රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ට ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.මාර්සෝ වැඩ බැලීමට පත් කර තිබේ. මේ අතර ස්ථාවර දුරකථන ටැප් කිරීමද අවසන් කර ඇතැයිද ඒ සඳහා යොදා සිටි පුද්ගලයා එම කාර්යයෙන් මුදා හැර ඇතැයිද දැනගන්නට ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ට ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.මාර්සෝ වැඩ බැලීමට පත් කර තිබේ. මේ අතර ස්ථාවර දුරකථන ටැප් කිරීමද අවසන් කර ඇතැයිද ඒ සඳහා යොදා සිටි පුද්ගලයා එම කාර්යයෙන් මුදා හැර ඇතැයිද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවුලයි කැඳයි දෙකම කොහොම කරන්නද ? ත්‍රස්ත සංවිධානයක් මිලිටරි වශයෙන් පරාජය කල පමණින් රටක ආරක්ෂාව තහවුරු වෙනවද? බුද්ධි අංශ තොරතුරු රැස් කිරීම කොතරම් අවශ්‍යද ? ජනතාවට පෞද්ගලිකත්වය අත්‍යවශයි, තර්කයක් නැහැ. නමුත් ත්‍රස්ත සාමාජිකයන් පුනරුත්ථාපනය කල පමණින් ඔවුන් 'සාමාන්‍ය' ජනතාව වෙනවද ? අවස්තාවාදී දේශපාලකයින් හා මුදලට ඕනෑම දෙයක් කරන මිනිසුන් සිටින සමාජයක ත්‍රස්ත සංවිධාන වල නැගිටීම වළක්වන්නේ කෙසේද ? දුරකථන ටැප් කිරීම බටහිර සංවර්ධිතයි කියාගන්නා රටවල කොතරම් කරනවද ? එහෙම කරලත් බටහිර රටවල කොතරම් ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදුවෙනවාද ? ලංකාවේ දැන් වසර ගණනකින් ත්‍රස්ත ක්‍රියාවක් සිදු නොවුනේ බුද්ධි අංශ වල කාර්යක්ෂමතාවය නිසාද? මේවා සරලව හරි හෝ වැරදි කියල කියන්න ඉතාම පහසුයි. අපි බුද්ධිමත් ජනතාවක් විදියට කරුණු කාරණා වල බලපෑම්, සහ සම්භන්ධතා ගැන ගැඹුරෙන් සිතා බැලිය යුතුයි. ඉන්පසු තීරණය කරමු සිදු වෙමින් පැවතුනු දෙය කොතරම් සාධාරණද, එය වෙනස් විය යුතුද කියලා. ස්තුතියි. (නදී)
මධ්‍යස්ත මතදාරී මතය මධ්‍යස්ත යැයි මට නම් පෙනෙන්නේ නැහැ. දුරකථන ටැප් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, මෛත්‍රීපාල මැතිතුමා සහ පැවති සන්ධාන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේත් එවකට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීලාගේත් පුද්ගලිකත්වය ඉක්මවා සිදු කෙරිලා තිබෙන බව අපිට ආරංචියි. දැන් මේ වගේ කාරනාවල් සාධාරණිකරණය කරන්නේ කොහොමද ? රටේ අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ගේ දුරකථන ටැප් කිරීම පසෙකට දාලා බලමුකෝ. මේ උදවිය සමාජයේ හැමෝම දන්නා කියන වගකීමක් ඇතිව දේශපාලනය කරන පුද්ගලයන්. ඒ අයවත් මෙහෙම සැක කරලා පුද්ගලිකත්වයට බාධා කරනවා නම් මේක අසනීපයක්. එහෙම නම් මේ රටේ ඉන්න ඕන තමන්ගේ පවුලේ උදවිය විතරයි. ඇයි ඉතින් අනෙක් කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න ලෑස්ති නැහැනේ. සීමාව ඉක්මවා කටයුතු කිරීම සුදුසු නැති බව මගේ අදහස. රටකට ආරක්ෂාව අත්‍යවශ්‍යයි. එ්කේ ගැටළුවක් නැහැ. (නදී)
රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි (නදී)
නව තාක්ෂනය යොදාගෙන තෝරාගත් දුරකථන වලට සවන්දිය හැකිය. එය රැන්ඩම් ක්‍රමයට කල හැකිය. රටේ ආරක්ෂාව සඳහා කලයුතු දේ කලයුතුමය. එහෙත් ලංකාව වැනි ඉතා කුඩා රටක බුද්දි අංශය ක්‍රියාකාරීව මෙහයවීමෙන් ඕනෙම අපරාදයක් ,කුමන්ත්‍රණයක් අනාවරණය කැරගත හැකිය. යුද්දය සඳහා මෙහෙයවූ ශ්‍රම බලකාය යොදාගත හැකිය (නදී)
කලකට පෙර මම කොළඹ කොටුවේ සේවය කරන කාලයේ අපේ ආයතනයේ සෑම දුරකතනයක්ම ටැප් කරන බව අපි දැන සිටියා . පුදුමයක් කියන්නේ යුද්ධය පවතින කාලයේවත් අපේ ටෙලිෆෝන් ටැප් වුනේ නැහැ. ඊට පසුව හරියට කොළඹ කොටුවේ කාර්යාලවල වැඩ කරන හැම මිනිහාම කඩා කප්පල් වැඩක් කරන්න යන ගානට දාල තිබුනේ. ගෙදර නෝනාට කතා කලත් ඒකත් ටැප් කරනවා. ගනුදෙනුකරුවෙකුට පාරිභෝගිකයෙකුට කතා කලත් අනිත් පැත්තෙන් අර ටැප් කරන සද්දය එනවා. අපිට එපා වෙලා තිබුනේ. (දිල්)
අනුර සේනානායක මහතාට මොකද වෙන්නේ?. (දිල්)
දුරකථන ටැප්කරන එක ඇමරිකාවත් කර තිබුනා ඉතා දරුණු විදියට. වෙනත් රටවල නායකයාගේ පවා....මම හිතන්නේ අපේ බුද්ධි අංශය දැඩි ලෙස දුර්වලවෙලා කියලයි. මොකද මේ ඔක්කොම කරලත් මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා වනබව සොයාගන්න බැරිවුණ නිසා. (නි)
"මේ අතර ස්ථාවර දුරකථන ටැප් කිරීමද අවසන් කර ඇතැයිද ඒ සඳහා යොදා සිටි පුද්ගලයා එම කාර්යයෙන් මුදා හැර ඇතැයිද දැනගන්නට ඇත." යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? (නදී)
ඒ කියන්නේ දැන් තේරෙනවා නේද මෙපමණ කල් අපේ නිදහස සිමා කරලා තිබුන හැටි. .මේවා ගැන අපි ඉස්සර කියනකොට සමහරු අපිට හිනාවුණා .නමුත් අපි සියලුම දෙනා බැමි වලින් තොරව නිදහස් ලෝකයට පා නගමු (නදී)
ඇයි ඉතින් අන්තිමට ටැප් කරන්න කියල පවරපු වැඩේ හරියට කරලා නැහැනේ. ගෙදර යනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (නදී)
නිදහස් කරන්නේ ඇයි? මානව අයිතිවාසිකම් උල්ලංඝකය කරපු අය (නදී)
කෝ මේ බෙරිහන් දුන්න වීරවංශ මොකද උනේ ? (නදී)
කෝ මේ වීරවංස ළමයා අයියෝ සිරිසේන බලනවා ඇති නේද . (නදී)
මේ මාර්සෝ කියන පුද්ගලයා මේ තනතුර දරන්න තරම් බුද්දියකින් හෙබි කෙනෙක් නම් නොවෙයි. ඔහුව පොලිසියට බඳවා ගත්තේ රගර් ගහන්න (නදී)
යහපාලනයට ජයවේවා ! (නදී)