රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්‍ෂ ගේ පින්අරාව නිවසේ ගේට්ටුවේ අද මල්වඩමක් එල්ලා තිබිනැයි බදුල්ල පොලිසිය කියයි. වෛද්‍ය නිවසට පොලිස් ආරක්‍ෂාව සලසා ඇත. වෛද්‍යවරයාගේ බිරියට හා තවත් වෛද්‍යවරයකුටද දුරකථනයෙන් බැණ තර්ජනය කළැයි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා මල් ටිකේ ලස්සන! මල් ටික ගළවලා පෝච්චියක දා ගන්නකෝ. (නි)
අනතුරට පත් ළමයා වෙනුවෙන් පාරට බහින්න කොන්ද පණ තිබුණු එකම තැනැත්තාට මෙහෙම මල් වඩමක් එවපු කෙනාට හොදක් නම් වෙන්න එපා. (නි)
මේවා කරන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා (නි)
ඇත්තටම මේවා කරන්නේ පුහු දේශපාලන වාසි ගන්න බලාගෙනයි. (නි)
ඔහෝම යනකොට රටේ මලගම වැඩි ඈතක නැහැ. (අ)
ඔය "මාරයිනේ " කියල කොමෙන්ට් දාන ය දන්නවද ඇයි මේ මල්වඩමක් යවන්න හේතුව කියල. රජයේ වෙදැදුරු සංගමය තවමත් සටන් වදිනවා රටේ දුප්පත් මිනිසාගේ අයිතිවාසිකමක් වන නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන්. ඔවුන් පෞද්ගලික වෙද විදුහල් වලට විරුද්ධ වීම නිසා තමයි ඔවුන්ට මෙම තර්ජන එල්ල වන්නේ. ඉතින් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න සටන් වදින වෙද ඇදුරන් වෙනුවෙන් මෙලෙස අවලාද නැගීමෙන් වලකින්න. පෙරදිනක බෝම්බ ප්‍රහාරයක් එල්ල උනේ වෙද අදුරෙකුගේ නිවසට නොව රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට බවත් පොදු ජනතාව මතක තබා ගත යුතුය (ස)
ආයේ වර්ජන නෑ..උපවාස තමයි.(ස)
අපේ රට හොහේටද මේ යන්නේ (අ)
අනේ මංදා මේවා කොහෙන් කෙලවර වෙන ඒවද කියලා...(ස)
දොස්තරලා වැඩි හරියක් ඔලුවෙන් ඉන්නේ..(ස)
මේවා ඔක්කොම දේශපාලුවන්ගේ වැඩ. අනේ ඇත්තට, රටකට ගිය කලක්? (නි)
මේ මැර වැඩ වලින් වෙන්නේ උගතුන් රට හැර යාමයි. (නි)
අහිංසකයෝ වෙනුවෙන් කතා කර නිසා වෙන්න ඇති ඔය වැඩේ වෙන්න ඇත්තේ..(ස)
දොස්තර මහත්වරුන්ගේ සංගමය නිදහස් අධ්‍යාපනය ගැන ඔය තරම් කැපවෙනවා නම්, පේරාදෙණියේ සම සෞඛ්‍ය සේවා උපාධිය නවත්ත ගන්න අර තරම් දත කෑවේ ඇයි? අවුරුදු හතරකට සැළසුම් කර තිබුන ඖෂධවේදී, රසායනාගාර විද්‍යාඥ, විකිරණ ශිල්පී ආදී උපාධි පාඨමාලා අවුරුදු තුනට කෙටිකලේ ඔවුන්ගේ වුවමනාවටයි. ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුල යෝජිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා කීයක් ඔවුන්ගේ විරෝධය නිසා නතර කර ඇති ඔබ දන්නවාද? (නි)
මේක 1994 පටන් ගත් යම් දෙයක් නිසා ඇතිවූ ප්‍රතිඵලයක්. (නි)
කොහොමද වැඩ? (නි)
අයියෝ සල්ලි කියුවාලු
උපුල් රජයේ වෙදැදුරු සංගමය සටන් වදින්නේ රටේ දුප්පත් මිනිසාගේ අයිතිවාසිකමක් වන නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් නොවෙයි. තමන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න. (අ)
බණ්ඩාර, මේ වගේ ප්‍රවෘත්ති අවඥාවට ලක් කරන්න එපා. ඔයා උදේ නැගිටලා බලනකොට දොරකඩ ළඟ මල් වඩමක් තිබුණොත් ඔයා හිනාවෙලා ඒ මල් ටික මල් පෝච්චියක දානවද ? (නි)
