මීරිගම අම්බන මහා බෝධි ළමා නිවාසේය සිට පාසල් යද්දී දුම්රියක ගැටිමෙන් මියගිය 11 හැවිරිදි දරුවාගේ අවසන්කටයුතු අද මැද කල්එළිය මුස්ලිම් පල්ලියේ දී සිංහල හා මුස්ලිම් දෙපිරිසගේ සහභාගීත්වයෙන් සිදුකැරිණි.
ළමා නිවාසයේ බොදු පරිසරයකට හුරු වෙමින් බුදු දහම උගනමින් වැඩුණු මොහොමඩ් අයාෂ් නමැති දරුවාගේ දේහය බාරදීමට ඔහුගේ මව සොයා ගැනීමට නොහැකි විය. වතුපිටිවල රෝහලේ දී මරණ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේ දී දරුවාගේ අවසන්කටයුත පල්ලියේ දී සිදුකිරීමට මුස්ලිම් පල්ලිවල නියෝජිතයෝ කැමැත්ත ප්‍රකාශ කළෙන් පොලිසිය හා පරිවාස දෙපාර්තමේන්තුව ද ඊට විරෝධතාවක් දැක්වූයේ නැත.
අම්බන මහා බෝධි ළමා නිවාසයේ පාලක මණ්ඩලය පරිවාස දෙපාර්තමේන්තුවේ ද කැමැත්ත ඇතිව කල්එළිය මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේ දරුවාගේ දේහය මිහිදන් කිරීමට පියවර ගැණිනි.
දේහය මුස්ලිම් පල්ලියට ගෙන ඒමෙන් පසු මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති සීතාඑළියේ චන්දවිමල, පරිවේනාධිපති මරදන්කල්ලේ සුසීම හිමි ඇතුළු සංඝරත්නය ද අවසන් කටයුතු සඳහා සහභාගී වී සිටියහ. හකම්දී අම්හර් මවුලවිතුමන් ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව සිංහල හා මුස්ලිම් පිරිස එක්ව දේහය මිහිදන් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ පරිසරයක හැදුන මුස්ලිම් දරුවාට වුණ අවාසනාවන්ත විපත හරිම කණගාටුදායකයි. නිවන් සුව පතමු! මේ අවස්ථාවේ මේ ආගම් දෙකේ සහජීවනය කොයිතරම් උසස්ද? ඒ මිනිස්සු ආගමෙන් ඉස්ලාම් වුණාට ශ්‍රි ලාංකිකයන්. (නි)
කාත් කවුරුවත් නැති ජීවිතයක් අවසානයේ දුම්රියෙන් නිම විය. (නි)
කමල් - සම්පූර්ණ සිද්ධිය හොදින් යනවිට, කිරිවලට ගොම දැම්ම වගේ කතා නොකරන්න. ළමයා ඉන්නේ මොන ආගමේද ඒ විදියට භූමදානය කරලා තියෙනවා. ඉස්ලාම් ආගමේ ඇදුම් පැලදුම්වලට පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට අදිනවා. හාමුදරුවන්ට කියන්න බැනේ ශාල්වර් අදින්න කියල. ඒ වගේ තමයි. සියලුම බොද්ධ යාළුවන්ට තෙරුවන් සරණයි (බ)
දැක්කහම හිත පිරුණා (නි)
නිමාෂා , මේ අදහස් ටිකේ,ලස්සනම මිනිස්කමෙන් පිරිපුන් අදහස් ටිකක් අද මම දැක්කා. මම එක සිතින් ඔබට ගෞරවය කරමි (නි)
අපිට ඕනෑ මෙහෙම රටක් මිස බෙදෙන්න වෙන්වෙන්න නෙමෙයි.මේ ආදර්ශය සමාජගත වේවා! අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන දේශපාලනයේ කඩේයන හොරුන්ට කණේ පහරක් වේවා! (නි)
මෙයයි නියම ශ්‍රී ලාංකිකත්වය (නි)
විකී, ඔබ කියූ අයුරු බොදුනුවන් එම ස්ථානයේ පුටුවල වාඩි වී සිටීම සහ මහා සංඝයා ඉදිරියේ මුස්ලිම් බැතිමතුන් බිම වාඩි වී සිටීම ගැන බොදු අප ලජ්ජා විය යුතුය. (බ)
