( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බදු ගිවිසුමක් මත ලබාගත් පන්නිපිටිය පැලන්වත්ත ගුවන් හමුදා නිලධාරියාගේ නිවසේ තිබූ රුපියල් 7 ක පමණ දේපල හොර රහසේ විකුණූ එංගලන්ත උපාධිධාරී 38 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
එලෙස විකුණා තිබුනේ නිවස සමග බදු පදනම මත ලබා දුන් මේස, පුටු විදුලිපංකා ශීතකරණයක් ගෑස් සිලින්ඩර් ඇඳන් හා මෙට්ට යනාදිය බව පොලිසිය කියයි.
බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියාට අයත්ව තිබූ මෙම නිවසේ බඩුබාහිරාදිය සමග අත්අඩංගුවට ගත් සැකකාර මවට සහ පුතුට මීට වසරකට පමණ ඉහතදී මාසිකව රුපියල් 30000 ක බදු පදනම මත ලබා දී තිබූ අතර එළඹෙන අප්‍රේල් මස අටවෙනි දින බදු ගිවිසුම නිමවීමට තිබූ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේස,පුටු.ඇද,මෙට්ට ,සීතකරන ගෑස් සිලින්ඩර ඇතුළු භාණ්ඩ රුපියල් හතකට වටිනාකම තක්සේරු කලේ කොහොමද මේ කාලයේ රුපියල් හතකින් කරන්න පුළුවන් මොකක්ද
මගේ වික්‍රමසිංහපුර නිවසකටත් බද්දට හිටපු කාලකන්නි ඔය ටිකම කලා. සියළුම උපකරන මම පිටරටින් ගෙන ගොස් සවිකරපුව. උන් ඒවා කලින් දැකලාවත් නැතුව ඇති.
ගෘහභාණ්ඩේ මඳක් භාවිතා කළ ගිනිපෙට්ටියක් වෙන්ටැති මගේ හිතේ. ඔව් ඔව් රුපියල් හතක් විතර වටියි...