රටේ බහුතරයගේ කැමැත්ත පරිදි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති අතර අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරන බව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කියයි.
‘‘සිංහල බෞද්ධයාගේ පැවැත්ම, ආරක්ෂාව හා අභිවෘද්ධිය වෙනුවෙන් පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් යටතේ අප විසින් කටයුතු කරන ලදී. බුද්ධ ශාසනයට එන අභියෝග හඳුනාගනිමින් එම අභියෝග නිර්දය ලෙස විවේචනය කරමින් සමහර විට රටේ ඉහළම පාර්ශයන් පවා හේතු සහිතව විවේචනයට ලක් කරමින් කටයුතු කරන ලදී. අප කිසි විටෙකත් වෛරය හා ප්‍රචණ්ඩත්වය ආයුධයක් ලෙස භාවිත නොකළද අප විසින් කරන ලද ඍජු ප්‍රකාශ හා වෙනත් කල්ලි කණ්ඩායම් විසින් කරන ලද ක්‍රියාකාරකම් නිසා බෞද්ධ විරෝධී පිරිස් හා මාධ්‍ය පමණක් නොව සමහර විට අපගේ හිතවතුන් පවා අප පිළිබඳ සාවද්‍ය නිගමන වලට එළැඹි අවස්ථා දැකීමට හැකි විය.
2015 ජනාධිපතිවරණයේදී ස්වාධීන ලෙස කටයුතු කිරීම අපගේ අපේක්ෂාව වුවද විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයයේ රටේ ආගමික නොසසුන්කම් පිළිබඳ ව වැරදි අදහස් හා මත පළ කිරීමත්, අප සංවිධානයට එරෙහි පුද්ගලයන් විපක්ෂයේ කඳවුරු බැඳීමත් හා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිංහල බෞද්ධ බහුතරයකගේ වැඩි කැමැත්තෙන් පාලකයකු තෝරා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමත් පිණිස අප විසින් එවකට රජයේ අපේක්ෂකයාට සහය දීමට තීරණය කරන ලදී. මෙහිදී පසුගිය රජය හෝ එම අපේක්ෂකයා පිළිබඳ අපේ කැමැත්ත හෝ විපක්ෂයේ අපේක්ෂයා පිළිබඳ අපගේ අකැමැත්ත මෙම තීරණය පිණිස පදනම් නොවුනද අප විසින් පිළිගෙන ඇති ප්‍රතිපත්ති මත පමණක් පිහිටා අප දායකයින්ට හා නිලධාරීන්ට කැමති තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දී ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපගේ සහයෝගය රජයේ අපේක්ෂකයාට පල කරන ලදී.
දැන් මැතිවරණය අවසන් වී ඇත. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, පශ්චාත් මැතිවරණය සාමකාමී වීම් පිලිබඳ හිටපු හා නව ජනාධිපතිවරුන් මෙන්ම අදාළ බලධාරීන් වෙත අපගේ ගෞරවය හිමි කළ යුතුය.
මෙම මැතිවරණයේ තීරණාත්මක සාධකය ලෙස උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජන්දය අපි දකිමු. ඔවුන් නව ජනාධිපතිවරයාට කැමැත්ත ප්‍රකාශ කිරීම ඔහුට කැමැත්ත ප්‍රකාශ කිරීමට වඩා යුද ජයග්‍රහණ සමයේ දේශපාලන නායකයා වූ හිටපු ජනාධිපතිවරයා පැරදවීමට දුන් අකමැත්තක් ලෙස පැහැදිලි කිරීමට උත්සහා කළ හැකි වුවද රටක් හැටියට අප ඒ දෙස මැදහත්ව සලකා බැලිය යුතුය.
දෙමළ, මුස්ලිම් බහුතරයගේ කැමැත්ත දිනාගත් මෙම රජයට අද බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ බහුතරයගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වූ ස්වර්ණමය අවස්ථාවකි. පසුගිය රජයේ ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද හා ජාතීවාදී යන චෝදනා එල්ල වී ඇති අප සංවිධානයටද අපගේ නිවැරදි බව ලොවට හෙළි කරන්නට මෙම ලැබුණු අවස්ථාව ස්වර්ණමය මොහොතකි.