ඇත්තටම දුකයි. ඒ දුක සමඟ සතුටකුත් දැනුනා (නි)
කමල් මහතාගේ අදහසට එකඟවන්න බැහැ.ඔබ වගේ සිතන අය වැඩිවුණොත් සංහිඳියාව නැතිවෙන්න ගොඩක්කල් යන්නෙ නැහැ. (නි)
මිය ගිය දරුවට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මනුස්සකමින් පිරුණු, සතෙක් මැරුණත් අනේ අපොයි කියන, දුකේදී සහ සැපේදී එකට එක්වී කටයුතු කරන ශ්‍රී ලාංකිකයින්ගේ අනන්‍යතාව ඔප්පු කරන හොඳම ( බොහොම කණගාටුදායක වුවත් ) අවස්ථාවක්. (නි)
මේක ඇත්තටම ජාතික සංහිඳියාවක අතිශය වැදගත් පියවරක්. (නි)
රටක වුණ වෙනස! (නි)
උසස් මනසක් ඇති අපි සැවොම ඔන්න ඔය විදිහටයි ජීවත් විය යුතුතේ (නදී)
හරි කණගාටුදායක පුවතක්,නමුත් මගේ ගමේ, මගේ පන්සලේ සහ අසල්වෙසි ගමේ මිනිසුන්ගේ එකමුතු බාවය පිළිබද ඇති වූ සතුට කියා නිමකළ නොහැක.සියලු දෙනාට පින්.(නදී)
අපේ රටේ බෙදුම්වාදය අවශ්‍ය දේශපාලකයින්ට මිස රටේ ජනතාවට නෙවෙයි කියන එක පෙන්වන තවත් එක් අවස්ථාවක්.අපට අවශ්‍ය වන්නෙ සමගියෙන් සාමයෙන් පිරුණ රටක්.. මිය ගිය දරුවාට නිවන්සුව ලැබේවා..!(හේ)
හරිම දුක්බර හා හැගීම් බර පුවතක්. වෙනදා අදහස් දක්වන බොහෝ අය මෙතන නැතිවීම අවාසනාවක්. (නදී)
ඉතා හොඳයි. පිවිතුරු මුස්ලිම් පල්ලියක් (නදී)
මේ අහිංසක දරුවාගේ අකල් මරණය ගැන අපේ බලවත් කණගාටුව! දරුවාගේ අවසන් කටයුතු සමගියෙන් සිදුවුණ හැටි ඉතා හොඳයි. ආගම් දෙකකින්ම ආශිර්වාදය ලැබුනා. (නි)
අපේ නොබෙදුන රටේ හොද අාදර්ශයක් සැමට ඒ දරුවගේ අකල් මරණය ගොඩක් දුකයි.ඇයව රැකබලාගත්බොදු නිවාසයටත් අවසන් කටයුතුවලට ඉදිරිපත් වුන මුස්ලිම් පුජකයන්හා සැමට අපේ ප්‍රණාමය (බ)
හදිසි අනතුරින් අප අතරින් වෙන්වූ එම දරුවාට නිවන් සුව පතමු! මෙය සැබවින්ම ලොවටම ආදර්ශයක්. අපිට පාට පක්ෂ ,ආගම්, ජාතිය ,කුලය වැඩක් නැහැ. ඒවා තමයි මිනිසුන් අතර ගැටුම් ඇති කරන ප්‍රධාන මුලාශ්‍ර.අපි ශ්‍රී ලාංකිකයෝ ලෙසින් එක්වී කටයතු කරමු. එවිට අපි විනාශ කරන්න ලෝකයේ කිසිම බලවතෙකුට නොහැක. (නි)
හැඟුම්බර පුවතක්. ලංකීකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා.මෙම පුවත පළකළාට ස්තුතියි! (නි)
අප තුළ ඇති මිනිස්කම පිළිබඳ සංවේදීකම නිසාම අප විපතකින් පසු ලෝකෝත්තර සුවයක් පතා සිත් සැහැල්ලු කර ගනිමු. එහෙත් ලෞකික වශයෙන් දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ආරක්ෂාව වෙනුවෙන් සමාජය සතු වගකීමෙන් පළාගොස් මේ චෛතසික සුවය කිසිසේත්ම ලබන්න බැහැ. (නි)
දරුවාට නිවන් සුව! (නි)
මෙම දරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙවන් සංහිඳියාවක් ඇතිකළ සැමට ස්තුති කරමි (නි)
