ජාතියට කළ හානිය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ ඥානසාර හිමි දණ ගසා ජාතියෙන් සමාව ගත යුතු යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් මහතා අද (15) මරදානේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
තමා බොදු බල සේනාවට සම්බන්ධ වී ක්‍රියාකාරීව කටයුතු කළ බවත්, ජනපතිවරණයේ දී බොදුබල සේනාව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීරණයත් සමඟ ඉන් ඉවත් වූ බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරණයට බොදු බල සේනාවෙන් අපේක්ෂකයකු සම්බන්ධ ඉදිරිපත් කරතියි බලා සිටි බවත්, ඒ වෙනුවෙන් පක්ෂයක් කැමති කර දුන් බවත්, බොදුබල සේනාව ඉදිරිපත් නොවූ තැන වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ බවත්, එම අපේක්ෂකයා ආණ්ඩුවට නම්මා ගැනීමට හිටපු ඇමැතිවරයකු සමග සකච්ඡා කළ බව ඔප්පු කළ හැකි හඬපටයක් අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන බවත් ඔහු කීවේය.
‘සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැති බොදුබල සේනා සමුළුවේ වේදිකාව නිර්මාණයට ලක්ෂ 25ක් වැය කළා. ඒ මුදලින් දුප්පත් දරුවන්ට ඇඳුම් හෝ සුදු රෙදි ලබා දෙන්න තිබුණා.
බොදුබල සේනාව හිටපු ආරක්ෂක ලේකම්ගේ උවමනාවට වැඩ කරන්න පටන් ගත්තා. බොදුබලයේ එක් ස්වාමීන්වහනසේ කෙනකුගේ වාහනයක රියදුරු ලෙස කටයුතු කළේ හමුදා නිලධාරියෙක්. බුද්ධි නිලධාරියෙකුත් ඔවුන් සමග ළඟින් කටයුතු කළා.
බොදුබල සේනාව අපේ වටිනා කියන බුද්ධ පුත්‍රයන් දේශපාලනයට නතු කළා. අපේ කොල්ලන්ගේ සල්ලිවලින් සමුළු තිබ්බා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එළිවෙන්නේ කරපු වැඩ.(හේ)
හැබැයි ඉතින් උතුම් වූ බුද්ධ ධර්මයට නින්දාවක් කළා නම් ඒවාට දෙවියන් විසින් දඬුවම් දෙයි (නි)
දැන් මේ රටේ වංචා දූෂණ එකින් එක අසුවෙයි.(හේ)
මේ කොහෝ හිටිය අයද මේ ඉන්නේ දැන් (දිල්)
කවුද මේ ආපන ශාලා හිමි අය? තීරණ ගන්න මිනිසුන්ට මොළයක් තිබෙනවා. කවුරුවත් කියාදෙන්න ඕනෑ නැහැ. අනුන්ගේ වැඩ හොයන්න පෙර ආපනශාලා වලින් කෙරෙන අක්‍රමකතා හදාගන්න. ඒවා පළමුව නවත්වන්න. (නි)
සබැ බෞද්ධයෝ නම් එදා දැක්කා මේ අය බෞද්ධ නොවන පිරිසක් කියලා. (නදී)
මේ හැමෝම සිද්ධ වුණ දේවල් වලට වගකියන්න ඕනි(දිල්)
ඔතන ආපන සාලා හිමියන්ගේ සංගමයක් තිබුනේ නැහැ. (හේ)
එහෙනම් අරගොල්ලෝ ආපනශාලා වැටලුවේ නැත්තේ මේකයි එහෙනම්. මට දැනුයි තේරුනේ (නි)
ආපනශාලා හිමියන්ගේ වැඩත් බලන්න පුළුවන් ආපනශාලා පිටුපසට ගියා නම්. තව තව සංවිධාන එයි ඉස්සරහට. (නි)
කියපු දේ හරි (නදී)
සුගතදාස ක්‍රීඩා පිටියේ පැවැති බොදුබල සේනා සමුළුවට සම්පුර්ණනම වියදම් කලේ සිංහල ලේ තියෙන නියම සිංහලයෝ මිසක් අසිංහලයෝ නෙවෙයි වගේ දේවල් කියන අය මතක තියාගන්න බොදු බල සේනාව අපේ වටිනා කියන බුද්ධ පුත්‍රයන් දේශපාලනයට නතු කළා. එතකොට ජාතික හෙළ උරුමය නිර්මාණය කලෙත් බොදු බලයද ? දේශපාලන වාසි සහ අනෙකුත් ජාතීන්ගේ අනුකම්පා උපදවාගනු පිණිස මෙවැනි ප්‍රකාශ කියන බව අද බුද්දිමත් ජනතාව හොදින් දන්නවා (නදී)
