අන්තර් ආගමික සාකච්ඡාවක් හා බුදු දහම පිළිබඳව අධ්‍යයනයක නිරතවීම පිණිස වතිකානයට අයත් උර්බනිකා සරසවියේ ශිෂ්‍ය පූජකවරු හා කන්‍යා සොයුරියෝ පිරිසක් රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයට පැමිණියහ. තම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන බුදු දහම අනුව පන්සලක ස්වරූපය හඳුනා ගැනීම මෙහි දි සිදුවිය. ලෝකයේ විවිධ රටවලට අයත් වන මෙම පූජකවරුන්හට ඒ සඳහා මග පෙන්වූයේ උර්බනිනා සරසවියේ කථිකාචාර්ය ඉදුනිල් ජනක පියතුමාය. විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමි හා දායක පිරිස පැමිණ පූජකතුමන්ලා හා කන්‍ය සොයුරියන් හට ශ්‍රී ලාංකික ආහාර වේලකින් ද සංග්‍රහ කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම හොදයි. හැබැයි ලංකාවේ තිබෙන පන්සලකට වෙන ආගමකකින් ගියොත් ගහලා තමයි එවන්නේ. මොකද මම එහෙම කිවුවේ ලංකාවේ ඉන්න සමහරක් නමට සිංහල බෞද්ධයෝ කියාගන්න පිරිස්. බොරු බොරු මුහුණු පොත් හදාගෙන ආගම් වලට කරන අපහාස වලට හොදක් වෙන්නේ නැහැ. (නි)
අපේ ලංකාවෙ අය නම් මේ කට කැමති නැතිව ඇති.. නමුත් සමහර ඉතා කුඩා පිරසක් ඉනනවා ආගම්වලට අගෞරව කරන..(නු)
පන්සලට යන්න ඕනෑ හිස්වැසුම්, පා වැසුම් නැතුව. ඒත් මේ අය? බුදු දහම ගැන ඉගෙනගන්න ආවත් පන්සලක් තුළ හැසිරිය යුතු සම්ප්‍රදාය බිඳ නොදැමිය යුතුයි. ඒ අයට පැහැදිලි කරලා දෙන්න තිබුණා නේද? (නි)
මෙකනම් සැක සහිතයි. හාමුදුරුවනේ පරිස්සමෙන්. (නි)
ටික කාලෙකින් කියයිද දන්නේ නැහැ ත්‍රිපිටකයත් එයාලගේ කියලා. (නි)
බුදු පිළිම වලට පිටුපා පින්තූර ගැනීම ඉතාම වැරදියි. (නි)
ධම්මාරාම හිමියනි ඔබවහන්සේගේ මෙහෙවර ඉතා උතුම්...... නමුත් මේ ඡායාරූපය...?(නු)
අප නම් බුදු පිළිමවලට පිටුපාලා ෆොටෝ ගන්නේ නෑ. එක වැරැද්දක් නේ ද?(නු)
මේ ඡායාරූපයේ කට්ටිය බුදුපිළිමෙට නේද පිටුපාලා ඉන්නෙ..!(නු)
සැමටම බුදු සරණයි
හැම දේකම වැරදි හොයන්න එපා. හොදක් දකින්නත් පුරුදු වෙන්න. (නි)
පිළිමයකට පිටුපා ඡායාරූප ගත්තා කියලා මෙච්චර කේන්ති ගිහින් නම්, තම ආගමික ශාස්තෘවරයෙකුට එරෙහිව චිත්‍රපටියක් නිපදවූ විට කොපමණ කේන්ති යා යුතුද? (නි)
ආගමික සහජීවනය කොයිතරම් අපූරුද? (නි)
මෙවැනි දෙයක් මම දැකපු පළමුවැනි වතාව.. තව පන්සල් කොපමණ යුරෝපයේ තියෙනවාද? නමුත් ධර්මය ලෝකයට ගෙනියන්න මෙයින් කි දෙනාද? ධම්මාරාම හිමියනි ඔබවහන්සේට තව තවත් ධර්මය ප්‍රචාරය කරන්න ධෛර්යය නිරෝගී සුව ලැබේවා..!(නු)