බුදු දහමින් පන්නරය ලැබූ අප සංවිධානය හා එහි මෙහෙයුම්කරුවන් මැදුම් පිළිවෙතින් කටයුතු කරමින් අපගේ දායකයින් අපේක්ෂා කළ උතුම් අරමුණු වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බවටත්, "සිංහලේ" බෞද්ධ රාජ්‍යය දිනා ගැනීමේ සටන ජය ගන්නා බවත් අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටින්නෙමු. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඔබ වහන්සේලා ස්වාදීනව සිටියානම් අද සැම දෙනාම හදවතින් පිළිගනීවි. (ස)
ජයවේවා! (නි)
කසුන්, මම නම් කියන්නේ ඔවුන් කවදාවත් සිංහලයන්ගේ ජාත්‍යාලය ගොඩනැඟුවේ නැහැ කියලයි. (නි)
සිදුහත් කුමරු ලොව පහලවී සත්පියුම් පිට වඩිමින් දෙසුවා සේම අපේ මෛත්‍රී ජනාධිපතිතුමා දළදා මාළිගාවේ සිට මේ මගේ මුල්ම එසේ අවසාන ජනාධිපති වීමත් මින් පසු එතුමා ජනාධිපති කමට ඉදිරිපත් නොවන බවත් සිංහයෙක් සේ කළ ප්‍රකාශයට බොදුබලය පමනක් නෙවෙයි සියලුම බලවේග යටපත් වෙලයි තියෙන්නේ. (ස)
අපි කොහෙත්ම ප්‍රචණ්ඩත්වයට කැමති නැහැ. (ස)
මුස්ලිම් අන්තවාදය ලෝකය පුරාම වේගයෙන් පැතිරෙනවා. ප්‍රංසයේ වුන දේ දැක්ක නේ.ලංකාවේ අන්තවාදය පැතිරිලා ඉවරයි. ඊට සහය දෙන මිනිසුන් කවුද කියලා හඳුනාගන්න පුළුවන් කසුන්ගේ අදහස් වලට බුරාගෙන පැන්න බලු රැල දිහා බැලුවාම. (අ)
රටේ සිවිල් ප්‍රශ්න විසඳන්න පොලිසියට බාරදී නොනිල සංවිධාන සියල්ල තහනම් කරන්න කියා මම කියමි (නි)
කපන්න බැරි ඇත ඉඹීම (බ)
රට අවුල් කරන්න එපා (නි)
රටට වටිනා මෙහෙවරක් කළ හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමාගේ පරාජයේ පිටුපස සිටින්නේ බොදු බල සේනාව. මම එසේ කියන්නේ ඔබ හැම කෙනෙක්ම කල්පනාකාර බලන්න යුද්ධය හමාර කර රටේ සාමය උදෙසා කටයුතු කරනවිට රටේ අසමගි බව ඇතිකරමින් රටේ බෙදීම් ඇති කරමින් රටේ ජනතාවගේ හිත් රිදවමින් කලහකාරී ලෙස කටුතු කළ මෙම බොදු බලසේනාව නැවත්වීම කාගේත් අවශ්‍යතාවයක් විය, හිටපු ජනපති මේ පිළිබඳ කිසිඳු පියවරක් නොගත් හෙයින් රටේ බහුතරයක් ජනපති වෙනස්වීම අපේක්ෂා කළහ, මමද වීදාගම පරම්පරාවේ කෙනෙකු වන අතර බුදුන්වහන්සේ දේසනා කළ දහම හා එම දර්ශනය මැනවින් හඳුනමි, බොදුබල සේනාව බුදු දහමට කරන්නේ නින්දාවක්, රටේ සාමයට කැළලක්, බුද්ධ සාසනය පිහිටුවන්න කියා කියා බුදුන්වහන්සේ කල දේසනවලට විරුද්දව කටුතු කළහ, ශ්‍රී ලංකික පුරවැසියනි,මේ ඔබගේ රට මෙම රට බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි, ලෙස බහු ආගමික හා බහු ජාතීන් ජීවත් වන රටක්, මෙරටේ සාමය හා සහජීවනය මැනවින් දත් ගුණගරුක සාමකාමී මිත්‍රශීලී ආගන්තුක සත්කාර කියන දේ ලේ වල ඇති මිනිසුන් ජීවත් වන රටක්, අපිට ඕනේ සාමය, අපිට කෝලාහල බෙදීම අවශ්‍ය නැහැ, අපි ප්‍රශ්න කතා කරලා විසඳගන්න දන්නා බුද්ධිමත් ජාතියක්, මේ නව වසරේ, නව ජනපති හා ආණ්ඩුව සමග සාමකාමී ජීවිතයක් පතමු, මේ වසරේ බොදු බල සේනාව කියන දෙය මකා දමමු, මේ රටට බොදු බල සේනාවක් අවශ්‍ය නැත, ඕනෑ සාමය, බොදු බල සේනාව කියන නම අහද්දී ඕනෙම කෙනෙකුට මැවී පෙනෙන්නේ යුද බල සේනාවක්, බුදුන් වහන්සේ යුද්ද කරන්න බල සේනා සාදන්න කාටවත් දේශනා කළේ නැහැ, මේ කණ්ඩායම රට කන රට බෙදන කුමන්ත්‍රණයක් මිසක් රටට සේවයක් කරන රටේ සාමය රකින කණ්ඩායමක් නොවේ. (බ)
