අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වල් අලි සවස් වන විට අම්පාර කල්මුනේ මාර්ගයේ මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයෙන් පාර හරහා දීඝවාපී දෙසට ගමන් කරති.
රාත්‍රී දීඝවාපිය සහ අවට ප්‍රදේශවල කරක් ගසන මේ අලි රංචුව එළිය වැටෙන විට නැවතත් බුද්ධංගල අභයභූමිය වෙත යන ආකාරය උදෑසන 5.30 සිට 6.45 දක්වා කාලයේදී මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයේදී දැක ගැනීමට හැකිය.
අද උදෑසන 5.30 සිට 6.45 දක්වා කාලයේදී අලි 200 ක පමණ රංචුවක් ඉහත මාර්ගයෙන් මාරුවු අවස්ථාව ජායාරූප වලින් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලි ටිකවත් බේරුණොත් හොදයි (නි)
මේ කුඹුරු වෙල්යායවල් මැද්දෙන් නේද යන්නේ? වගකිවයුත්තන් මේ ගැන නොබැලුවොත් ගොවිතැන් කරන ගොවියන්ට තමයි කරදර වෙන්නේ. (නි)
එහාට මෙහාට අලි මාරු වෙනවා. එහෙම තමයි ලංකාවේ අලි. (නදී)
අලි රංචුව නොනගතයට කලින් වැඩ අල්ලන්න යන්න ඇති (නි)
සංවර්ධනයේ ඛේදවාචකය ඉදිරියේ අසරණව, තමන්ගේ මුල් භුමිය සොයා යන තවත් එක් අහිංසකයින් රෑනක්.... ඇත්තටම අපේ රටවල් සංවර්ධනය විය යුත්තේ නිසි සැලසුම් වලට අනුව කෙසේද යන්න තවම නොදනී. (නි)
ඔතන සුරේ එකට අරයත් ඇති (නි)
බුද්ධංගල නෙමේ හස්තීන්ගල කියලා දැම්මා නම් නේද වඩා හොද? (නි)
ලස්සන දසුනක්. ලංකාදීපයට ස්තූතියි. (නි)
පවු අහිංසක සත්තු! (නි)
කෑම සොයා ගන්නට යන දුර ගමනයි.. අවුරුදු දහස් ගණනක සිට එන සිරිතයි.. මහමග තැනින් තැන තිබුණේ අද ඊයෙයි.. මිනිසුන් පාරවල් සැදුවට අපි පලිදැයි (නි)
වාසනාවන්! උපද්‍රවයක් නොම වේවා! (නි)
මේ දර්ශන දකින්නත් අපි කවුරුත් පින් කරලා තියෙන්න ඕනෑ (නි)
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා... (නි)
අනේ වාසනාවන්! (නි)
මේ අහිංසකයින්ට නිදහසේ ජිවත් වෙන්ට රටේ වගකිවයුත්තෝ කටයුතු කරත්වා! (නි)
ලංකාදීප පින්තුර ගත් මහත්මයාණෙනි, මෙම පින්තුර හරිම හොදයි. (නි)
අපි ඉන්නේ අලි ඉන්න තැන් වලයි, (දී)
අලි රංචුව රැට දීගවාපි පැත්තේ යන එක හොඳයි. අඩු ගානේ ඉතුරු ඉඩම් ටිකවත් රැකගන්න පුළුවන් වෙයි.(නදී)