මේ වාගේ හොඳ වැඩක් කළ සියඵම දෙනාට ගොඩක් පිං! (නි)
මේක තමා වෙන්න ඕනේ සමගියෙන් ඉන්න එක(නදී)
අනේ පව් මේ පොඩි ළමයා, මේ වගේ පුවත් කියවෙද්දී හිතට හරි දුකක් දැනෙන්නේ, එ්ත් මේවගේ වෙලාවේ දෙගොල්ලම එකට වැඩකරපු එකනම් හොඳ දෙයක්. (බ)
ඔබ සැමට පින් !!!! (බ)
පවු අසරණ දරුවා.අපි කවුරුත් මැරෙන මිනිස්සු.එහෙම හිතලා මේ කල උතුම් සත්කාරයට දායක උන සියලුම ආගමික උත්මයන්ට මගේ ගෞරවාදරය පිරිනමමි. (බ)
පසු පසින් වුනත් , පෙනුමින් සිංහලයන් හිමිවරු සමග සම අසුන් වල. නමුත් මුස්‌ලිම් වරු බිම. අන් අය හදන්න කලින් සිංහලයන් ඕනේ (බ)
කාගේත් එකමුතුව ඉතා අගනේය. දරුවාට නිවන් සුව! (නි)
හොඳ පණිවිඩයක් හැමෝටම. සාමදාන අවසානයක් ලබාදුන් සැමට ස්තූතියි. මේ පණිවිඩය කියවා මට සතුටුයි (බ)
ජීවත්ව සිටින කාලයේ තමන්ගේ ආගමින් සැලකිලි නොලද දරුවෙකු මිය ගියාට පසුව ඒ ආගමින් අවසන් කටයුතු කිරීම විහිලුවක්. උපතින් මුස්ලිම් කියලා ආගම වෙනස් කරන්න බැරිද? බෞද්ධ බොහෝ අය අද ඉස්ලාම්, කතෝලික වෙලා ඉන්නවා. සංහිදියාවට නම් බෞද්ධ අප විතරක් නොවෙයි මුස්ලිම් අයත් මැදිහත්ව සිතන්න අවශ්‍යයි. සිංහල සිරිත් ඇදුම් පැලදුම් භාවිතයෙන් වියකෙද්දී මුස්ලිම් අය වඩ වඩාත් ඇදුමින්, භාශාවෙන්, සිරිතෙන්, තම අනන්‍යයතාවය ඔසවා ගෙන යනවිට කොහොමද සංහිදියාවක් ඇති වන්නේ. පොදු සමාජයෙන් ඉවත් වෙන්නේ බෞද්ධයාද? මුස්ලිම් ජාතිකයාද? කියා බුද්ධියෙන් විමසන්න. අප විතරක් සංහිදියාවක් කතා කිරීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? (බ)
ඔහුගේ උපත අනුව ඉස්ලාම් ලබ්ධිකයෙක් නිසා මේ තීරණය ඉතාමත් ආදර්ශවත්. ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. මේක ලංකාවේ පළමුවරට වාර්තාවුණ පුවතක් වියහැකියි. (නි)
අපිට ඕනෑ මෙහෙම රටක් මිස බෙදෙන්න වෙන්වෙන්න නෙමෙයි. ගොඩක් පින් මේ පුවත පළකළාට (නි)
රටක ජනතාව හැම අවස්ථාවකම ජාති,ආගම බේද නැතුව එකතුවෙලා වැඩ කරනවා නම් ගොඩක් හොඳ හෙට දවසක් හැමෝටම උදාවේවි (නි)
කොහේ හිටියත් ආගම වෙනස් කිරීමට බල නොකිරීම ගැන සතුටුයි (නි)
සාමයෙන් ජීවත්වීම හොඳ ආදර්ශයක් (නි)
මේ දරුවාගේ අහිංසක දරුවාගේ පිහිටෙන් ඉතා වැදගත් පාඩමක් සමාජගත වුණා.ඉතාම කාලෝචිත ක්‍රියාවක්.මේ දරුවාට ඒ පිනම ඇති හොඳ තැනක ඉපදෙන්න.අපේ ලංකාවේ මිනිසුන්ගේ හදවත් කොච්චර සංවේදී සහ ලස්සනද කියල ප්‍රතිචාර වලින් තේරෙනවා.සියලු දෙනාට තෙරුවන් සරණයි (බ)
බලන්න ස්වාමින් වහන්සේලාට පනවපු ආසනයේ සුදු රෙදි පවා දමලා. මොන තරම් සැලකිල්ලෙන්ද මේ මුස්ලිම් ජනයා ඒ කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. ඒ අසරණ දරුවාට මගේ ආගමට අනුව නිවන් සුව පතනවා. (නදී)