අද යම් තරමකට හරි සිංහලය කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොදුබලය වගේ සංවිදාන හින්ද බව අමතක කරන්න එපා. බොදු බල සේනා, හෙළ උරුමය, රාවනා බලය වගේ කිසිම සංවිදානයක් වෙන ජාතියක අයිතිවාසිකම් වලට විරුද්ද නැහැ. ඔවුන් කරන්නේ සිංහලයන්ට වෙන අසාධාරනකම් වලට විරුද්ද වෙන එක විතරයි (නදී)
කඩේ ගිය කට්ටිය කෝ ? (නදී)
ඒක තමයි අපි කියන්නේ තමන්ට ඕන විදියට එක එක සේනාවන් හදාගෙන රටේ නීතියට ඉහලින් කටයුතු කරන්න කාටවත් බැහැ. එය බාරවී තිබෙන්නේ පොලිසියට පමණයි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ පොලිසිය ජනතාවගේ සිවිල් ප්‍රශ්න විසඳීමේදී දක්වන දුර්වලතාවයයි. එහෙම වෙන්නේ ඔවුන් දේශපාලනීයකරණය වන නිසයි. මම නම් කියන්නේ පොලිසියට මීට වඩා පුහුණුවක් ලබා දිය යුතුයි ජනතා ප්‍රශ්න විසදීමට. ඔවුන්ට පළමුව පුහුණු කල යුතුයි අවශ්‍යතාවයකට පොලිසියකට ගොඩවන පුද්ගලයන්ට නිසි ලෙසට කතාකිරීමට. (නදී)
ආරක්ෂක ලේකම්ගේ උවමනාවට වැඩ කරන්න පටන් ගත්තේ. බොදු බල සේනාව යනු ජාතිවාදය වැපිරීමේ අරමුනින් ආරක්ෂක ලේකම් විසින් නිර්මානය කරන ලද්දක් නිසයි. (නදී)
දැන් හැම දෙයක්ම වෙලා ඉවරයි. කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ අපි වෙනුවෙන් නැවත බොදුබලය පනගන්වන එකයි. (නදී)
භික්ෂූන් වහන්සේලා දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ නොකළ යුතුය (නදී)
අනේ අසංග, ඔයා දන්නා දේ තමයි ඔය (නි)
සෙල්ලන්ද කොල්ලෝ ? (නදී)
ඔව් ඉතින් අද කාලේ ඉන්න දෙයියෝ ඔක්කොම දඩුවන් දෙන දෙවියෝනේ. (නදී)
ගම්වල ඉන්න දුප්පත් බෞද්ධ දරුවන්ට පොතක් අරන් දෙන්න, වතුර ටිකක් දෙන්න සල්ලි එකතු කලොත් දෙයිද ලක්ෂ 25ක්? බොදු බලෙන් සමුළු තිබ්බා ඇරෙන්න බෞද්ධ පවුල් නැගී සිටුවන්න මොනාද කරලා තියෙන්නේ? එහෙම කරා නම් අද බෞද්ධයින් අන්යාගමිකරණයෙන් වලක්වා ගන්න පුළුවන් නේද? (නදී)
භික්ෂූන් වහන්සේලා කොහෙත්ම දේශපාලනය නොකළ යුතුයි කියන තැන අපි හැමෝම ඉන්නවා. දේශපාලකයෝ අකුරටම ඒ යුතුකම කරනවානම්, අපේ ඉතිහාසය අපේ පොත්වලින් මකල දානකම් සිංහලයා තද නින්දේ පසුවෙද්දී දේශපාලකයෙන් ඒවාට නිසි පියවර ගන්නේ නැහැ. නමුත් භික්ෂූන් වහන්සේලා තමයි මරනින්දේ හිටපු අපිව අවදි කරල ඒවෙනුවෙන් තවමත් සටන් වදින්නේ. භික්ෂූන් වහන්සේලාව විවේචනය කරන්න හරිම පහසුයි. නමුත් ඒ අය නහින්නේ ඒ අයගේ අඹු දරුවන් රකින්නද ? (නදී)
කඩේ යන කට්ටියක් වගේ. ඔය සංවිදානය ලියා පදිංචියක් නැති බොරු එකක්. (නදී)
තුෂාර මහත්තයෝ,අඹු දරුවෝ ගැන නම් මන් කියන්න දන්නේ නැහැ. නමුත්,පහුගිය දවස්වල දැකපු, අහපු දේවල් වලින් ඒ ගොල්ලෝ රැකෙන බව නම් පේනවා. (නදී)
මෙන්න බොලේ ආපන ශාලා හිමියොත් දේශපාලනයට බැහැලානේ. දැන් අපිට කොල පාට නිල් පාට රතු පාට කහට තේ තමයි බොන්න වෙන්නේ (නදී)
දැන් මොකද මේ අයට වෙලා තියෙන්නේ.(හේ)
දේශපාලුවන්ට කඩේ ගියාම ඔහොම තමයි.(හේ)