කපන්න බැරි අත ඉඹිනවා වගේ තමයි අපිට නම් පේන්නේ. (අ)
මෙවැනි සංවිධානයක් තිබිය යුතුයි; නමුත් පහුගිය කාලයේ අන්තවාදි අයුරින් හැසිරීම අගයකරන්නට බැහැ. වැරදි අඩුපඩු පෙන්වාදිය යුත්තෙ අන් අයට, අන්‍ය ආගම්වලට අපහාසවන අයුරෙන් නොවෙයි. නිතිය තම අතට ගැනීමත් වැරදියි. බුදු දහම තමා ලොව අංක එකේ ප්‍රජාතන්ත්‍රවාදි ආගම. (අ)
නව රජය බොදුබල සේනාවට ස්තුති කළ යුතුයි. මොකද මහින්ද මහත්තයට මුස්ලිම් ඡන්ද නැති කළේ බොදුබල සේනාවයි (බ)
මහින්ද මහත්තයට ගෙදර යන්න පාර කැපුවේ ඔය ඇත්තෝ.. වනචාරි ජාතිවාදය වපුරපු ඔය උදවිය කරපු හැම නීති විරෝධී ක්‍රියාවකටම නීතිය ඉදිරයට පමුණුවන එක යහ පාලනයේ එක් අංගයක්. (බ)
හරිහැටි තේරුම් නොගෙන නොයෙක් විවේචන කළත් බොදුබලය කළ ඉමහත් සේවය ගැන කාටකාටත් හරිහැටි වැටහෙන දිනය ඉතා ළඟයි කියා මම හිතනවා. කවුරුත් තේරුම් ගතයුතු කරුණක් තමයි මෙවැනි සංවිධාන බිහිවෙන්නේ අපේම දේශපාලකයෝ ඔවුන්ගේ යුතුකම පැහැරහැරීම නිසා කියලයි. අපේ ප්‍රශ්න, අපි වෙනුවෙන් නිර්භීතව නැඟී සිටියේ අපේ සංඝරත්නය පමණයි. එම නිසා මෙවර මැතිවරණයේදී බොදුබල සේනාව ගත් තීරණය කුමක් වුණත්,අපි සැමදාමත් බොදුබල සේනාව සමඟ ඉන්නවා කියන එක අපි නැවත නැවතත් මතක් කරදෙමු (නි)
දිල්ෂාන්, බන්දුල මහත්තයාට කේන්ති ගිහිල්ලා වගෙයි. කේන්ති ගන්න එපා. මෛත්‍රී කරන්න. (නි)
කසුන් , අපේ රටේ ඉතිහාසය උගන්වන්න නම් සිල්වත් විනයදර භික්ෂුන් වහන්සේලා පන්සල් වල වැඩ වාසය කරනවා. හොඳින් ඉතිහාසය දැන උගත් වියත් ගුරුවරුන් සිටිනවා.(හේ)
කසුන් , පෙළපොත් වල ඉතිහාසය නැති එකට පිළියම වේදිකාවල නුසුදුසු වචන කියමින් බෙරිහන් දීමද? (හේ)
සියලු දෙනාම එක්වී මේ ගමන යමු.(හේ)
රටේ ඉතිහාසය ගැන මහජනයා දැනුවත් කරන්න ඕන මධ්‍යස්ත පුද්ගලයන් මිස අන්තගාමින් නෙවෙයි. අපේ ළමයින්ව අපි දහම් පාසල් යවනවා. ඒ ළමයින්ට ලංකා ඉතිහාසයත් එතැනදී ගුරුවරියක් උගන්වනවා. අපිත් ගෙදර හැකි විදියට කියල දෙනවා. ඉතිහාසය කියවෙන පොත් පත් වලට යොමු කරනවා. ළමයින්ට අපේ රට ගැන ආදරයක් අවබෝධයක් වයසේ හැටියට තිබෙනවා. ඒ හොඳටම ඇති. (නදී)
නදිනි , ඔබ කියා ඇති දේ මුළු රටම කිවයුතුය. සිදුවිය යුත්තේ මෙයයි (නදී)
රටේ ඉතිහාසය ගැන මහජනයා දැනුවත් කරන්න ඕන මධ්‍යස්ත පුද්ගලයන් මිස අන්තගාමින් නෙවෙයි. අපේ ළමයින්ව අපි දහම් පාසල් යවනවා. ඒ ළමයින්ට ලංකා ඉතිහාසයත් එතැනදී ගුරුවරියක් උගන්වනවා. අපිත් ගෙදර හැකි විදියට කියල දෙනවා. ඉතිහාසය කියවෙන පොත් පත් වලට යොමු කරනවා. ළමයින්ට අපේ රට ගැන ආදරයක් අවබෝධයක් වයසේ හැටියට තිබෙනවා . ඒ හොඳටම ඇති. (බ)
