නීතියේ ස්වාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රකින ලෙස රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේ දී අද තීරණය විය. කොළඹ අලුත්කඩේ පැවැති මේ රැස්වීමට දිවයින පුරා දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරු 150කට ආසන්න ප්‍රමාණයක් රැස්වුහ. අධිකරණ සේවා කොමිසමේ සභාපති මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය තරයේ හෙළා දුටු සංගමය බදාදා සිට යළි උසාවි රාජකාරි ඇරැඹීයට ද තීරණය කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ඔබට මල් මිටක් !!! අනිත් අයටත් විඤ්ඤාණය පහල වේවා (ස)
පළමු ව ඔව්හු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණිය හ. මම නිහඩ ව සිටියෙමි. දෙවනුව ඔව්හු වෘත්තීය සමිති සාමාජිකයන් සොයා පැමිණිය හ. මම එවර ද නිහඩ ව සිටියෙමි. පසුව ඔව්හු යුදෙව්වන් සොයා පැමිණිය හ. මමයුදෙව්වෙක් නොවන නිසා නිසොල්මන් ව සිටියෙමි. ඉන්පසු ඔව්හු මා සොයා පැමිණිය හ. එහෙත් එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් සිටියේ නැත. මාටින් නිමොලර්. (ස)
නීතිය රකින්න වැඩකරලා සාධාරණ තීන්දු දුන්නා නම් හරි. (නි)
දුප්පත් අසරණ මිනිහෙකුට එහෙම මේ දේ උනානම් එයාව හිරේ දාන්නමයි හදන්නේ..!(නු)
"හර්ෂණ 2012-10-09 17:09:54 කොහොමත් මෙයාලත් දොස්තරලා වගේ තමයි. දවස් දෙක තුනක් වර්ජනය කළොත් මුදල් නැතිවෙන බව දන්නවා. මොකද තියෙන වියදම් මතක් වුණහම නිකම්ම වර්ජනය අමතක කරලා දාලා වැඩ පටන් ගනී" විශ්ව විද්‍යාල ඇදුරුතුමන්ලා ගැනත් සමහරු හිතා හිටියේ ඔහොම තමා. අදට මාස තුනක් පඩි නැතිව ඒ මිනිස්සු සටනේ ඉන්නේ. ඔයාට හිතාගන්න බැරි වුණාට සල්ලි වලට වඩා ලොකු දේවල් මිනිස්සුන්ට තියෙනවා. හැබැයි ගෞරවය කියන එකෙත් වටිනාකම තේරෙන්නේ අනික් දේවල් වලදී වගේ එය තිබුණ කෙනෙක්ට විතරයි. ඒ නිසා ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි. (නි)
මේකත් විදේශිය ක්‍රමන්ත්‍රණයක් කියාවිද දන්නේ නෑ ...? (ස)
තවම නීතියක් නැතිකමේ අමාරුව ලංකාවේ අයට තේරිලා නැහැ. මේ ප්‍රතිචාර ලියපු අය ගැන කණගාටුයි. (නි)
ඔවු ඉතිං. කල්යන්න යන්න ඔබතුමාලටම තමයි පාඩු වෙන්නේ. (නි)
95%ක් රට සාමකාමී වෙලා මේ අයට නඩු නැතුව ගියොත්, ඒත් මේ අය පාරට බහීවි නඩු නැහැයි කියලා. (නි)
ජනතාවගේ සාදාරණ වෘත්තිය ඉල්ලීම් කීයක් හමුවේ සාධාරණ නොවන තීන්දු කීයක් ඔය අධිකරණය දුන්නාද? අද මේ රට පත්ව තියෙන තත්ත්වයට ඔය අධිකරණය වගකිවයුතු නොවේද? නීතිය සාධාරණ වියයුත්තේ අධිකරණයට පමණනක්ද? නීතිය වල්වැදී ඇත. අධිකරණ නිලධාරීන් කැපු වළේ ඔවුන් වැටී ඇත. වළ වැසිය යුත්තේද ඔවුන්මය. (නි)
අර පොලිස් රාළහාමි කෙනෙකුට ගහපු විනිසුරුතුමත් ඔතන ඉන්නවද? (නි)
අපරාදෙ මේ ටික කරන්න මහන්සි උනේ.. නිකං හිටියත් ඔය ටිකමනේ..!(නු)
මැද ෆොටෝ එකේ ඉන්නේ කවුද ? (ස)
මෙයාලව දැක්කම මාව අතීතයට ගියා .(ස)
ලංකාවෙ අය අතීතයටමයි යන්නේ.. අනාගතයක් නැති නිසා.. දන්නවා අනාගතේ විනිශ්චිතයි කියලා..!(නු)
එයා තමයි සුදු වත හැදි කත.!(නු)
නීතියේ ස්වාධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය ගැන එදා මතක් වුණේ නැද්ද? (නි)
කොහොමත් මෙයාලත් දොස්තරලා වගේ තමයි.. දවස් දෙක තුනක් වර්ජනය කළොත් මුදල් නැතිවෙන බව දන්නවා.. මොකද තියෙන වියදම් මතක් උනාම නිකම්ම වර්ජනය අමතක කරලා දාලා වැඩ පටන් ගනී..!(නු)
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා... (නි)
අනේ හොදයි
කවදාවත් උසාවි ගිහින් නැති හින්දා මම හිතුවෙ ඕවාල ඉන්නෙ යක්කු වගේ මිනිස්සු කියලා. මේකෙ තියෙන විදිහට හරි ලස්සන ළමයිනුත් ඉන්නවනෙ. (නි)
අනුර ඔයා හරියට ම හරි..(ස)
නීතිඥ මහත්වරු අහිංසක මිනිස්සුන්ගෙන් ගන්නා මුදල තව අඩුකරන්න කියලා යෝජනාවක් දැම්මොත් නරකද? (නි)
බදාදා සිට උසාවි යළි වැඩ. ඇයි වැඩ? තව ටිකක් නිවාඩු ගත්තා නම් නේද හොද? (නි)