IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


බොදු බළ සේනා බැංකුවක්

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්හට අතහිත දීමේ අරමුණෙන් බෞද්ධ ආර්ථික මූලධර්මයන්ට අනුකුලව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට  බොදු බළ සේනා සංවිධානයේ අවධානය යොමුවී ඇති බවට නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

දැනටමත් පවත්වාගෙනයන එහෙත් විවිධ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බෞද්ධ ව්‍යාපාරිකයින්හට උදව් කිරීමත් තරුණ බෞද්ධ ව්‍යවසායන් සඳහා සමාරම්භක ප්‍රාග්ධනය පහසුවෙන් ලබාගැනීමේ ඉඩකඩ සලසාදීමත් මෙම බැංකුව පිහිටුවීමේ පරමාර්ථය බවද දැනගැනීමට ඇත.

මෙවන් භාරදුර වැඩකටයුත්තක් ආරම්භකිරීම සඳහා අවශ්‍යතාවයක් හොඳින්ම පෙනීයන බව කියන බොදුබල සේනා සංවිධානය දැනට එවැනි ආයතනයක් ස්ථාපිත කොට පවත්වාගෙන යාම සඳහා නීතිමය හා කළමනාකාරිත්වයට සුදුස්සන් කවුරුන්ද යන්න පිළිබඳවත්  දැන් සොයාගෙන යයි.

නුසුදුසු ආර්ථික පිළිවෙත් අනුගමනය කිරීමේ හේතුවෙන් ණය බරින් මිරිකී ඉන්නා එහෙත් ධෛර්යවන්ත බෞද්ධ ව්‍යාපාරිකයින්හට උදව් කිරීම මෙම ආයතනය පිහිටුවීමේ ඒකායන පරමාර්ථය බව බොදු බල සේනා සංවිධානය පවසා ඇතිබවද එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙම වැඩපිළිවෙළ සමග  මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ "බෞද්ධ සංවර්ධන භාරකාර අරමුදල" නමින් නව අරමුදලක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවන බවද එවන් අරමුදලක් පිහිටුවීම මගින් බලාපොරොත්තුවන්නේ අග හිගකම් වලට මුහුණපා ඇති බෞද්ධ වෙහෙර විහාර හා පන්සල් සංවර්ධනය කර පවත්වාගෙන යාමට උපාකාරී වීම, භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි බෞද්ධයන් සඳහා අවශ්‍ය ආගමික දැනුම හා පුහුණුවීම් සහ අනෙකුත් අවශ්‍යතාවයන් ලබාදීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සහ ශිෂ්‍යත්ව ආදිය ලබාදීම බවත් දක්වා ඇත. 

මේ වැඩපිළිවෙල සාර්ථක වුවහොත් අවසානයේදී බෞද්ධ ව්‍යාපාර මහා සභාවක් වැනි ආයතනයක් ස්ථාපිත කිරීමත් ශ්‍රී ලංකාවේ බොදු ජනතාව ගුණවත්, ධනවත් මෙන්ම ශක්තිමත් ප්‍රජාවක් බවට පත් කිරීමත් බෞද්ධ තරුණ තරුණියන් අතර ව්‍යාපාර කරණය කෙරෙහි උනන්දුවක් අතිකිරීමත් තවත් අරමුණයි.

 



අදහස් (0)

බොදු බළ සේනා බැංකුවක්

සුදේශ් Saturday, 09 March 2013 06:15 PM

වටිනා දෙයක්. (නි)

:       0       0

හේමසර හිමි Saturday, 09 March 2013 06:23 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා Saturday, 09 March 2013 06:41 PM

මොකද කියන්නේ වැඩේ හරි යයිද (දී)

:       0       0

ලංකා Sunday, 10 March 2013 10:25 AM

සුභ පැතුම් (දී)

:       0       0

සේකර Sunday, 10 March 2013 10:30 AM

අපිත් උදවු කරන්නව (දී)

:       0       0

බණ්ඩාර Sunday, 10 March 2013 10:34 AM

ජාති භේධ නොතකා මේ කියන්නේ. මම බෞද්දයෙක්. අසරණ බෞද්ද ජනතාව කොච්චර ඉන්නවාද අපේ රටේ, ඒ අයට පිහිට වෙන්න පුළුවන් මේ හරහා (දී)

:       0       0

කනිෂ්ක Sunday, 10 March 2013 10:41 AM

අපේ පුර්ණ සහයෝගය (දී)

:       0       0

දිසානායක Sunday, 10 March 2013 10:45 AM

අපිත් උදවු කරනවා. ..ජයවේවා .. ජයවේවා (දී)

:       0       0

උදිත Sunday, 10 March 2013 10:41 AM

අපි අගය කල යුතුයි (දී)

:       0       0

වජිර Saturday, 09 March 2013 08:24 PM

කියන්න බැරි තරම් වටිනවා (දී)

:       0       0

කමල් Sunday, 10 March 2013 11:24 AM

ඒ කියන්නේ දැන් ප්‍රබල කණ්ඩායමක් (දී)