දළදා මාලිගාව ඉස්සරහ රේස් තියලා ගැහැණු ළමයින්ව නටවනකොට මේ බල සේනාව නොදැක්ක සේ හිටියේ මොකද කසුන් ? ඒ දේවල් ඉතිහාසයේ කවදා වෙච්ච දේවල් ද . ? අඩු වශයෙන් මේ දේවල් සුදුසු නැහැ කියලාවත් කිව්වද ? ඒ නිසා කසුන් ඉතිහාසය ගැන මෙතන කතා කරන්න ඇවිත් අපෙන් ලුණු ඇඹුල් ඇතිව අහගන්න එපා. (බ)
කුරානයේ සමහර ඉගැන්වීම් ඉතා බිහිසුනුකාරියි, මේ ගැන විවාදයකට එන්න කියල බොදුබල සේනාව ඕනෑම මුස්ලිම් පඩිවරයෙකුට ආරාධනා කළත් අද වෙනතුරු කිසිවෙක් ඉදිරිපත් වුනේ නැහැ (බ)
කසුන් මම ඉතිහාසය ගැන දැනගෙන තමයි මෙතන ලියන්නේ. මම ඉගෙන ගත්තේ ධර්මදර විනයදර ,පිරිවෙන් වල උගන්වන ස්වාමින් වහන්සේලාගෙන් . එහෙම නැතිව වේදිකාවේ නුසුදුසු වචන භාවිත කරන ඇත්තන්ගෙන් නෙවෙයි. ඔබෙත් මගෙත් ඉතිහාසය ඉගෙන ගැනීමේ වෙනස ඒකයි. (බ)
පිරිසිදු චේතනාවක් තිබිනවානම් හොදා! වෛරයෙන් ධර්මය පතුරන්න බැහැ මේ මිනිස්සුන්ගේ හැසිරීම් සහ භාෂාව හරි පිළිකුල් සහගතයිනේ ... බෞද්ධකම තියෙනවනම්, එක කොහෙත්ම නැතිකරන්න බැහැ. රට හදන්න කලින් තම තමන්ව හදාගන්න ඕනේ ...(බ)
මාලිගාව ඉස්සරහ නයිට් රේස් යනකොට ඉතිහාසය ගැන කනගාටු උනේ නැද්ද කසුන් ? (නදී)
අපි බොහොම කණගාටුයි රටේ අසමගිය පතුරවන බලවේග ගැන. අපි ජීවත්ව ඉන්නේ ටික කාලයයි. හරියට මැරිලා ඉපදෙන්නෙත් මහ ජාතියේ කියල හොඳටම විශ්වාස විදියටයි සමහරු කතා කරන්නේ. (නදී)
වචනයෙන් සංවර වෙන්න කියල බුදු දහමේ තියෙන්නේ. ඉතින් එහෙම සංවර වෙලාද මේ රට ජාතිය ගැන කතා කරන්න එන්නේ ? (නදී)
සමිත් ලංකාවේ සිටින සිල්වත් ස්වාමින්වහන්සේලා නම් ශීලය රක්ෂා කරමින් මහජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන් සසරින් එතෙර කරන්නට වෑයම් කරනවා. එහෙම නැතිව වෙනත් ආගම් වල දිග පළල මැන මැන කාලය නාස්ති කරන්න උන් වහන්සේලාට වෙලාවක් නැහැ. (හේ)
සමිත් මමත් කතෝලික ජාතිකයෙක් මම කුරානය හොදට කියවලා තියෙනවා කුරානයේ කිසිම තැනක යුද්ධ කරන්න කියලා නැහැ මුස්ලිම් ජාතියට අගෞරවයක් වෙනවා නම් පමණක් නැගී හිටින්න කියලා තමයි කියලා තියෙන්නේ. (හේ)
යහපාලනය උදෙසා සියළු දෙනාම එක්විය යුතුයි මේ වෙලාවේ.(හේ)
අලුත් රජයට එකතුවෙනවාට මම නම් අකමැතියි (නි)
රට දෙකඩ නොකර ඕනෑම දෙයක් කළාට කමක් නෑ.(හේ)
පක්ෂ පාට බේදයකින් තොරව සියලු දෙනාම එක්ව කටයුතු කරන්න.(හේ)
මම හිතන්නේ අපි අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය , සදාචාරාත්මක බැවින් ඈත් කිරීම සුදුසු නැහැ. (හේ)
අපි බලන් ඉමු ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා.(හේ)
කෝ මේ අර අපේ බන්දුල පෙරේරා මහත්තයා? මොකද දැන් එයාට සනීපද? (නි)
මම මාගේ ස්තුතිය පුද කරනවා බොදු බල සේනාවට,(හේ)
අම්මෝ බලාගෙන... (නි)
සමිත් කරුණාකර ඔබේ වචන ගැන සැලකිලිමත් වෙන්න. විවේචන අයිතියේ සීමාව ඉක්මවා යන එක හොඳ නැහැ. (බ)
මම නම් ඔය කියන කෙනාගේ එක්තරා ප්‍රකාශයක් ගැන පැහැදීමක් නැහැ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි කවදාවත් අපහරණය කරන්න හොඳ නැහැ. (ස)