බයිලා එපා ළමයිනේ. එහෙම ඡායාරූප ගත්තා කියලා අගෞරවයක් වෙන්නේ නැහැ. (නි)
ශ්රී සද්ධර්මවාදය ඉතා කාලෝචිත නිසා අධ්‍යයනය කිරීම සියල්ලන‍්ගේ හිතසුව පිණිස හේතු වේ. (නි)
මෙහි තියන මුල් ඡායාරූපය බුදු පිළිමෙට පිටුපාලා ගන්නෙ නැතුව එක පැත්තකට පේළියට ඉදලා බුදු පිළිමෙ පසුබිමෙන් හොඳට නිරාවරනය වෙන්න ගන්න තිබුණා නේද? මොකද එයාලා බුදු දහම ඉගෙන ගන්න පන්සලක ස්වරුපය දැනගන්න ආපු කට්ට්යනෙ.එතනදි අපේ හාමුදුරුවන්ගෙ වගකීමක් තමයි ඒ අයට කියාදිම. (නි)
බුද්ධාගම යනු රූපයට වැදීම නොව ධර්මය පිළිපැදීමයි. (නි)
තෙරුවන් සරණයි
මේව දක්කාම මට මටක් වෙන්නෙ සොම හාමුදුරුවො රුසියවෙදි ගත්තු පින්තුර. ආගමික සහජීවනය නමති බොරු සංකල්පයට මුවා වෙලා මෙ කරන්න හදන දේවල් ගැන බෞද්ධ අපි සෑලකිලිමත් විය යුතුයි (ස)
අපිටත් අනෙක් ආගම් ඉගෙනගන්න ඕනෑ. (නි)
බුදු දැහැම බැබලේවා
බුදු පිළිමවලට පිටුපාලා ඡායාරූප ගැනීමට වඩා වැඩි වැරදි ලංකාවෙ වෙන්නේ නැද්ද? අගෞරව කරන අදහසකින් නෙමෙයිනම් එතන වරදක් නැහැ..!(නු)
පින්තුරේ ගැන කියන කතාව ඇත්ත . පින්කම් කටයුතු කරනකොට බොහොම සිහි නුවණකින් යුක්තව ශ්‍රද්ධාවෙන් කටයුතු කළ යුතුයි. (නි)
ඇයි ඒ? ඒ අය දන්නවා සෑම ආගමක්ම විශ්ලේෂණය කළහම කියවෙන්නේ එකම කතාවක්ය කියලා. (නි)
ඔවු. දැන් මෙතන අන්‍යාගමිකයෝනේ ගිහින් තියෙන්නේ. ඉතින් අපහාස කෙරුවයි කියලා කියන්න පොටක් පාදගන්නත් ඕනෑනේ අපේ රටේ අයට. නැත්නම් ජාතික වීරයෙක් වෙන්න බැහැලු නේ. (නි)
ස්ටීම්, ඔබ හරි. (නි)
මතක තියාගන්න, අපේ ත්‍රිපිටකය වගේ නෙවෙයි, බයිබලය යාවත්කාලීන වෙනවා.. මේ ඒකටද දන්නේ නැ...කොහොම උනත් ධර්මය අකාලිකයි... (ස)
අපිට තියෙන්නේ පටු බුද්ධියක් බව මේ ප්‍රතිචාර වලින්ම පෙනෙනවා. (නි)
ක්‍රිස්තියානි පූජකවරුන්ට බුදුදහම ඇතුළු අනිකුත් සියලුම ආගම් පිළිබඳව ඉතාමත් ගැඹුරු දැනුමක් ලබාදෙනවා, පල්ලිය විසින්. මේ ගැන මට විස්තර කරලා දුන්නෙ මගෙ කතෝලික යාලුවෙක්. ඒ අන්තර් ආගමික සහජීවනය සඳහාය කියලා ප්‍රචාරය කරන දේටම නොවේ. ඒ ඇයි කියලා ටිකක් කල්පනා කරලා බැලුවොත් තේරේවි. ඒ මොන අදහසින් ඒ අය ඉගෙන ගත්තත්, බුදුදහම පිළිබඳව දැනුම ඕනෑම කෙනෙකුට ලබාදීම බුද්ධ ශ්‍රාවකයන්ගෙ යුතුකම . එය අගය කරනවා. (නි)
මොනවා හරි වැරැද්දක් තියෙන්න එපැයි . ලංකාවේ හාමුදුරුනමක් මේ විදියට ඡායාරූපයක් ගත්ත පළවෙනි අවස්තාව නෙමෙයිනේ..අනේ මන්දා (ස)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඉතාලියේ ඉන්නේ අපේ මේ හාමුදුරුවෝ විතරද? (නි)
