිස පොරවාගෙන සමාජය දකින්නේ නැහැ. දේශපාලනය සහ ආගම මා දකින්නේ දෙකක් ලෙස. නමුත්, දේශපාලන සමාජීය දුර්වලතා වසා ගැනීමට කිසිම ආගමක් යොදා ගන්නවානම් මා තදින් විරුද්ධයි. ඔබ වහන්සේ අතීතයේ දී නාග දීපයට වැඩමකළේ ජීවිත දහස් ගණනක් බේරා ගන්න. නමුත් ජීවිත දහස් ගණනක ගැටලු වැසීමට ඔබ වහන්සේ යොදාගන්නවානම්, අප එය අනුමත කරමුද? (නි)
සර්වඥතා ධාතු බලන්න පෝළිමේ හිටිය ගොඩක් දෙනෙක් හිටියේ එතනට ආපු ගෑණූ ළමයින්ව බලන්න කියන්නේ ඇත්තද? (නි)
සියලු ලක් වැසියන්ට යහපතක්ම වේවා ! (නි)
කුහක සමාජයකට කාගේවත් පිහිටක් නැහැ. (නි)
ඉනෝකා, ඔයා බෞද්ධ වුණාට අනෙක් ආගම් වලට ගරහන්න ඔයාට කිසිම අයිතියක් නැහැ. ඒක තේරුම් ගන්න. (නි)
මෙතරම් පූජනීය දෙයක් ඇයි කෞතුකාගාරයක තියන්නේ? ලංකාවේ වගේ දළදා මාළිගාව වැනි විශේෂ තැනක් හදන්න. (නි)
පිං සිද්ද වේවා අපිට වදින්න ඉඩ සලසුවට
මෙහි වැරදි සහගත ලෙස ධාතුන් වහන්සේලා වැඩමවීම කෙරෙහි ප්‍රතිචාර දමා ඇති සියලු දෙනා, නොදැනුවත්කම නිසා පවු පුරවා නොගනිත්වා! අන් සියලුදෙනා එසේ නොදැනුවත්කමින් කළාවූ ප්‍රතිචාර දැක කෝප නොගැනීමට දක්ෂ වෙන්න. තම තමන්ගේ ශ්‍රද්ධාවේ අඩු වැඩි බව අනුව ධාතුන් වහන්සේලා වන්දනා කරපු අය පින් රැස් කරගනීවි. රටේ දැවෙන ප්‍රශ්න මෙයින් අමතක කළ හැකි යයි සිතීම මහා අනුවණකමකි. බොදුනුවන් හැටියට අපි දක්ෂ වෙන්න ඕනෑ , මොන ගැටළු තිබුණත් , අවස්ථාව ලැබුණ වෙලාවේ පිනක් දහමක් කරගන්නත්. (නි)
අනේ කරුණාකර අපගේ පින්වතුන් මේම අන්තර්ජාලයට පිවිස මේක නරඹන්න. එතකොට මේ ධාතුන්වහන්සේ පිළිබදව දැනගත හැකිය. http://hmherath.blogspot.co.uk/2012/09/blog-post.html (නි)
අමිල, දෙයක් වඳින්න ඕනෑ කියා, කියා ඇත්තේ කවුද? බුදු හාමුදුරුවෝ උන්වහන්සේව වඳින්න කියා, කියා නැතිවිටෙක ධාතුවක් වඳින්න ඇයි මෙච්චර...? (නි)
දැක බලා සතුටු වී පින් රැස් කරන්න (දී)
අශාන් සහෝදරයා, ඉනෝකාගේ කතාව හරියටම හරි. ඒකේ කිසි වැරද්දක් නැහැ. කිසියම් කෙනෙක් කිවුව පළියට හෝ පොතක තිනුන පළියට හෝ අපි දෙයක් පිළිගන්නේ නැහැ. යාතිකා කිරීමෙන් මේ ලෝකේ සුවපත් වෙනවා නම් කොච්චර හොදද ? බලන්න අද යාතිකා කරන රට වලට වෙලා තියෙන දේ? කෝ දෙවියන්? ඒක නිසා ඔයත් නිකන් ඉන්න වෙලාවට බුදුදහමේ පොතක් අරන් කියවලා බලන්න.නමුත් මම දන්නවා ඔයාගේ ආගමේ ඒකට කිසිම නිදහසක් නැහැ කියලා.ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න අපිට මෙච්චර නිදහසක් දීපු උත්තමයෙකුට අපේ ගෞරවය කොච්චර ද කියලා.අපි ඔයාලට අනුකම්පා කරනවා.ඉක්මනට ඔය අන්ධකාරයෙන් නිදහස් වෙලා මේ සුන්දර දහමේ ආලෝකයෙන් සැනසෙන්න කියලා. (නි)
සාධු...
මා ධාතූන් වහන්සේලා වෙන්වීමට තොරාගත් කාල වකවානුව සහ දේශපාලනය ගැන යාතාර්ථය පැහැදිලි කළා. සත්‍ය එය නමුත්,එය විවාදයකට භාජනය වූවාට කම් නැහැ. (නු)
රොෂාන්, පිරිසුදු බව තියෙන්න ඕනෑ සිත්වලයි. ඔයාගේ සිත සැදැහෙන් බුදුන් පුදන සැදැහවතුන් දැක වෛරයෙන් දූෂණය වෙලයි තියෙන්නෙ. වෛරී සිතින් මරණයට පත්වුණොත් යන්න වෙන්නෙ නිරයටයි. රොෂාන්, ඒ වගේම සිත පිරිසිදු කරගැනීම ඔබගේ ශරීර සෞඛ්‍යයටත් හොදවෙයි. සත්‍යය පෙන්නාදීමයි ආගමට නිගරු කීරීමයි දෙකක් කියන වගත් මතක තියාගන්න. මිනිසුන් කරන කියන දේවල් බලාගෙන ඉන්න දෙවියෙක් ඉන්නවානම් මෙච්චර දරුණු අපරාධ කොහොමද ලෝකෙ සිද්ධ වෙන්නෙ? දෙවියන්ගේ නාමයෙන් මේ වෙනකොට ලොකයේ කොයිතරම් නම් මිනිසුන් හා තිරිසන් සතුන් මරලා තියෙනවාද? කොයිතරම් යුද්ධ කරලා තියෙනොද? කරනවාද? එහෙම වෙලාවටවත් ඔය සර්වබලධාරී දෙවිවරුන්ට මිනිසුන් ඉදිරිපිට පෙනීහිටලා, අනේ මම මවපු දරුවනේ මම වෙනුවෙන් මරාගන්න එක නවත්තපල්ලා කියලා කියන්න බැරිද? ඔය කියන දෙවිවරු ජීවමාන වෙන්නෙ එහෙම වුණොත් නේද? රොෂාන් ඔයාට නොතේරෙන සත්‍යයත් ඒකයි. බුදුන්වහන්සේ දෙසූ උතුම් දහමට අනුව පුද්ගලයාගේ නිවන තියෙන්නේ නොපෙනෙන දෙවියක් අතනොවෙයි. පුද්ගලයාගේ ආත්මශක්තිය හා පිරිසුදු වූ කායික, වාචසික හා මානසික ක්‍රියාවන්ට අනුවයි. (නි)
සාධු....සාධු....සාධු....සාධු....
මගේ රටට සම්මා සම්බුදු සරණයි (දී)