ඉතාමත් ආදර්ශවත් පුවතක්. අපිට ඕනෑ මෙහෙම රටක්. අපි හැමෝම මිනිස්සු ජාති ආගම් වලින් වෙන්වුණාට අපි හැමෝම ලාංකිකයෝ. අපිත් කැමති මෙහෙම රටක් හැදෙනවට තමයි. අපි ගෞරව කරනවා මේ භික්ෂුන් වහන්සේලාට. (නි)
කමල් පෙරේරා මිලානෝ ඉතාලිය - මහත්මයාණෙනි. මුස්ලිම් අය ඇඳුම් පැළඳුම් හා වෙනත් සිරිත් විරිත් වලින් වෙනස්වුණ පළියට ආගමික සංහිඳියාවට කෙසේද බාධාවක් ඇතිවෙන්නේ? (නි)
ඔය සහෝදරත්වය සදාකාලික නම් අපි මොනතරම් පින්වන්තද? (නි)
ජනමාධ්‍ය තුලින් සමාජයට මෙවැනි යහපත් දේවල් දැන ගැනීමට සැලැස්වීම ඉතාමත් වටිනා දෙයක්. අවවාද වලින් තොරව ආදර්ශමත් මහඟු පියවරක් (නදී)
මට නම් මේ කාත් කවුරුවත් නැති දරුවා දුම්රියේ හැපී මියගිය පුවත ඇසුවාම ඇති වුන වේදනාව අප්‍රමානයි. (ස)
කමල් පෙරේරා මිලානෝ ඉතාලිය, නිකන් ඇඳක් වගේ අදහස් පල කරන්න එපා. ඔයාල වගේ මිනිස්සු තමයි සමාජයේ ඉන්න පිළිල. මෙතන කොපමණ අගය කලයුතු සුහදතාවක් තියනවද ? ඒ සුහදතාවය අගය කරන්න. මුස්ලිම් මිනිස්සු ඔවුන්ගේ කුරානයේ හැටියට ඔවුන්ගේ අනන්‍යතාවය තියාගන්න ඔවුන් සතුටු නම් ඔයාට අනන්‍යතාවයක් නැත්නම් එ්කට කාටවත් ගරහන්න එපා. කාවවත් විවේචනය කරන්න ආගම උගන්වන්නේ නැහැනේ. මෙතන මේ මේ තියන සාමය ගැන අගයකරන්න (නදී)
මෙතන පල කර ඇති අදභඝ් දකිනකොට ඉතාමත් සංවේදී ඛචක් දැනැනචා. මෙම ඝභෝදරත්චය තාමත් අප තුළ තිබීම ගැන ලොකු ආඩම්ඛරයක් භිතතුල ඇතිවනවා. කව්රු මොනදේ කිවීවත් අපි භැමෝම මිනිඝ්ඝු කියනදේට මෙය භොද ආදර්ශයකි. (බ)
බොහොම වැදගත් ආදර්ශයක්.(හේ)
හිසනමා ආචාර කරනවා ඔබ සැමට! (නි)
මෙතනින්ම පෙනෙනවා 99%ක්ම ජාතික සංහිඳියාව අගය කරන බව (නි)
ජීවත්වෙන ටික කාලයේ ඇයි ගහමරා ගන්නේ? හැමෝම මැරෙනවා (නි)
ආගමික සංහිඳියාව ජාතික අවශ්‍යතාවයක් (නි)
මෙන්න මේ වගේ ප්‍රවෘත්ති තමයි අපි අහන්න කැමති. බලන්න කොච්චර ආගමික සහජීවනයක්ද? (නි)
ඛේදවාචකයක් තුළින් හෝ එකම රටක ජීවත්වන ජන කොට්ඨාශ දෙකක් එක්වී මුස්ලිම් දේවස්ථානයක් තුළදී ආගමික වතාවත් වල යෙදීම කලාතුරකින් දකින්න ලැබෙන දසුනක්. අහන්න ලැබුන ප්‍රවෘතියක්. (නි)
ජිවත්ව ඉන්නවිට පිහිට නොවු පල්ලිය.......(ස)
හිරු එළිය, වායුව, ජලය නිදහසේ අප භුක්ති විඳිනතාක් අපට වෙන්විය නොහැකි බවයි සත්‍යය. භූමියේ වෙසෙන අවංක මිනිසුන් එය දන්නවා. උගත් පාඩම් වැරදි ලෙස කියාදුන් බුද්ධිමතුන්ට මෙය පාඩමක්.පන්සලට,කෝවිලට, පල්ලියට, දේවස්ථානයට අවශ්‍ය සමාජ මෙහෙවර කරන්න ඉඩදී දේශපාලකයෝ අයින් වෙනවා නම් හොඳයැයි හිතෙනවා. මේ ආදර්ශය සමාජගත වේවා! (නි)
මේක නම් ඉතාම ආදර්ශවත් කටයුත්තක්! අප සැමගේ ආශිර්වාදය ලැබෙනවා! දෙනෙතට සතුටු කඳුළු උනනවා! (නි)