(බදුල්ලේ පාලිත ආරියවංශ)
බදුල්ලේ බදුලුඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇතිවිමට ප්‍රධාන හේතුව බදුලුඔය අවහිර කර සිදුකර ඇති අනවසර ඉදිකිරීම් බව පරිසරවේදීහු පෙන්වාදෙති .
බදුල්ල නගර මධ්‍යයේ පිහිටි යාම්පානම් වත්ත ප්‍රදේශයේ මෙවැනි ඉදිකිරීම් රැසක් දැකගත හැකිවේ.
මේවා පිළිබඳව පරිසරවේදීන් නිතරම පෙන්වාදුන්නත් වගකිවයුතු අංශය මුදලට යටවී ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ තත්වය නිසා බදුල්ල සුමනතිස්ස ගම, කයිලගොඩ, හෑගොඩ, බදුලුපිටිය යන ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇතිවී ඇත.
බදුල්ල නගර සීමාවේ පමණක් නිවාස 110කට ගංවතුර බලපෑම් ඇතිවූ බව ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික්ක ඒකකය පැවසීය. හංවැල්ල, හෑගොඩ පාලම වසාගෙන සැඩ දියපහර ගලා යාම නිසා බදුල්ල කහටරුප්ප මාර්ගයේ බස්රථ ඇතුලු රථ ධාවනය මුලුමනින්ම ඇණ හිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
71 වසරක් කරපු අයටම තව 5ක් දුන්නා ඉතින් රට කාපු අයටම දීපල්ලා... එතකොට හැමදාම උඹලට ගංවතුර බොන්න පුළුවන්... රජකාලේ වනය නොකැපුවේ එහි අනිසි ප්‍රතිඵල ඔවුන් එදා දැන සිටි නිසා... සුද්දා විනාශ කරපු වන විනාශය.., කළු සුද්දා ඊටත් වඩා හොඳින් විනාශය කළා.. දැන් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ...