(ප්‍රසාද් මුතුකුඩ)
ජාතියට වටිනා මෙහෙවරක් කළ නොහැකි උගතුන් බිහිවූවාට කිසිදු පලක් නැතැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ගමට ,රටට, තමන්ට,ප්‍රයෝජනයක් ඇති බුද්ධිමතුන් බිහිකිරීමට දහම් පාසැල් ක්‍රමය අවශ්‍ය බවත් ඇමැතිවරයා කියා සිටියේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මීගමුවේ පැවැති දහම් පාසල් උත්සවයකට එක්වෙමිනි.
‘එදා තිබුණු තක්සලා විශ්ව විද්‍යාලයේ හිටපු දක්ෂතම ශිෂ්‍යා වූ අහිංසක. භාරතයේම ලොකුම උගතා එහි කුලපති. ඉතින් එහෙම කෙනෙක් මිනී මරන්න කියයිද එහෙම කීවාට ඔහු කළේ නැහැ. උගත්තුන්ට ඒක කරන්න පුළුවන් නියෝග දෙන්නත් පුළුවන් හැබැයි බුද්ධිමතෙකුට එහෙම නියෝගයක් දෙන්න බැහැ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයේ නිරත ඔබ තුමාගේ හිතේ ඔය වගේ අදහසක් තියෙන එක ගැනත් සතුටූයි මට. ඇත්තෙන්ම අද කාලේ රටේ හොරු, මංකොල්ල කාරයෝ, වංචා කාරයෝ ,ස්ත්‍රී දුෂකයෝ බිහි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය නොලැබීම . පන්සිල් පද පහ රකින දරුවන් බිහි කරන්න අපේ දහම් පාසල් අධ්‍යාපනය ඉතාම වැදගත් එමගින් බිහිවන දරුවන් සමාජයේ වැරදි වැඩ කරන්න නැ මොකද පව් වැඩ කළොත් නිරයේ ගොස් කල්ප ගණන් දුක් විදින්න වෙන බව දන්නා නිසා .
කතාව හරි. එහෙත් සුදුස්සාට සුදුසු තැන නැත. අමාත්‍යංශ ලේකම්ලාගේ ඊර්ෂයාව සහ ද්වේශය නිසා බොහෝ දක්ෂයන්ට දැනුම ඇති අයට තැනක් නැත.
අනේ ඔව් !
ඉපදෙනකොටම බුද්ධියත් අරගෙනමතමයි එන්නේ කියල දන්නේ නැති පාටයි .
දහම් පාසල් පවත්වාගෙන යන්න ( මම කියන්නේ බෞද්ධ දහම් පාසල් ගැන ) රජයෙන් ප්‍රමාණවත් පහසුකම් සපයල තිබෙනවද බලන්න. අද නියමිත පරිදි පෙළ පොත් ටික වත් ලැබෙන්නේ නෑ. දහම් පාසලට ළමා සාරියක් වත් මහගන්න දරුවන්ට රෙදි කෑල්ලක් දීල තියෙනවද? ස්වෙච්චාවෙන් උගන්වන දහම් පාසල් ගුරුවරුන්ට නිසි ඇගයීමක් නෑ. මේවා පවත්වාගෙන යන්නේ තනිකරම පන්සල් වල දායකයන්ගේ හා ස්වාමින්වහන්සේලාගේ උනන්දුව නිසා. කය්වාරු ගැහුවට මදි ,මේවා ගැන හොයල බලන්න.
ඔබතුමාගේ අදහසට මම ගරු කරමි.නමුත් ඔබ තුමාගේ අදහස් වලට අනෙකුත් යහපාලන නඩේ ගරු නොකරන බව මට විශ්වාසයි.
පන්සිල් පද පහ රකින දරුවන් බිහි කරන්න අපේ දහම් පාසල් අධ්‍යාපනය ඉතාම වැදගත් මොකද පව් වැඩ කළොත් නිරයේ ගොස් කල්ප ගණන් දුක් විදින්න වෙන බව දන්නා නිසා .
මහත්තයෝ පාර්ලිමේන්තුවට, පගා ගහන්නේ නැති, දුෂණ සහ වංචා කරන්නේ නැති එවුන් ටිකක් යවන්න. මුළු රටම කිරියෙන් පැණියෙන් උතුරයි.
ඔය අන්තිමට කියල තියෙන අපබ්‍රන්සේ නම් මට තේරෙන්නේ නැහැ.