අද කාලේ ප්‍රශ්න වලට තියෙන එකම පිළිතුර තමයි බිය ගැන්වීමසහ පහර දීම. (නි)
සුද්දා අපට එදා නිදහස නොදුන්නා නම් මීට වැඩිය හොදයි කියලා හිතෙනවා (නි)
වෙනකවුරුවත් නෙමෙයි..ඒක එවල තියෙන්නේ දඩෝරියා...(ස)
තුල්සි මහත්මිය වාගේම තවත් කිහිප දෙනෙක්ම වැරදියි. (නි)
ආපහු වර්ජනයක් කරන්න හොඳ අවස්ථාවක්....(ස)
හෙට කට්ටිය වර්ජනයක් දියත් කරයි. (නි)
අයියෝ! ආයෙත් වර්ජනයක්. (නි)
රටේ නීතිය දැන් අවනීතියක් වෙලා. සමාවෙන්න මම මගේ රටට ආදරෙයි. ඒත් මේ තත්වයන් හමුවේ අසාධාරණය හිංසනය සහ වංචාව රජකරන සමාජයක සිටිනවාට වඩා හොදයි රට හැරදා යෑම.මම නම් තව අවුරැදු 2ක් විතරයි ඉන්නේ. අපේ ලස්සන ලංකාව දැන් විනාශ වෙලා නීතිය රකින අය නිදි. ඔය කවුරුත් අපිට ආදරේටද ඡන්දය ඉල්ලන්නේ? ඇයි එයාලා අපිට ඒ තරම් ආදර? මම නම් කියන්නේ ලංකාව නැවත ගොඩ නැගිය යුතුය. ඒකට වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, විධායක නිලදාරින්, නිතීඥයන් ඇතුලු රටේ උගත් පිරිසෙන් 50% ක්වත් සිටිය යුතුය. (නි)
ෂා... මාරයිනේ. (නි)
මේවා කරන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා. (නි)
සල්ලි නැති කමට මල් වඩමක් එවුවහම ඒකට ස්තූති කරලා භාර ගන්න. හැබැයි වර්ජන කරන්න නම් එපා. (නි)
ශර්මිලා, මාර නෑ මාර නෑ....(ස)
රටේ බහුතරයක් දෙනා හිතන්නේ වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට මන්දිර හදන් සුඛෝපභෝගීව ඉන්න කෙනෙක් කියල.. එත් මේ ෆොටෝ එක දැක්කම පේනවා මෙතුමා එහෙම කෙනෙක් නෙවෙයි කියල... රටේ බොහොමයක් වෛද්‍යවරු මෙහෙමයි.. නිතරම මිනිස්සුන්ගේ ඉරිසියාවට බඳුන් වෙවී ඉන්න පිරිසක්.... නමුත් මේ වගේ වැඩ වල අවසාන ප්‍රතිපලය තමයි දෙවිවරු වගේ වෛද්‍යවරු අපේ රට ඇත හැර යාම..(ස)
බය ගුල්ලෙක් තමයි මල්වඩමක් තියලා ගිහින් තියෙන්නේ . .හැංගි හොරා මොකද ? නිවටයෙක්...(ස)
මේවට ලොකු තැන්වල ඉදලම ඉන්න අය වගකියන්න ඕනි...(ස)
අයියෝ, අපි කතිරය ගහලා කර ගත්ත දේවල් වල විපාකේ? (නි)
බලවත් පුද්ගලයන්ගේ වුවමනාවට භීෂණය පතුරවන්නන් දැන් මේ රටෙත් බිහිවෙලා. (නි)
මල් වඩමක් කියන්නෙ ආදරයේ සංකේතයක් නෙමෙයි කියලා අපි දන්නවා. ඒත් වැඩ වර්ජනය කරලා මේ රටේ දුප්පත් ජනතාවට වද දෙන්න එපා. ලොකු අය කරන වැරදිවලට පොඩි අය පලි නෑ නේද ? එහෙම කළොත් ඔබතුමාලට සාමාන්‍ය ජනතාවගේ සපෝර්ට් එක ලැබෙන් නැතුව යනවා. අපි ඔබතුමාලගෙ පැත්තෙ. අපිව නැතිකර ගන්න එපා........(ස)
මේක මල් වඩමක් නිසානේ බය වුණේ. මල් ගොට්ටක් වුණා නම් සන්තෝෂ වෙයි. (නි)
ළමයින් නරක වැඩ කරද්දී දෙමාපියන් එය නිවැරදි කළ යුතුයි. (නි)
මල්වඩමක් එවුවා නම් දින දෙකතුනක් වර්ජනය කරන්න පුළුවන් (නි)
මේක තමයි ළමයෝ ආශ්චර්යය! (නි)
මම දොස්තර කෙනෙක් නම් නෙමෙයි. හැබැයි මම කියන්නෙ නම් මෙම වෘත්තියේදී ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම් විය යුතුයි (නි)
රටේ නීතිය දැන් අවනීතියක් වෙලා. (ස)
මේක ෂුවර් එකටම අර කට්ටියගේ වැඩක් (නි)
මලගෙයක් නොවේ කියලා ලොකු බෝඩ් එකක් ගහන්න දොස්තර මහත්තයෝ. (ස)