සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්හට අතහිත දීමේ අරමුණෙන් බෞද්ධ ආර්ථික මූලධර්මයන්ට අනුකුලව සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමට බොදු බළ සේනා සංවිධානයේ අවධානය යොමුවී ඇති බවට නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
දැනටමත් පවත්වාගෙනයන එහෙත් විවිධ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බෞද්ධ ව්‍යාපාරිකයින්හට උදව් කිරීමත් තරුණ බෞද්ධ ව්‍යවසායන් සඳහා සමාරම්භක ප්‍රාග්ධනය පහසුවෙන් ලබාගැනීමේ ඉඩකඩ සලසාදීමත් මෙම බැංකුව පිහිටුවීමේ පරමාර්ථය බවද දැනගැනීමට ඇත.
මෙවන් භාරදුර වැඩකටයුත්තක් ආරම්භකිරීම සඳහා අවශ්‍යතාවයක් හොඳින්ම පෙනීයන බව කියන බොදුබල සේනා සංවිධානය දැනට එවැනි ආයතනයක් ස්ථාපිත කොට පවත්වාගෙන යාම සඳහා නීතිමය හා කළමනාකාරිත්වයට සුදුස්සන් කවුරුන්ද යන්න පිළිබඳවත් දැන් සොයාගෙන යයි.
නුසුදුසු ආර්ථික පිළිවෙත් අනුගමනය කිරීමේ හේතුවෙන් ණය බරින් මිරිකී ඉන්නා එහෙත් ධෛර්යවන්ත බෞද්ධ ව්‍යාපාරිකයින්හට උදව් කිරීම මෙම ආයතනය පිහිටුවීමේ ඒකායන පරමාර්ථය බව බොදු බල සේනා සංවිධානය පවසා ඇතිබවද එම වාර්තාවන්හි දැක්වෙයි.
මෙම වැඩපිළිවෙළ සමග මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ "බෞද්ධ සංවර්ධන භාරකාර අරමුදල" නමින් නව අරමුදලක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තුවන බවද එවන් අරමුදලක් පිහිටුවීම මගින් බලාපොරොත්තුවන්නේ අග හිගකම් වලට මුහුණපා ඇති බෞද්ධ වෙහෙර විහාර හා පන්සල් සංවර්ධනය කර පවත්වාගෙන යාමට උපාකාරී වීම, භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි බෞද්ධයන් සඳහා අවශ්‍ය ආගමික දැනුම හා පුහුණුවීම් සහ අනෙකුත් අවශ්‍යතාවයන් ලබාදීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම සහ ශිෂ්‍යත්ව ආදිය ලබාදීම බවත් දක්වා ඇත.
මේ වැඩපිළිවෙල සාර්ථක වුවහොත් අවසානයේදී බෞද්ධ ව්‍යාපාර මහා සභාවක් වැනි ආයතනයක් ස්ථාපිත කිරීමත් ශ්‍රී ලංකාවේ බොදු ජනතාව ගුණවත්, ධනවත් මෙන්ම ශක්තිමත් ප්‍රජාවක් බවට පත් කිරීමත් බෞද්ධ තරුණ තරුණියන් අතර ව්‍යාපාර කරණය කෙරෙහි උනන්දුවක් අතිකිරීමත් තවත් අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා දෙයක්. (නි)
අපේ සුභ පැතුම්! (නි)
මොකද කියන්නේ වැඩේ හරි යයිද (දී)
සුභ පැතුම් (දී)
අපිත් උදවු කරන්නව (දී)
ජාති භේධ නොතකා මේ කියන්නේ. මම බෞද්දයෙක්. අසරණ බෞද්ද ජනතාව කොච්චර ඉන්නවාද අපේ රටේ, ඒ අයට පිහිට වෙන්න පුළුවන් මේ හරහා (දී)
අපේ පුර්ණ සහයෝගය (දී)
අපිත් උදවු කරනවා. ..ජයවේවා .. ජයවේවා (දී)
අපි අගය කල යුතුයි (දී)
කියන්න බැරි තරම් වටිනවා (දී)
ඒ කියන්නේ දැන් ප්‍රබල කණ්ඩායමක් (දී)
රට වෙනුවෙන් බොදු බළ සේනා සංවිධානය කරන්න අදහස් කරන මේකටයුත්ත අති ශ්‍රේෂ්ඨයි. ජාතියේ උපහාරය. සාර්ථකවේවා... එය අපගෙ ප්‍රාර්ථනාවයි. (අ)
හොද වැඩක් (අ)
ගිනි පොළියට ණය මුදල් දෙන ආයතනයක් නොවේවා ! (අ)
හොඳ වැඩක් (අ)
බැංකුවක්ද, ගිණුමක්ද (දී)
අති විශිෂ්ටයි. (නි)
මේකට වර්ගවාදේ කියනවද, ජාත්‍යාලේ කියනවද, ආගම්වාදේ කියනවද කියලා මට හිතාගන්න බැහැ. (නි)
සිංහල ජාතික බැංකුවක්... (නි)
මෙහෙම බැංකුවක් ගැන මම අදමයි ඇහුවේ. (නි)
දියුණු වෙන්න අවශ්‍ය උත්සාහයයි. සිංහලයා නැතිවෙන්නෙ බීමත්කම නිසයි. (නි)
මෙන්න අපේ උතුම් බව විදහා දක්වන තවත් එක් ක්‍රියාවක්. (නි)
මම ස්වේච්ඡාවෙන්ම උදවු කරන්න කැමතියි. (නි)
අපි දන්නේ නැති වුණාට මුස්ලිම් අයට නම් මෙහෙම බැංකු තියෙනවලු. (නි)
මාලා කියන දේ 100%ක් හරි. (නි)
තව විස්තර කියන්නකෝ (දී)
සල්ලි ඉතුරු කිරීම බොහොම වැදගත් වැඩක් (දී)
බොහොම හොද වැඩක් (දී)
ලංකාවේ නිෂ්පාදිතයි... (දී)
අනාගතය ගැන හිතලා ගත්ත තීරණයක් (දී)
අසරණ මිනිස්සුන්ට පිහිටක් වෙන්න (දී)
කාටද ආඩම්බර (දී)
ඒක කොහොම හරි ක්‍රියාත්මක කරන්න (දී)
අනේ සාධු.... (දී)
මගේ උණුසුම් සුභපැතුම් (දී)
අපිට එහි ඉතුරු කරන්නත් පුලුවන්ද (දී)
මොකක්ද මේ බුද දහම සහ බැංකු අතර සම්බන්ධය? (නි)
බොදු ජනතාව වෙනුවෙන් ගත්ත හොද තීරණයක් (දී)
කාලීන අවශ්‍යතාවයකි. (නි)