සංචාරක කර්මාන්තයේ නිරත කුඩා හෝටල් හා ආපනශාලාවල මත්පැන් බලපත්‍ර ගාස්තුව හිටි හැටියේ දෙගුණක් කිරීමට එරෙහිව තමන් නීතිය හමුවට යන බව හික්කඩුව කුඩා හෝටල් හිමියන්ගේ සංගමය පවසයි. 2015 වර්ෂය සඳහා අදාල බදු මුදල් රජයට ගෙවා නියමිත බලපත්‍ර ලබාගෙන සිටිය දී හිතුමතයේ බදු මුදල් වැඩි කළ රජය තමන් ගෙවූ බදු මුදල මෙන් තවත් මුදලක් 2015 සඳහා ගෙවන ලෙස නියෝග කිරීම බලවත් අසාධාරණයක් බව ද එම සංගමය පවසයි.
හික්කඩුවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම සංගමයේ නිලධාරීන් පවසා සිටියේ බදු මුදල් වැඩිකරණවානම් එය වැඩි කළ යුත්තේ ගෙවීම් සිදුකර අවසන් වූ වර්ෂයකට නොව ගෙවීමට තිබෙන වර්ෂයකට බවයි. තමන් මුලින්ම මත්පැන් බලපත්‍රය ගනිද්දී ඒ සඳහා ගෙවිය යුතු වාර්ෂික බද්ද රුපියල් 700ක් බවත් එකළ හොර මත්පැන් විකිණීමේ වරදට එකළ දඩය රුපියල් 1500ක් බවත් ඔවුහු කියති. නව බදු වැඩිවීමත් සමග මත්පැන් බලපත්‍ර ගාස්තුව රුපියල් පන් ලක්ෂයක් කැර ඇතත් හොර මත්පැන් විකිණීමේ වරදට දඩය රුපියල් 5000ක් බව ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් සංචාරකයන් සඳහා ආපන ශාලා හා කුඩා හෝටල්වලින් අදාල සේවාවන් පවත්වාගෙන යාම අපහසු වී ඇතැයි ද ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් රජයට කොතෙක් කරුණු දැක්වුව ද එයට පිළියමක් නොලැබුණු බැවින් තමන් බදු වැඩිකිරීමට එරෙහිව නීතිය හමුවට යන බව ද කුඩා හෝටල් හිමියන්ගේ සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව යන්නේ බොහොම අමාරුවෙන් බව දැන්වත් පිළිගන්නවාද?. ඇමරිකන් හා ඉන්දියන් අතපෙවීම් හමුවේ අපට ආධාර දුන් මිත්‍ර ජාතීන් ඉන් ඉවත්ව යෑමේ අනිටු ඵල විපාක තව ඉදිරියේදී දැඩි ලෙස ඔබට අත් විඳින්න වේවි. (ම)
දේශීය නිෂ්පාදන වලින් රට ස්වයං පෝෂිත කරන්න. අපට රට බිම එපා. දේශීය දේ අගය කරමු. (නදී)
සම්පත් මහතාණෙනි, සංචාරකයෝ ලංකාවට එන්නේ විනෝද වෙන්න මිසක් පල්ලි , පන්සල් හෝ කෝවිල් යන්න නොවේ. වන්දනීය ස්ථාන ඇති රටවල් වෙනම තියෙනවා. සංචාරක කර්මාන්තය නංවන්න නම් අවශ්‍ය පහසුකම් , යටිතල පහසුකම් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් කර්මාන්තය අඩපන කළයුතුයි.මොකද අපිට රැවුල හා කැඳ දෙකම බේරාගන්න බැහැ. මැද මාවතක තමා යායුත්තේ (නි)
සංචාරයන් වැඩිවුණාම අදායම වැඩිවෙනවා. බදු වැඩිවෙන එක අසාධාරන නැහැ, බදු ආපසු යෙදවෙන්නේ අපේම යහපතට නම් ... (නි)
ඔබලාට පමණක් නොවේ සියලුම් ව්‍යාපාර අද අඩපන වී ඇත. නමුත් අපි දන්නේ අපිට බලපාන කොට පමණයි. රටක් රැකෙන්න නම් ව්‍යාපාරිකයෝ ආරක්ෂා කර ගත යුතුයි. ඔවුන් ගෙවන බදු හා ඔවුන් යටතේ සේවය කරන උදවිය රැක ගත යුතුයි. මේ ආණ්ඩුව බලන්නේ සාමාන්‍ය ජනයාගේ ඡන්ද විතරයි. මහ ඡන්දෙන් පසු ඉන්ධන මිල, ලයිට් බිල ඉහළ යන බව දැනටම ප්‍රසිද්ද වී අවසානයි නේද ? (නදී)
ඔන්න ඔය මත් වතුර විකුණන එක නවතා දමන්න ඕන කුදයක් ගහගන්න කියලා (නදී)
ආණ්ඩුව යන්නේ බොහොම අමාරුවෙන් බව දැන්වත් පිළිගන්නවාද?. ඇමරිකන් හා ඉන්දියන් අතපෙවීම් හමුවේ අපට ආධාර දුන් මිත්‍ර ජාතීන් ඉන් ඉවත්ව යෑමේ අනිටු ඵලවිපාක තව ඉදිරියේදී දැඩිලෙස ඔබට අත් විඳින්න වේවි.(ම)