මහින්ද මහත්තයාගේ කතාවේදී කිව්ව දෙයක් මතක් කරන්න කැමතියි. මෛත්‍රී දිනුවේ ඊලාම් වාදින්ගේ ඡන්ද වලින් කිව්වා එතකොට උතුරු නැගෙනහිර ඉන්න ඔක්කොම දෙමල මුස්ලිම් ජනතාව ඊලාම්වාදීන්ද? ඊලාම්වාදී කොටි සංවිධානය යුද්ධෙන් ඉවර කලා කිව්වට මේ කියන විදියට ඉවර වෙලා නැහැනේ. ඒ පැතිවල ඉන්නේ ඊලම්වාදීන් විතරයි කියලා මේ විදියට කියන එක හරිද? ඒ ඔක්කොම මහින්ද මහත්තයා දිනවන්න ඡන්දය දුන්න නම් ඒ අයට ඔහොම ඊලම්වාදීන් කියලා කියයිද? (ස)
මට නම් කියන්න වචන නැහැ (නි)
මම හිතන්නේ දහම් පාසලේ උගන්වන විෂයක් විදියට 'ලංකා ඉතිහාසය' ඉගැන්නුවොත් හොඳයි. (ර)
පිටපත වෙනස් කරලාද මන්දා? අලුත්ම දෙයක් සිද්ධවෙන්න වගෙයි යන්නේ. (නි)
දැන් අපේ රටේ සාමයෙන් මේ ඉදිරි වැඩ ටික කරගෙන යන්න ඉඩදෙන්න (නි)
සුබ පතන එකේ කිසිම වැරද්දක් නැහැ ...එක යුතුකමක් (අ)
දැන් මොවුන් සුබ පතනවා. ඒකේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)
මෙම ප්‍රතිචාරය ඉතාම ඉහලයි. සේරම එකතුවෙලා කරුණාකර මේ රට ගොඩ ගන්න. ඉතාම හොඳ ජනාධිපති තුමෙක් මිනිස් ගති දන්නා මනුස්සයෙක් රජ පුටුවට පත්වෙලා තිබෙන්නේ. පුලුවන්නම් අනිවාර්යෙන්ම දෙමල සන්ධානයටත් ඇමතිකම් දෙකක් දීල ඔක්කොම එකතුවෙලා රට ගෙනියන්ඩ. ජනතාවට ඕන නිදහසේ ජීවත්වෙලා ඉන් ද මිසක් බයෙන් ඉන් ද නෙවෙයි. 1970 වෙන් පස්සේ දෙමල සන්ධානයට ඇමතිකමක් දුන්නේ නෑ අවුරුදු 45 ක් එක තමයි දෙමල ප්‍රශ්නයට මුල. අපි අන්තවාදී නො වී හොදින් ඉමු. රටට සෙතක් ම වේවා (අ)
මම හිතන්නේ මෙතන තමන්ගේ ගේ ස්වාධින අදහස් ප්‍රකාශ කරන්න සැමටම ඉඩ තිබෙනවා. ඒ අදහස් කසුන්ලා ට මනාප විදියට ප්‍රකාශ වෙන්න ඕන කියල නියමයක් නැහැනේ. (අ)
ඉතිහාසය උගන්වන්න සුදුස්සන් සහ නුසුදුස්සන් ඉන්නවා. දේශපාලනයට ගෑවුන උදවිය ඉතිහාසය කියල දෙන්න යන එක සුදුසුද නැද්ද කියලා ජනතාව තීරණය කලානේ. (අ)
ජානකි, මට තේරෙන දැනෙන විදියට නම් බොදුබල සේනාවෙන් රටට හෝ රටේ සාමයට අයහපතක් සිදුවුණේ නැහැ. ඒමඟින් කළේ සිංහල අපේ ඇස් ඇරපු එක විතරයි. අනික එයාලා කළ දේවල් ජාතිවාදී ලෙස පමණක්ම දකින්න එපා. වැරදි තියෙනවා නම් අපි හදාගමු.නමුත් පාසල් පෙළපොත් වලින් අපේ රටේ ඉතිහාසය ඉවත්කර ඇති යුගයක, සිංහලකම හා සිංහල අපිට රැකගැනීමට රටක් තිබෙන බව මතක්කර දුන්නේ බොදු බල සේනාව. ඇත්තෙන්ම මේ තුළ අන්තවාදීබවක් මම දකින්නේ නැහැ. (නි)
කසුන් කියන කෙනා මෙතන බලෙන් ඉතිහාසය උගන්වන්න එනවද කොහෙද ! (අ)
උතුම් අරමුණකින් මෙම සංවිධානය කටයුතු කරයි නම් හොඳයි. නමුත් කලින් කටයුතු කළ අයුරු ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (නි)
ලංකාවට තලේබාන් පන්නයේ සංවිධාන අවශ්‍ය නැත. (අ)
සමාධි ඔය කියන ඡන්ද ටික අනිත් පැත්තට ආවා නම් ඒවා වටිනා ඡන්ද බවට ඉබේම පත් වෙනවා. අන්න එකයි මට නම් මේ අද ලංකාවේ දේශපාලනය ගැන මෙතරම් කලකිරෙන්නේ .(හේ)
නව ජනාධිපතිතුමා මහනුවරදී ජාතිය ඇමතූ ආකාරය දැක ගොඩක් දෙනෙක් වෙනස්වෙලා වගේ. (නි)
මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම එයාලගේ අයිතිය. නමුත් මෛත්‍රී ජනාධිපති මේවා පිළිගන්නවාද කියලා දෙවරක් හිතන්න. හිටපු වනජීවී ඇමති 8 වෙනිදා වෙනතුරු මොනවද කිවුවේ? දැන් මොනවද කියන්නේ?? තව ටික දවසකින් මොනවා කියයිද? මෙහෙම බලනකොට මෛත්‍රීට ඡන්දය දුන් අපි කාගේ පැත්තේද? (නි)
කසුන්, එතකොට මොවුන් නව තනතුරුලාභීන්ට දොස්නැඟුවා නේද? එවැනි වැඩ ඔබ අනුමත කරනවාද? (නි)
මතකනේ ඡන්දෙට කලින් කියපුවා. දැන්වත් ඉන්නකෝ යහපාලනයට ඉඩදීලා.යහපාලනයත් අයහපත් පාලනයක් වුණොත් එදාට එකතුවෙලා කරන දෙයක් කරමු. (නි)
කසුන්, ඔබ හොඳ සිහියෙන්ද ඔය කතා කරන්නේ? (නි)
මෙන්න ප්‍රස්ථා පිරුළක්.- "ඊයේ එකක් කියනවා, අද එකක් කියනවා, තමන්ගේ පැවැත්මට වාසියට අනුව කතාව වෙනස්කර ගන්නවා" කියන්න කවුද කියලා... පිළිතුර - දේශපාලඥයා (නි)
කසුන්, ඉතිහාසය කෙසේවෙතත් වර්තමානයවත් හරියට හදාගත්තා නම් හොඳයි. (නි)
දැන් එතකොට මේ සේනා එන්න කලින් ලංකාවේ පුරවැසියන්ට ඉතිහාසය ගැන දැනුමක් තිබුනේ නැද්ද? පුදුම කතානේ මේවා (නි)
කසුන් කියන කෙනා ඉතිහාසය ඉගැන්වීම ගැන කියන දේවල් අනුව හැඟෙන්නේ ලංකාවේ පාසල් පෙළපොත් වල ඉතිහාසය නැති නම් එය ඉගනීමට වෙන ක්‍රමයක් නැති විදියටයි. එතකොට මේ රටේ දහම් පාසල් සහ පුස්තකාල , වියත් සාකච්චා මණ්ඩප , අන්තර්ජාලය විශ්ව විද්‍යාල තියෙන්නේ මොනවටද ? (හේ)
කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ මේවට තමා (නදී)
මහ ජාතිය සහ සුළු ජාතීන් අතර ප්‍රශ්න ඇති කලේ මේ බල සේනාවයි. කරුණාකර කට වහගෙන ඉන්න කියන්න. ලැබූ ජයග්‍රහණය දිගටම තිබිය යුතු නම් මේ වගේ සේනාවල් රටට අවශ්‍ය නැහැ. (නදී)
මේ බොරුබලු සේනාව වාසියට කරනම් ගහනවමෙයාල බෞද්ධයන්ගෙ නියෝජනයක් නෙවේ අපිට ත්‍රිනිකාය ලොකුහාමුදුරු වරු ඉන්නවා. මහින්දට කඩේ ගිහින් ගිහින් දැන් කපන්න බැරි අත ඉඹිනව ලජ්ජ නෑ චික්! (අ)
කසුන් මම උසස් පෙළ කලේ 1987. අපේ පෙළපොත් වල ඉතිහාසය තිබුනේ නැහැ. නමුත් මම පොත පත සහ වෙනත් අධ්‍යයන මගින් ඉතිහාසය ඉගෙන ගත්තා. එම නිසා පෙලපොතේ ඉතිහාසය නැහැ කියලා, මිනිස්සුන්ට රට ගැන තිබෙන බැඳීම නැති වෙලා නැහැ, (අ)
සිංහලයිනි, අප සියලු දෙනා ජාතියෙන් විවිද වුනත් සැම දෙනාම මිනිසුන්ය.(නදී)
අනේ දැන් මෙතන බබාලා වෙන්න හදනවා. ගොන්කම් කරන්න ගිහින් මහින්ද මහත්තයාගේ ඡන්ද ටිකත් කාබාසිනියා කළා (නදී)
කසුන් ,අපේ රටේ ඉතා සිල්වත් ධර්මදර විනයදර භික්ෂුන් වන්සේලා තවමත් වැඩ ඉන්නවා. ඒ උන්නාන්සේලා ඉතිහාසය මතක් කර දීම ගැන වග බලා ගනීවි. (ස)
හාමුදුරුවනේ, මෙවැනි දේවල් අපේ මේ ලස්සන පුංචි රටට ගැළපෙන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
කරුණාකරලා නව රජයට උදවු කරන්න (නි)
අපිට බුදුදහම ආරක්ෂා කරන , අනෙකුත් ආගම් වලටද ඇදහීමේ නිදහස දෙන නායකයෙකු දැන් ඉන්නවා. තවත් වෙන මොනවද ? වේදිකාවල බෙරිහන් දෙමින් පැවිද්දන්ට නුසුදුසු වචන භාවිත කරමින් ඉතිහාසය මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. (ස)
පෙරලුනු පිට හොඳයි කියනවා...(ස)