ලලිත්, ඔයා වැරදියි. අනික් ඔක්කොම ආගම් සමාන වෙන්න පුලුවන්. හැබැයි බුදු දහම සම්පූර්ණයෙන් වෙනස්. හැම ආගමකටත් වැඩිය. ඒ කථාවෙන් තේරෙන්නෙ ඔයාගෙ දැනුමේ තරම තමා. ඉහත කී ස්වාමින්වහන්සේටත් තියෙන්නෙ ඔය දැනුම නම් මේ අන්‍යාගමික පිරිස ඉගෙන ගන්නෙත් ඔය වගේම මෝඩ අධර්මයක්මයි. ඒකයි කිවුවෙ පරෙස්සමෙන් කටයුතු කළ යුතුබව.(ස)
මේ වගේ අන්‍යාගමික අය පන්සල් වලට එනවා, අධ්‍යයන කටයුතු වලට කියලා. ඒගොල්ලන්ට තමන්ගේ වැඩවල රිපෝර්ට් දෙන්න ඕනෑ. ඉතින් ඒ අය හදන රිපෝර්ට් වල ඒ ගොල්ලන්ගේ ආගම තමා හරි කියන අදහස ඉස්මතුවන ආකාරයට තමා ඒවා ලියන්නේ. අපි ඒ වගේ දේවල් වලට උදවු දෙනවා කියන්නේ ඒ අයගේ ඒ මතය සනාත කළා වෙනවා නේද? මම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, ඒ ස්වාමීන් වහන්සේටත් ඔය වගේ අවස්ථාවක් උදා වුණා. උන්වහන්සේ කිවුවේ බුදුරජුන්ගේ ධර්මය ඉගෙන ගන්න ඕනෑ නම් කියලා දෙන්නම්. හැබැයි තමන් හදන රිපෝර්ට් එකේ බුදු දහම වැරදියි කියන අදහස හෝ තමන් ගේ ආගම (ඉස්ලාම්) තමයි හරි කියන අදහස හෝ සටහන් නොවිය යුතුයි කියා. ඒ කෙනා ආවේ නැහැ...? (නි)
විස්තර අධ්‍යයනය කරන්නේ බෞද්ධයන් අබෞද්ධ කරන උපායවල් හොයන්න නෙමෙයි නම් කමක් නැහැ (ස)
බුද්ධාගමට ගරු කරන නිසයි බුදු පිළිමයක් කතෝලික රටක තියන්න අවසර දීලා තියෙන්නේ (ස)
ඡායාරූප දැකලා අපේ අය පෙළපාලි යයිද දන්නේ නැහැ, අපහාස කළයි කියලා. (නි)
පිළිමයට පිටුපාලා පින්තූරයක් ගත්ත එක විතරමයි සමහර අයගෙ ඔලුවට එන්නෙ. ඒ ඔක්කොම ඕල්කොට් බෞද්ධයො. (නි)
දැනුමින් සන්නද්ධ වීම සදහා මේ අය අනෙක් ආගම් ගැන හදාරනවා තමයි. (නි)
හොද වැඩක්
බුදු පිළිම බදාගෙනත් ඡායාරූප ගන්න මේ කාලේ මේවා මොනවද? (නි)
මේ ස්වාමින් වහන්සේ ඉතාලියේ සිට රට ජාතිය වෙනුවෙන් උතුම් සේවයක් කරන ස්වාමින් වහන්සේ නමක්. (නි)
පළමු ඡායාරූපයේම බුදු පිළිමයට පිටුපාගෙන ඉදලා තියෙන්නෙ. අවබෝධය එතනින්ම පහළට වැටෙනවා. අනේ පුලුවන්නම් කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පොතක් දෙකක් පරිශීලණය කළා නම් වරදින එකක් නැහැ. මොකද ඔය කට්ටිය ලෝකෙටම කියයි බුදු දහම මේ වගේ කියලා. නියම බුදු දහමේ හිල් නැහැ. (නි)
අබය කියන දේ හරි. වැරදි පෙන්වා දීමත්, ඒ පෙන්වූ වැරදි හදා ගැනීමත් තමයි කළයුත්තේ. (නි)
ඒක බයිලාවක් නෙමෙයි. ඉන් පිළිබිඹුවන්නේ ගෞරවයක්. (නි)