(පාලිත ආරියවංශ)
ජපන් රටේ සහාය ඇතිව ලෝකයේ ක්‍රියාත්මක කරන දෙවන සකුරා රෝපණ ව්‍යාපෘතිය බදුල්ලේදී අද(3) ආරම්භ විය.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, ජපානයේ MAIJO (මේජෝ) විශ්ව විද්‍යාලය, ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය හා බදුල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රියත්මක කරන සකුරා රෝපණ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඌව ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතා විසින් ප්‍රථම සකුරා පැලය රෝපණය කරමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාල භූමියේදි නිල වශයෙන් ආරම්භ කරන ලදී .
මේ අවස්ථාවට සහභාගිවු ජපානයේ මේජෝ විශ්ව විද්‍යාලයේ විදේශ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද කුමාර මහතා පැවසුවේ දැනට ශ්‍රී ලංකාවේ නුවරඑළිය හක්ගල මල්වත්තේ පමණක් සකුරා ගස් දෙකක් ඇති නමුත් ඒවායේ මල් හට ගැනීමක් සිදුනොවන බවයි .
කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය අනුව රෝපණය කරන සකුරා ගස්වල මල්හට ගනු ඇතැයි මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව විශ්වාස කරන බවද හෙතෙම අවධාරණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කම ජපානයේ නිල් මානෙල් බෝ කලොත් නරකද?
වැද්දෝ ඉන්නේ බදුල්ලේ නේද?
පිටිගල මිලානෝ... දැන් නැහැනේ... හිටපු එක්කෙනා දැන් ඉතාලි ගිහිල්ලනේ.
මෙය හුදෙක්ම සකුරා මල් වගාකිරීමේ ව්‍යාපෘතියක් නොව බදුල්ලේ ඇල්ල ප්‍රදේශයේ සහ ඌව පලාතේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ ජපානයේ මෙයිජෝ විශ්වවිද්‍යාලය අතර සිදුවන ශිෂ්‍ය, මානව සම්පත් හා තාක්ෂණික හුවමාරු වැඩසටහනේ එක් අංගයක් පමණි.
සකුරා මල් වවන්න කලින් විනාශ කරපු විල්පත්තුවේ ගස් ටික වවන්න....... නැත්නම් විල්පත්තුව වැඩි කලක් යන්න කලින් අරාබිය වගේ කාන්තාරයක් වෙනවා.