එහෙම තමයි. හොඳ වැඩ වලට කවුරුත් අතහිත දෙනවා (නි)
කටින්ද මේ කතා කියන්නේ.(හේ)
අපිට බොදු බලය එපා. කළ දේවල් හොඳටම ඇති (නි)
කසුන්, ජයලාල් ජානකී වගේ අයගේ අදහස් බැලුවහම දුකයි නේද? (නි)
අපේ දෑස් ඇරියට ස්තුතියි. (නි)
මේ කසුන් නමින් අදහස් ප්‍රකාශ කරන පුද්ගලයා ගැන මට නම් මනා වැටහීමක් ඇත.මහත්තයෝ,ඡන්දෙන් පස්සේ අදහස් ප්‍රකාස කරන්නේ නෑ කියලා පොරොන්දු වුනානම් ඒ පොරොන්දුව ඒ විදියටම ඉෂ්ට කරන්නකෝ.(බ)
සියලුම සිංහලයිනි, මම බොදු බල සේනාවේ සාමාජිකයෙක් නෙවෙයි , නමුත් මෙම සංවිධානය කරන ප්‍රකාශ හෝ වැඩ පිළිවල් දිහා මම පසුගිය අවුරුදු දෙකක් තිස්සේ එම ප්‍රකාශ වලට ඉතා සාවද්‍ය ලෙස ඇහුම්කන් දුන්න, විතරක් නෙවෙයි ඒ ප්‍රකාශ කොයි තරම් දුරට සත්‍යද කියල ලංකාවේ සිදුවෙන යම් යම් ක්‍රියාදාමයන් සහ ලෝකයේ වෙනත් රටවල් වල සිදුවෙමින් තියෙන ම්ලේච්ඡ ක්‍රියාකාරකම් දිහාත් ඉතාමන්ත් උනන්දුවෙන් හා කල්පනාකාරීව විශ්ලේෂණයක් කිරීමෙන් පසු මට වැටහුනා බොදු බල සේනාව කියන දේ කිසිම විවාදයකින් තොරව සත්‍ය බව ඒ අය කියූ අනාවැකියකම දනුත් අප රට ඇතුලේ සිදුවෙමින් පවතිනවා, ඒ නිසා මම සියලුම සිංහලයන්ගෙන් ඉල්ලා සිටිනවා පක්ෂ පාට බේදයකින් තොරව ඒ අය මොනවද කියන්නේ කියල හොදින් ඇහුම්කන් දී තේරුම් ගන්න කියල, නමුත් සමහර ප්‍රකාශ කරන රටාවල/භාෂාව හසුරුවීමේ යම් යම් අඩු පාඩු කම් තියෙනවා කියන එකත් මම පිළිගන්නවා (බ)
කවුරු මොනවා කිවත් වාසියට පිල්මාරු කල අය අයින් කල යුතුය. (නදී)
මහින්ද රාජපක්ෂගේ පරාජයට ප්‍රදාන එක් වගකිව යුත්තෙක් තමයි බොදු බලය (නදී)
දෙමළ මුස්ලිම් සිංහල පොදු රජයක් බිහිවෙලා. දැන්වත් කටවහගෙන හිටියා නම් හොඳයි (නදී)
අපේ රටේ අවුරුදු 30 වඩා තිබුණු යුද්දය ඉවර කරන්න නායකත්වය දුන්නු ජනාධිපති, එම ජයග්‍රහණයට පසුව වසර 5 කලින්ම පරාද වෙන්න උනා, ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් පරාද උන එකම කෙනා මහින්ද. එහි වගකීම බොදුබල සේනාවට, බැසිල්ට, නාමල්ට, විමල්ට, ගෝටාට, අනෙක් අමාත්‍ය වරුන්, බාර ගත යුතු වෙනවා. බොදුබලසේනා දැන් වත් රටේ අනාගතය විනාශ නොකර ඉන්නවා නම් කරපු පව් වලට රටේ මහජනතාවගෙන් ටිකක් වත් සමව ගන්න පුළුවන් වෙයි. (බ)
අඥානයන්ගේ වර්ණනාව හා සුබ පැතුම් වලට වඩා ප්‍රඥාවන්තයින්ගේ තරවටුව මෛත්‍රී පාලනයේදී වඩා වැදගත් වනු ඇත. හැකරකමට වඩා මුකරිකම ද, වාචාලකමට වඩා ශිලාචාරබවද මෛත්‍රී යුගයේදී රජකරනු දැකීම, මෙරට යහපාලනයක සිහින පැතූ නීතිගරුක, යුක්තිගරුක ශ්‍රී ලාංකිකයින්ගේ උදාර පැතුමයි. (නි)
සුබ පතලා විතරක් මදි.ඉදිරි ක්‍රියාමාර්ග වලට උදව් කරන්න.(හේ)
මේ අය මේ එන්නේ වෙන මොකක්දෝ විදිහකට කියලා මට හිතෙනවා (නි)
බුද්ධ චීවරයට පිටුපාල යම් යම් දේවල් කරනකොට අපි බලන් හිටියේ දැඩි පිළිකුලෙන්. ඔබවහන්සේලගේ බලය ගැන අධි තක්සේරුවක් කරගෙන මේ රටේ හැමදෙයක්ම පාලනය කරන්න පුළුවන් කියලා නම් හිතන්න එපා. (හේ)