:       0       0

ලාල් ජකරත් Saturday, 09 March 2013 09:14 PM

රට වෙනුවෙන් බොදු බළ සේනා සංවිධානය කරන්න අදහස් කරන මේකටයුත්ත අති ශ්‍රේෂ්ඨයි. ජාතියේ උපහාරය. සාර්ථකවේවා... එය අපගෙ ප්‍රාර්ථනාවයි. (අ)

:       0       0

ධනුෂ්ක Saturday, 09 March 2013 09:12 PM

හොද වැඩක් (අ)

:       0       0

සමන් Saturday, 09 March 2013 09:28 PM

ගිනි පොළියට ණය මුදල් දෙන ආයතනයක් නොවේවා ! (අ)

:       0       0

මංගල Saturday, 09 March 2013 09:25 PM

හොඳ වැඩක් (අ)

:       0       0

අජිත් Sunday, 10 March 2013 11:46 AM

බැංකුවක්ද, ගිණුමක්ද (දී)

:       0       0

මහේෂ් Saturday, 09 March 2013 11:00 PM

අති විශිෂ්ටයි. (නි)

:       0       0

රූපා Sunday, 10 March 2013 03:33 AM

මේකට වර්ගවාදේ කියනවද, ජාත්‍යාලේ කියනවද, ආගම්වාදේ කියනවද කියලා මට හිතාගන්න බැහැ. (නි)

:       0       0

ශීලා Sunday, 10 March 2013 03:29 AM

සිංහල ජාතික බැංකුවක්... (නි)

:       0       0

මාලක Sunday, 10 March 2013 03:34 AM

මෙහෙම බැංකුවක් ගැන මම අදමයි ඇහුවේ. (නි)

:       0       0

මාලා Sunday, 10 March 2013 03:30 AM

දියුණු වෙන්න අවශ්‍ය උත්සාහයයි. සිංහලයා නැතිවෙන්නෙ බීමත්කම නිසයි. (නි)

:       0       0

සුපුන් Sunday, 10 March 2013 03:31 AM

මෙන්න අ‍පේ උතුම් බව විදහා දක්වන තවත් එක් ක්‍රියාවක්. (නි)

:       0       0

රංජිත් Sunday, 10 March 2013 06:39 AM

මම ස්වේච්ඡාවෙන්ම උදවු කරන්න කැමතියි. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 10 March 2013 08:37 AM

අපි දන්නේ නැති වුණාට මුස්ලිම් අයට නම් මෙහෙම බැංකු තියෙනවලු. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 10 March 2013 09:02 AM

මාලා කියන දේ 100%ක් හරි. (නි)

:       0       0

සෝමා Sunday, 10 March 2013 09:32 AM

තව විස්තර කියන්නකෝ (දී)

:       0       0

නිමන්ත Sunday, 10 March 2013 09:42 AM

සල්ලි ඉතුරු කිරීම බොහොම වැදගත් වැඩක් (දී)

:       0       0

සුසන්ත Sunday, 10 March 2013 09:42 AM

බොහොම හොද වැඩක් (දී)

:       0       0

සුබසිංහ Sunday, 10 March 2013 09:43 AM

ලංකාවේ නිෂ්පාදිතයි... (දී)

:       0       0

සනත් Sunday, 10 March 2013 09:48 AM

අනාගතය ගැන හිතලා ගත්ත තීරණයක් (දී)

:       0       0

සුදේව Sunday, 10 March 2013 09:45 AM

අසරණ මිනිස්සුන්ට පිහිටක් වෙන්න (දී)

:       0       0

රමණි Sunday, 10 March 2013 09:50 AM

කාටද ආඩම්බර (දී)

:       0       0

ලසන්ත Sunday, 10 March 2013 09:46 AM

ඒක කොහොම හරි ක්‍රියාත්මක කරන්න (දී)

:       0       0

ජෝසප් Sunday, 10 March 2013 09:51 AM

අනේ සාධු.... (දී)

:       0       0

චානක Sunday, 10 March 2013 09:55 AM

මගේ උණුසුම් සුභපැතුම් (දී)

:       0       0

නන්ද ලාල් Sunday, 10 March 2013 09:52 AM

අපිට එහි ඉතුරු කරන්නත් පුලුවන්ද (දී)

:       0       0

අරුණ Sunday, 10 March 2013 06:39 PM

මොකක්ද මේ බුද දහම සහ බැංකු අතර සම්බන්ධය? (නි)

:       0       0

නිමල් Sunday, 10 March 2013 09:54 AM

බොදු ජනතාව වෙනුවෙන් ගත්ත හොද තීරණයක් (දී)

:       0       0

උදය Saturday, 09 March 2013 06:06 PM

කාලීන අවශ්‍යතාවයකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් සභාපති ශම්මිට වාරණයක්
2024 මැයි මස 15 555 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.


’’හොරු අල්ලන නීති රැසක් ගෙනාවා’’
2024 මැයි මස 15 262 0

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජනපති කාර්යාලය ඉදිරිපිට උණුසුම් වෙයි
2024 මැයි මස 15 444 1

අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපති එරෙහි වාරණය දිර්ඝ කරයි
2024 මැයි මස 15 410 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දු


ලක්ෂ 21 ක දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි
2024 මැයි මස 15 184 0

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය


කොළඹ ගං වතුර මඩින වැඩ කඩිනම් කරයි
2024 මැයි මස 15 213 5

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 709 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2233 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1921 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site