දුශාන්, නැහැ මම ඔවුන් දේශපාලනයට පිවිසීම අනුමත කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම එවැනි දොස්නැඟීම් මම අනුමත කරන්නේ නැහැ.මම කියලා තියෙන්නේ ඔවුන් සිංහල ජාතිය තුළ ගොඩනඟන්නට උත්සාහ කළ ජාත්‍යාලය වටිනා බව පමණයි. (නි)
සිංහල අපි හැමදාම පැරදියි.(හේ)
නවීන රාජ්‍යයකට සුදුසු සහ නුසුදුසු අය ගැන හොඳින් සිතාබලා තීරණය ගතයුතුය (නි)
අපි බොදු රජෙක් බිහිකර හමාරයි. තවත් අය අපිට අවශ්‍ය නැහැ. (නි)
කන්න ඕනේ වුනාම කබරයත් තලගොයා වෙනවා.(හේ)
දෙමළ මුස්ලිම් සැවොම එකතු වී හමාරයි. සිංහලයා තවමත් බෙදිලා. මිනිසුනේ, දැන්වත් එකතු වෙන්න (නි)
මේ වගේ දේවල් අගය කළ යුතුයි.(හේ)
බොදු බල සේනාව අපි අවදිකළා. ඉදිරියටත් අපි ඔබ වහන්සේලා සමඟයි (නි)
බොදු බලේ එදා කියපු දේ අදත් හෙටත් වලංගුයි.(හේ)
සමහරු එනවා මෙතන අපිට බණ කියන්න (නි)
දින 100 ඇතුළත කරන්න යන මේ වැඩේ අපි අගය කරනවා. ආණ්ඩුවට ගොඩක් අය එකතුවෙනවා. ඒත් අපිට නම් කවුරුවත් විශ්වාස කරන්න බැහැ (නි)
අමල්, රටක ඉතිහාසයේ වටිනාකම නොදන්නවා නම් කරුණාකරලා ගිහිල්ලා ඉගෙනගන්න. ඊටපස්සේ කතා කරන්න. ඉතිහාසය නොදන්නා මතු පරපුරකින් අපි රට ජාතිය ආගම රැකගැනීම බලාපොරොත්තු වෙනවා නම් එය විහිළුවක්ම පමණයි (නි)
බොදු බල සේනා ගැන කතාකරල වැඩක් නෑ. (ස)
මොනවා? අදහාගන්නත් බැහැ (නි)
මම උපන්දා සිටම ඉතාම හොඳ බෞද්දයෙක්. මේ බොදු බලය හා රාවනා බලය මට ඉතාම පිළිකුල් සංවිදාන වූ නිසා මම හාමුදුරුවරුන්ට සැලකීම හා ගරු කිරීම සම්පුර්ණයෙන්ම නවතා දැමුවා. දැන් මම දානයක්වත් දෙන්නේ නැහැ හාමුදුරුවරුන්ට. මේ සංවිදාන බුද්දාගමට ලොකු හානියක් කරා අන්‍ය ආගමිකයන් කරනවට වඩා. (නදී)
කසුන්ලා වගේ උදවිය මේ රටේ දියුණුවට සමගියට අකුල් හෙලන පාර්ශ්වයන්ට උල් පන්දම් දෙන එක අපිට හරිම කනගාටුයි. (ස)
හේමා සහ ෂාම්, අර ආගම කියන ගමන් අනිත් අතින් කඩුව හෝ තුවක්කුවෙන් අසරණ මිනිසුන් අමු අමුවේ ඝාතන කරන එකේ බරපතල වෙනසක් නැද්ද ? මෙන්න පෙන්වා දුන්නා බිසිසුනු කම (නදී)
අනේ, අනේ කොහොමද කලින් කිව්වේ ? (නදී)
සිංහල බෞද්ධ අප වෙනුවෙන් තව දුරටත් හඩ නගන්න අපේ හාමුදුරුවනේ. (නදී)
කසුන්ගේ කතාව ඇත්ත. මම අනුමත කරනවා. සිංහල අපේ අයගෙම අදහස් දැක්කම හිතට දැනෙන්නේ පුදුමාකාර දුකක් (නදී)
රටේ අනාගතය ගැන හිතලා සැවොම වැඩ කරන්න.(හේ)
තිබුණු ආණ්ඩුවට හෙළ උරුමය විසින් ඇතිකළ ප්‍රශ්න වලට පිළිතුර බොදු බලය විය නොහැකිද? (බ)
සමහරු නම් එයාලගේ දඩබ්බර වැඩ වලට එයාලම ලකුණු දාගෙන කතාකරනවා. (නි)
භික්ෂුන් වහන් සේලා දේශපාලනය කිරීම වැරදියි. එය බුදු දහමේ අනුමත කරන්නේ නැහැ. භික්ෂූන් වහන් සේලාගේ යුතුකම වන්නේ පාලකයන් වැරදි මග යනවානම් ඔවුන් නිවැරදි මගට ගැනීමයි.බුදුන් වහන් සේ සිටියානම් මේ සියලු දෙනා උපැවිදි කරනවා නියතයි. (බ)
දේවප්‍රියගේ කටේ මසුරන් දාන්න ඕනේ. සිංහල බෞද්ධයගේ අසරණ භාවය, පීඩනය තමයි බොදු බලකායෙන් එළියට ආවේ. සිංහලයා තාම සුව නින්දේ උඹලා කවද්ද නැගිටින්නේ (බ)
අනේ කරුණාකරලා ආයේ පටන් ගන්න එපා ජාතීන් අවුස්සන්න. (ස)